Sunday, April 28, 2013

තාලය...

විසි හතර පැයෙන්
තුන් තිස් පැයක වැඩ
නිම කරන්න වෙර දරන
අවිවේකී දින චරියාව

තත්පරක නිදහසක
මුල් පද හැරුනු කොට
නුඹට මතකද ඇසූ ගීයේ
තිබූ තාලය.....

~ නිපුන

Wednesday, March 27, 2013


නිරන්තර සිතුවිල්ලක..
යළි පටන් ගැන්ම..
අයාලේ පාවෙන..
වළාකුලකි..

සීමාව කෙළවරට වී...
දෑස් දල්වා බලා සිටියෙමි...
තවත් දිනක් ගෙවී ගිය සැටි...

Tuesday, March 12, 2013

ඩොන්ගල් එක disconnect නොවී තියා ගන්න විදිහක්.


සමහර වෙලාවට ඩොන්ගල් එකෙන් නෙට් යන වෙලාවට , මේල් එහෙම කියවනකොට ඩොන්ගල් එක ඩිස්කනෙක්ට් වෙන එක   හරිම ඇණයක් නෙ.මෙහෙම වෙන්නෙ කනෙක්ශන් එක idle උනාම.අපි කරන්නෙ ඒක නවත්තන්න , පොඩි උපායක්.

මේකෙන් වෙන්නෙ එක දිගටම මොකක් හරි වෙබ් සර්වර් එකකට ping request එකක් කරන එක.data usage එක නොගිනිය හැකිතරම්.
 ඩොන්ගල් එකේ කනෙක්ශන් එක disconnect වෙන්නෙ නැති නිසා දිගටම පවත්වාගෙන යන්න පුලුවන්.

ඉන්ටර්නෙට් connection  එක establish  කලාට පස්සෙ කරන්නෙ මෙහෙමයි.

1.press Windows Key + R (To open Run command)

2.Type >  ping www.google.lk -t -i 1












3.Hit Enter Key

එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙයි.


 ඒක minimize කරලා වැඩ කරගෙන යන්න. Dongle එක ඩිස්කනෙක්ට් කරන වෙලාවට ඒකත් close කරල දාන්න.ආයෙ dongle එක connect කරාම Run Window එකට ගිහින් command  එක run කරන්න.

ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.යාලුවෙක් අහපු ප්‍රශ්නයකට උත්තරක් දෙන්න ගිහින් තමා පෝස්ට් එකත් ලියන්න හිතුවෙ. නැවත හමු වෙමු.

නිප්පා.



Thursday, January 17, 2013

කාර්යක්ෂම දර උදුනක් නිවසේදීම හදා ගත්ත හැටි..



දර ලිප් භාවිතා  කරන විට තියෙන ප්‍රධාන ගැටලු වෙන්නෙ අවශ්‍ය දර සපයා ගැනීම සහ නිතර පිඹීම කල යුතු වීමත් නෙ.මෙන්න මේ දර ලිප පාවිච්චි කරනකොට නම් ඒ ප්‍රශ්න දෙකටම පිළියමක් යොදා ගන්න පුලුවන්.මෙතනදි වෙන්නෙ ෆෑන් එක මගින් එක සමාන වේගයෙන් සුළං ලිප තුලට ගලා ඒමට සලස්වන එක. ඒක නිසා දර හොදට  ඇවිලෙනවා.ගින්දර පිටතට යෑමත් අවම නිසා අඩු ඉන්ධන දහනයකින් වැඩි වැඩ කොටසක් කර ගන්නත් පුලුවන්.




 සැළැස්ම

අවශ්‍ය උපකරණ


1)12 V ෆෑන් එකක් (175/-) සහ ඇඩැප්ටර් එකක්
2)අගල් 6 ක පමණ එස්ලොන් බට කැබැල්ලක්
3)යකඩ දැල් කෑල්ලක්
4)ඉවත දැමූ ඇලුමිනියම් බදුනක්

ලිප සාදා ගැනීමට ප්‍රමාණවත් මැටි පස්
දහනය සදහා යොදා ගන්නෙ පොල් කටු අගුරු, ( දර කැබලි උනත් යොදා ගන්න පුලුවන්.)


පින්තූර ටික බැලුවාම හදා ගන්න විදිහ හිතා ගන්න පුලුවන් වෙයි.










අවශ්‍ය නම් ආධාරකයක් යොදා ගන්න පුලුවන්.හැබැයි එතකොට ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා

 මේ විදිහට තිබ්බාම නම් පොල්කටු දෙකක අගුරු වලින් විනාඩි
 10 ක් වගෙ යනකොට වතුර එක රත් කරගන්න පුලුවන් උනා.

  
     දැවී ඉතුරු අළු දැල මත රැදී  ඇති ආකාරය.


ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.

නැවත හමුවෙමු

 :)