Showing posts with label POETRY. Show all posts
Showing posts with label POETRY. Show all posts

Wednesday, August 1, 2012

නුඹත් හරි පුදුමයි ...




මේ නිසල අහස යට
සිහිනයක් වී වත්
එකම එක වරක්
 සිතේ රැදෙන්නට
බැරි නුඹ...

නොකියාම ඇවිත් ලගට
හිත් මානයේ සැහැල්ලුවට
සිනිදු මුදු දෙකොපුලින්
සිනාසී සරදමට
යන්න ගියා ඈතට...

කවදාවත් නොමැකෙන්න
හදවතේ පත්ලේම
පෙම් කවිය කුරුටු ගෑ අපූරුව
සොදුරු ආදරය...

නුඹත් හරි පුදුමයි.

Friday, April 13, 2012

Sunday, March 18, 2012

A Masher Mellow





Contemplated how we used to talk
Old days while down street we walk
Ran in rain laughing as were getting soak
And few desparate days we were hated to ask

Enliven hopes forcen in to mind
Even let you be that much of kind
 I knew you are free beeing winged
Still feel same but we were happily lived

I'm never beseeched you knew
But was that  the mistake I outgrew
From  that moment said you have flew
Dissevered souls mashed by a masher mellow













Monday, January 10, 2011

නුඹට දැනෙනුයේ නැතිද..








කාලය ගත වන විට ආලය සැගව ගිය අයුරු දැක ..

වේදනාව සිරකොට අගුලු දැමුවෙමි සිතට ..
ජීවිතය මොහොතකට සතුට දැනෙන විට ..
නුඹේ ඔය සිනහව නෑසුනේ නෑ හැමවිටක ..

තිර කලත් මගෙ සිතට..
නුඹ යලි නො එන වග..
නොහැගේ නුඹ මාගේ නොවන වග..
සේයා රුව දකින හැම විටක..

නිරතුරුව සිහි නොවන ලෙසින් සැගවා තබන ..
නිම් නොවන සෙනෙහසේ මුදු සුවද ..
මා සිහි කරන විට..
නුඹට දැනෙනුයේ නැතිද..


Monday, September 20, 2010

නුඹ නම් ...

Thursday, September 16, 2010

Thursday, August 12, 2010

මව් වරුන් නුදුටුවන් දුටුවෙම් ...



මතකයන් සිහිපත් කරමින් ...
විටක සතුටද ...
විටක දුකද ...
හිමි වෙමින් ...
හිමි කරමින් ...
වෙන්ව ගිය නුඹ ...
කිරි සුවද මතකයට එක් කොට ..
යලිත් නොයෙන බව දැන දැනම ...
හිරු රැසට වියකී නොහී පිණිබිදක් මෙන් ...
හිරු නැගෙන්නට එපා යයි ඉකිගසමින් ...
ඈත ඉම දෙස දෙස බලා සිටියේය...

Thursday, July 15, 2010

මතු දිනේ රැදෙන්නට මතකයේ එක් කොනක...


කාලයක් පුරාවට
දැන කියා ගත් කමට
නොකියාම නික්මෙන්න
සිත වේදනා දැනුනි මට..

මිතුරු කැල වට කොට
තෙපලු බස් සිහිවන විට
නගම්දෝ සිතිනි මට
සිතුවිල්ල ක්‍රියාවට ..

සිත් නිවන ගිම් තොටට
කාලයක් යනෙන ඔබට
කියන්නට අවසරයි
මා සමුගත් වගට...

අවැසි නම් පෙර දුන්න
සටහන් පිටපත් ගන්න
නුඹට දැන් කාලයයි
මිතුරාට සමු දෙන්න...


මාත් එක්ක අත්වැල් බැද රැදී සිටි සියලුම බ්ලොග් ලේඛක හා පාඨක පිරිසගෙන් අදින් මාගේ බ්ලොග් පිටුව සමුගන්නේය.....
වසර දෙකක කාලයක් මා හා රැදී සිටි ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි... soal

rindu------------------------------------------------------------------

මතු යම් දිනෙක මගේ ජීවිත ගඟ යලිත් මේ තොටුපල පසු කොට ගලනු ඇත....

hah babai

Monday, July 12, 2010

සදහටම නික්මෙන්නේය .....................................................

අපේ ලොව මතු නෑගීමට
තුන් රෑ නිදි මැරූ මට පිස්සුය...
නිතිපතා ඔය නෙතු දකින වස් මග දිගට ගෑටූ මට පිස්සුය
ජීවිතය නුඹ මැයි සිතූ මට පිස්සුය
ඉකිගසා නොහැඩු මුත් කෑගසා මැරෙන ලෙස මට පිස්සුය
වචනයක් පිලිවෙලට ලිවිය නොහැකි ලෙස මට පිස්සුය
කිසිදෙයක් කර ගත නොහැකි ලෙස මට පිස්සුය
කතා කල නොහැකි ලෙස මට පිස්සුය
කියා ගත නොහැකි ලෙස මට පිස්සුය
තේරුම් කර දිය නොහැකි ලෙසටම මට පිස්සුය
මතක් කල නොහැකි තරමට මට පිස්සුය
ඔව් මට පිස්සුය මම පිස්සෙක්ය
නමුත් මේ පිස්සා වරක් නුඹට පිස්සෙක් ලෙසම ආදරය කලේය.
කාලය ඔසුව කොට පිස්සුව කලක නැතිවනු ඇත.
නමුත් නැවත නම් මගේ ලෝකයට එන්නට නම් එපාය..
වල දැමූ මතකයන් ගොඩ ගන්න නම් එපාය..
නුඹේ ලෝකය සැප සම්පතින් පිරීයන්...
නුඹ පතන හැම දෙයක් ලැබීයන්..
මෝඩ පිස්සා හදවතින්ම පතා ..


සදහටම නික්මෙන්නේය .....................................................

පෙම්වතිය ගිය කලක..


missed call නැත !
messages නැත !

ඇගේ සින්දු නැත !
මගේ බයිලා නැත !

පැණි නැත !
බටර් නැත !

ජීවිත හෝටලේ පරිප්පුද නැත !

සිහිනයේ Display ද නැත !

කවියේ Alignment නැත

ජීවිතේ මෙලෝ රහක් නැත..!!!

Sunday, July 11, 2010

පෙම්වතියගේ මූණු පොතේ මුරපදය යනු??




දැන සිටීමෙන් - විශ්වාසයද
නොදැන සිටීමෙන් - පසුතැවීමද
සොරා ගැනීමෙන් - තරහවද
විමසීමෙන් - සැකයද
භාවිතයෙන් - සිහි විකල් වීමද

ඇති විය හැකි ඉතා අමුතුම වර්ගයේ ලිටරරයකි...

Tuesday, June 22, 2010

බලන්න මව් සෙනෙහසක මහිම...


පෙනෙන දේ කෙටියෙන් කියන්නම් මේ දෙන්නා අම්මායි දුවයි.අම්මා පූසිගෙ ලගදි අඩු මාසෙන් බිහි කරපු දරුවා මෙලොව අතහැරින්න යෙදුනා දවස් දෙකකින්ම......

පූසි අම්මා පූසි අර පැටියා හිටපු පෙට්ටිය ඇතුලට ගිහිල්ලා  අඩ අඩ තමා හැම තිස්සෙම හිටියේ.....

පස්සෙ ඒ අතරෙදි වැඩිමහල්  පොඩි පූසි , අම්මා ලගට ගිහින් අම්මාගෙන් කිරි බොන්න පුරුදු වෙලා.පොඩිඩිට වයස වසර එකහාමාරක් විතර.ඒත් පේනවානෙ ඉන්න හැට් බබා වගේ.පූසි අම්මාත් මෙයාව නාවලා එහෙම අර  එරෙන කිරි පොඩිඩිට බොන්න දෙනවා ......

මේ අම්මාගේ දුක දරුවන්ට දැනෙන හැටිද.එමෙන්ම මුහුකුරා ගිය දරුවා වුවත් තාමත් කිරි සප්පයෙකු ලෙසට අම්මාට දරුවාව  පෙනෙන හැටිද........


Thursday, June 17, 2010

කඩියා කිව් බලු කවිය..

කඩියා බලු පැටියාය සේනානායක ලා හට සිටිය..
හිටියත් නෑ වගේ බව්වා හොර ගෙඩියා සරිය..
කම්මැලි උනත් මූ එවරෙඩි වෙනතැන ජල් බරිය..
කඩියා සිතු දුටු දේ කියමි වීලා හරි බරිය..

තුම්පනේ ඉදලයි කෑකෝ ගහන්නේ..
කල් බලා නොයිද මේ හැටි වරෙන්නේ..
මුන් මහ ලොකුද කෙරුමොද අඩන්නේ..
සයිලන්ස් වෙයව් පුම්බා උඩ අරින්නෙ..

උඩුපිලයි යටිපිලයි වාගේ වාදෙක පැටිල..
පැටිල ගෙ මස්සිනා වගෙ අරගෙන දුම්මල කැකුල..
අනේ සුදු පැටිලා දන්නවානම් මුගෙ පැටිකිරි මගුල..
ගහලා පන්නලා අරගෙන ගහලා බත් මේසේ පුටු කකුල..

දෙන්නම් වෙන්ඩ සම්බෝල  බඩ ලොකු කලු මී තඩියෝ..
කියලා සෙට් වුනා ගේමට පැටිලාලගෙ ගැන්සියෙ කොලු ගැටයෝ..
උන් පොඩි පොඩි බඩි උනත්  උන් වෙරි සොරි ඒ හැටි ගිනි ගෙඩියෝ..
දුන්නනොත් ලෝකයක් වලදා බොයි වතුර මුන්නම් වන නරි සරියෝ..

බල්ලා උඩු බුරයි ඉදගෙන සයිඩ් එකෙන්..
පැටිලා කියයි කෑගසා යන්නට  සයිට් එකෙන්..
කොහි යනු බොරුය ඇවිලුනු මහ ෆයිට් එකෙන්..
බිලලී අහු වියන් යමි අරගෙන මලකුන බයිට් එකෙන්..

අනේ මස්සිනේ නුඹ දත් අල ගුලිය..
තා හිතුවාද ගන්නට ලේසියට මගෙ පලිය..
අනේ තොගෙ වස්ත්‍රය මා නොදනී උඹෙ බලිය..
පලයනු දොට්ට දෙන්නෙමි පහර ගෙන හාල් ගරනා නැලිය..

එන පොට හොද නැතිබව පසක් විය..
ගිය අවුරුද්දෙ දිව් මැරතන් මතක් විය..
දැන් ඇති හොදොටෝම මේ ලෙස බයිට් විය..
වර ඒ පැත්තෙ දෝනියා මම යමි ඔහු මාරු විය..





නිමිත්ත...

පැටිලා(අන්වර්ත නාමයකි) යනු අසල ගෙදර සිටි සේනානායක(අන්වර්ත නාමයකි) වූ අයෙකුගේ රෑමත් තරම් පොහොසත්  දුව වූ අතර කඩියා(අන්වර්ත නාමයකි) යනු එහි සිටි ජර්මන් ෂෙපඩ් වර්ගයේ බලු
තඩියාය.මස්සිනා ලෝක අමාරු කාරයෙක් බවද පැටිලා හා විවාහ ගිවිස ගැනීමට කැමැත්තෙන්ද සිටිබව  සොයා ගන්නා ලදී .

 (කොලඹ බෝඩිමේ නැවතී සිටියදී එක් රාත්‍රියක මා අත්ලද සත්‍ය සිදුවීමකි)

Wednesday, June 9, 2010

අන්න ඒක නිසා..


මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න.
මට කැමති හැම දෙයක්ම ගන්න.
ඒ දේවල් කවදාවත් මට තිබුනේ නැති නිසා….
මට කැමති තැනකට යන්න.මම කැමති විදිහට ඉන්න.
අනේ එහෙම ඉන්න කවදාවත් ඉඩ නොලද නිසා …
අතේ තියෙන ගාන බලලා බඩගින්නේ  ඉන්නෙ නැතුව
හිතේ හැටියට දෙයක් කන්න මට ආස නිසා…
එක දවසක් රෑ එලි වෙනතුරු පොත නොබලා නිදාගන්න.
එහෙම දිනක් කවදාවත් මතක නැති නිසා…
වතුරෙ පොගලා පාන් කාලා,තුන් වේලම පිරිමහලා,මේ තරමට දුක් වින්දේ ..
අන්න ඒක නිසා...

Thursday, May 13, 2010

අවසරයි මට යන්න ...



සිතුවමක් මවන්නට ...
පද පෙලක් ලියන්නට..
හීනයක් දකින්නට ...
හැකි වේද පිලි ගන්න
මගේ සිත මොහොතකට ...

ඉති සිතින් නුඹ පතන ...
ඒ සිහින ඉටු වෙන්න ...
පතන්නම් මුලු හදින් ...
සදා ඔබ සැනසෙන්න …

විසල් සයුරක කොනක....
හිරුත් කිමිදෙන විටක....
රැදෙන්නට නොහැකි නම්...
මගෙ මතකෙ උණුහුමට...

නිදහසේ පියඹන්න ...
මදහසින් හිනැහෙන්න ...
මානයෙන් නුඹ ඉන්න ...
අවසරයි මට යන්න ...

Wednesday, February 24, 2010

ආදරය කරන කොට හිතට එන දේ... කරන්න වෙන දේ....

Getting Ready for a New Era in LIFE... But, Still have to B E lie V E.... Caz, you are my M O one in Every Cold Silent Night...And you know it....

ජිවිතේ වෙනස් උනා කියල හිතෙනවා.බොරු බව දැන දැනම ව්ශ්වාස කරන්න හිත බල කරනවා.සෑම සීතල නිහඩ රැයකම නුඹ මගේ සදවතිය බව නුඹේ සිත දන්නවා....