Showing posts with label මට හිතෙන හැටියට. Show all posts
Showing posts with label මට හිතෙන හැටියට. Show all posts

Saturday, July 14, 2012

අපි කිව්වෙ අනාගතය කියලා.,...



බලාපොරොත්තු කියන දේත් හරිම පුදුමාකාරයි.අපි ජීවත් වෙන්නෙ ඒ නිසා.සතුටුවෙන්නෙ ඒ නිසා.ඒවගෙම තමයි දුක් වෙන්නෙත් නැති උන බලාපොරොත්තු නිසා.දෙයක් කරන්න ගියාම අපි සැලසුමක් හදනවා.ඒ සැලසුමේ එක් කෙලවරක අවසානය කියන බලාපොරොත්තුව තියෙනවා...


සමහර දේවල් අලුතින් එකතුවෙනවා බලපොරොත්තු වක් නැතුවම.ඒක හොද දෙයක් නම් අපි ඒකට කියන්නෙ වාසනාව කියල, එහෙම නොවුනොත් අවාසනාව , නැත්නම් නොලැබීම , කරුමෙ , පින නැතිකම, ඔය ඕනි එකක්.වාසනාව තිබ්බොත් අපි හිනා වෙනවා.නැත්නම් දුක් වෙනවා තමන් ගැනම. දුක වැඩි උනාම අපි කල්පනා කරනවා , අඩනවා , තවත් තැනකදී හිංසාකාරී දෙයක් උනත් කරගන්න පෙලෙඹෙනවා.ඒකෙන් තවත් කෙනෙකුල බලපෑමක් වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්.කරන්න ඕනි බලාපොරොත්තු අත්හැරීම නෙමේ නේද? 

වාසනාවත් හොයාගෙන යන්න බැහැ නෙ.හැබැයි අධිශ්ඨානය  තියෙනවා නම් , කැපවීමෙන්  වැඩ කරනව නම් කවදාවත් බලාපොරොත්තුව අපිව දාලා යන්නෙ නම් නැහැ,..

ජීවිතේ අපිට පේන හැමදේම ඒ තරම්ම සරලත් නැහැනෙ....
කියන්න හැදුවෙ මොකද්ද කියලා ඔයත් තේරුම්ගන්න ඇති.බලාපොරොත් තු කියන දේ නම් මටත් නැහැ තමයි,හැබැයි වගකීම ඉවර වෙනකම් මමත් තාම ඉදිරියට ඇවිදගෙන යනවා...

මට හිතෙන හැටියට දෙයක් නැති උනාම අඩලා දුක් වෙලා වැඩක් නැහැ.හැබැයි දෙයක් වෙන්න කලින් ඒ ගැන කලින් හිතලා බලලා තීරන ගන්න එක තමයි හොදම දේ කියලයි මම විශ්වාස කරන්නෙ,..

මොකද දෙයක් උනාට පස්සෙ ඒක අයිති අතීතයට , වෙනස් කරන්න බැරි තැනකට.නමුත් තව මොහොතකින් අතීතයට යන මේ ගෙවෙන තත්පරයට මේ මොහොතට කලින් අපි කිව්වෙ අනාගතය කියලා.,...

Sunday, March 4, 2012

සෙල්ලමට අයිති නැහැ...




හැම දෙයක්ම ඒ විදිහටම උනේ නැතිවුනත් සමහර දේවල් ඒ විදිහටම වෙනවා.අනාගතේ දිනක එදා ගත්ත තීරණය හරි කියල තේරුම් ගත්තට, ඒ නිසා අහිමි කරගත්ත දේවල් කවමදාවත් ආයෙ ලබා ගන්න බැරි තරම්ම ඇතට ගිහින් තියෙනවා.ලොකු බලාපොරොත්තු නැති නිසාම කිසිම දේකට ආසවක් නැහැ තමයි.ඒ උනත් හිත කියන දේ රවට්ටන්න අමාරුයි හැම වෙලාවෙම.

 කෙනෙක් ගෙ සතුට වෙනුවෙන් ජීවිත්යෙන් ඔට්ටු අල්ලන මිනිස්සු තව කොච්චර ඇද්ද කියලත් හිතෙනවා.ඕනිදෙයක් වුනාට කමක් නැහැ කියලා ආත්මාර්ථකාමී තීරණ මිනිස්සු ගන්නෙ ඇයි කියලා තේරුම් යන දවසට හිතේ සතුට මගෙන් ගොඩක් දුරට ගිහින් ඈතට වෙලා බලන් ඉන්නවා.ඒ ආයේ කවදාවත් නො එන්න ම ....

එක පාරක් කරපු වැරද්ද ආයෙ පාරක් කරන්නෙ නෑ කියන්න පුලුවන් වෙන්නෙ තවත් වාරයක් එනවා නම් විතරයි.හැබැයි සමහර අයට සමහර දේවල් නැති වෙන්නෙ සදහටම.ඇස් ඉදිරිපිට තිබ්බත් ආයෙ නොපෙනෙන්න.විදවන ජීවිතය විදින්න හැමෝටම වාසනාව නැහැ නේද කියලා  හිතුනා....

ජීවිතය හරියට දාම් ලෑල්ලක් වගෙ.ඉස්සරහට දැම්ම ඉත්ත  එහෙට මෙහෙට පනින එක නවතින්නෙ එක්කො සෙල්ලම දින්නාම නැත්නම් කැපුනාම.ඉස්සරහට යනවා ඇරෙන්න වෙන උත්තරයක් නැහැ.
කව්ද කොතැනද වරද කලේ කියන්න පුලුවන් උනත් , දැන් ඒ කිසිම දෙයක් සෙල්ලමට අයිති නැහැ...

Wednesday, November 23, 2011

නේද ?

ඇතැම් විට දේපල ඉඩ කඩම් මිනිසුන් කොච්චර නම් වෙනස් කරනවද ? ඒත් එක මව් කුසින් ඉපදුනු තමන්ගෙ සහෝදරය ඔත්පල වෙලා ලෙඩ ඇදට වැටුනහම බැරිවෙලාවත් බෙදුවොත්  ඒ අසරණ මනුස්සයගෙ පංගුව ගන්න බලාගෙන ඒ කෙනා මැරෙණකම් බලා ගෙන කරන්න පුලුවන් තරම් හැම හතුරු කමක් ම කරලා , අර ලෙඩ ඇදට වැටිච්ච මනුස්සයාවයි අසරණ වෙච්ච භාර්යාවටයි ජීවිතෙ අප්පිරිය වෙන තරම හතුරු කම් කරන්න පුලුවන් මිනිස්සුත් මිහි පිට ඉන්නවා. ( අත්දැකීමකි )



එකම අම්මට දාව ඉපදිලා එකට අවුරුදු ගානක් හැදී වැඩිලා අන්තිමට අම්මගෙ මරනින් පස්සෙ උරුම වෙන්න තියෙන දේපල ටික බදාගෙන ඉන්න ඇයි මේ තරම් කෙනෙහිලි කම් කරන්නෙ.?

අපිත් කවදහරි දවසක මැරෙනවා. නේද ?

Sunday, October 30, 2011

මේ දවස් වල මොකද වෙන්නෙ...



කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.එක එක ඇබැද්දි ඉතින් උනානෙ.කොහොමින් කොහොම
හරි දැන් නිප්පා මෘදුකාංග ඉන්ජිනේරුවෙක් විදිහට පුහුණුව පටන් ගත්තා.

අලුත් ඔෆිස් එකේ(ලින්ක්) යාලුවො සෙට් එකත්(ලින්ක්) මරු.හරිම ෆිට්.යන්න එන්න වෙලා නෑ.වැඩේ කරන්වනම් අනම් මනන්
කම්ප්ලේන් ඇපෘවල් නෑ.තමන් ගෙ පාඩුවෙ නිදහසේ ඉන්න පුලුවන්.ඔෆිස් එක තියෙන්නෙ මෙන්න මෙතන(ලින්ක්).වෙල් ෆේයා එකෙන් සෙට් එකම ජොනි ඉංග්ලිශ් බලන්නත් අරන් ගියාලු :D

පොඩි කොස්සකට තියෙන්නෙ අපි සීනියර් ලට කතා කරන්නෙත් එයලගෙ මුල් නමෙන් (no sir / miss ).මුලදි නම් ටිකක් විතර අවුල්.ඒත් කම්පැනි වත් පිලිවෙත් වලට පිටුපාන්න බෑනේ.. O.o නිවාඩු ගියත් ගෘප් මේල් එකට මැසෙජ් එකක් දාන්න විතරයි ඕනි.සරලව කිව්වොත් නිදහස උපරිමයි...

ජාවා ඩොට්නෙට් තමා ගොඩක් දුරට අපි යොදා ගන්නේ.ඉදිරියට ඒවා ගැනත් ලියන්නම් කෝ..
අපේ ගොඩාක් මෘදුකාංග(ලින්ක්) හදන්නෙ ස්වීඩන් වලට.ඇන්ඩ්‍රොඩ් මොබයිල් වලටත් මෘදුකාංග ලියනවා.අලුත්ම
තාක්ශණය පාවිච්චි කරන්න අවස්ථාව ගොඩක් වැඩියි.

ශාකුන්තලගෙ බ්ලොග්(ලින්ක්) එකයි , කොටුවෙගෙදරයි(ලින්ක්) කියවන්න ආපු ගමන් තමා පෝස්ට් එක දාන්න හිතුනෙ...
හසිතගෙ බ්ලොග් එක නම් දැන් නැතිද මන්දා...
අශානුත් කොහෙද මන්දා
:(

හ්ම්ම් දැන් ලියන්න කම්මැලි වගේ... දැනට ඇති..

මම අලුත් ෆිල්කර් ස්ට්‍රීම් එකක්(ලින්ක්) දැම්මා.ඒකත් බලන්න.

Wednesday, October 19, 2011

අවසානයක් දකින්න ....


ජීවිතේ අපි හිතන දේ එහෙමම වෙන්නෙ නෑ නම් තමයි.ඒත් සමහර දේවල් දිහා බලන කොට හිතෙන්නෙ අපි මේ සංසාරෙ එකම තැන කැරකෙනවද මන්දා කියලයි.ජීවිතය සැපවත් කිරීම හෙවත් ඇස කන නාසය දිව ශරීරය පිනවන්න අවශ්‍ය දේවල් හුවමාරු ක්‍රමේට මාරු කරගන්න අතමැදි වශයෙන් පාවිච්ච් කරන්න ඕනි දේවල් හම්බ කරගන්න අපි දවස ගානේ කොච්චරනම් වෙහෙස වෙනවද?

ඒත් අපි සතුටු වෙන්නෙ නෑ නේද?හැමදාම අලුත් ප්‍රශ්ණ,අලුත් බැදීමක්,අලුත් බලාපොරොත්තු....
ජීවිතේ බැදීම් වලින් මිදෙන්න පුලුවන් වුන දවසක මම මේ හැම දේකටම උත්තර හොයාගෙන යනව...
ඒ චක්‍රයක අවසානයක් දකින්න ....