Wednesday, August 1, 2012

නුඹත් හරි පුදුමයි ...




මේ නිසල අහස යට
සිහිනයක් වී වත්
එකම එක වරක්
 සිතේ රැදෙන්නට
බැරි නුඹ...

නොකියාම ඇවිත් ලගට
හිත් මානයේ සැහැල්ලුවට
සිනිදු මුදු දෙකොපුලින්
සිනාසී සරදමට
යන්න ගියා ඈතට...

කවදාවත් නොමැකෙන්න
හදවතේ පත්ලේම
පෙම් කවිය කුරුටු ගෑ අපූරුව
සොදුරු ආදරය...

නුඹත් හරි පුදුමයි.

Saturday, July 14, 2012

අපි කිව්වෙ අනාගතය කියලා.,...



බලාපොරොත්තු කියන දේත් හරිම පුදුමාකාරයි.අපි ජීවත් වෙන්නෙ ඒ නිසා.සතුටුවෙන්නෙ ඒ නිසා.ඒවගෙම තමයි දුක් වෙන්නෙත් නැති උන බලාපොරොත්තු නිසා.දෙයක් කරන්න ගියාම අපි සැලසුමක් හදනවා.ඒ සැලසුමේ එක් කෙලවරක අවසානය කියන බලාපොරොත්තුව තියෙනවා...


සමහර දේවල් අලුතින් එකතුවෙනවා බලපොරොත්තු වක් නැතුවම.ඒක හොද දෙයක් නම් අපි ඒකට කියන්නෙ වාසනාව කියල, එහෙම නොවුනොත් අවාසනාව , නැත්නම් නොලැබීම , කරුමෙ , පින නැතිකම, ඔය ඕනි එකක්.වාසනාව තිබ්බොත් අපි හිනා වෙනවා.නැත්නම් දුක් වෙනවා තමන් ගැනම. දුක වැඩි උනාම අපි කල්පනා කරනවා , අඩනවා , තවත් තැනකදී හිංසාකාරී දෙයක් උනත් කරගන්න පෙලෙඹෙනවා.ඒකෙන් තවත් කෙනෙකුල බලපෑමක් වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්.කරන්න ඕනි බලාපොරොත්තු අත්හැරීම නෙමේ නේද? 

වාසනාවත් හොයාගෙන යන්න බැහැ නෙ.හැබැයි අධිශ්ඨානය  තියෙනවා නම් , කැපවීමෙන්  වැඩ කරනව නම් කවදාවත් බලාපොරොත්තුව අපිව දාලා යන්නෙ නම් නැහැ,..

ජීවිතේ අපිට පේන හැමදේම ඒ තරම්ම සරලත් නැහැනෙ....
කියන්න හැදුවෙ මොකද්ද කියලා ඔයත් තේරුම්ගන්න ඇති.බලාපොරොත් තු කියන දේ නම් මටත් නැහැ තමයි,හැබැයි වගකීම ඉවර වෙනකම් මමත් තාම ඉදිරියට ඇවිදගෙන යනවා...

මට හිතෙන හැටියට දෙයක් නැති උනාම අඩලා දුක් වෙලා වැඩක් නැහැ.හැබැයි දෙයක් වෙන්න කලින් ඒ ගැන කලින් හිතලා බලලා තීරන ගන්න එක තමයි හොදම දේ කියලයි මම විශ්වාස කරන්නෙ,..

මොකද දෙයක් උනාට පස්සෙ ඒක අයිති අතීතයට , වෙනස් කරන්න බැරි තැනකට.නමුත් තව මොහොතකින් අතීතයට යන මේ ගෙවෙන තත්පරයට මේ මොහොතට කලින් අපි කිව්වෙ අනාගතය කියලා.,...

Friday, April 13, 2012

Sunday, March 18, 2012

A Masher Mellow





Contemplated how we used to talk
Old days while down street we walk
Ran in rain laughing as were getting soak
And few desparate days we were hated to ask

Enliven hopes forcen in to mind
Even let you be that much of kind
 I knew you are free beeing winged
Still feel same but we were happily lived

I'm never beseeched you knew
But was that  the mistake I outgrew
From  that moment said you have flew
Dissevered souls mashed by a masher mellow













Sunday, March 4, 2012

සෙල්ලමට අයිති නැහැ...




හැම දෙයක්ම ඒ විදිහටම උනේ නැතිවුනත් සමහර දේවල් ඒ විදිහටම වෙනවා.අනාගතේ දිනක එදා ගත්ත තීරණය හරි කියල තේරුම් ගත්තට, ඒ නිසා අහිමි කරගත්ත දේවල් කවමදාවත් ආයෙ ලබා ගන්න බැරි තරම්ම ඇතට ගිහින් තියෙනවා.ලොකු බලාපොරොත්තු නැති නිසාම කිසිම දේකට ආසවක් නැහැ තමයි.ඒ උනත් හිත කියන දේ රවට්ටන්න අමාරුයි හැම වෙලාවෙම.

 කෙනෙක් ගෙ සතුට වෙනුවෙන් ජීවිත්යෙන් ඔට්ටු අල්ලන මිනිස්සු තව කොච්චර ඇද්ද කියලත් හිතෙනවා.ඕනිදෙයක් වුනාට කමක් නැහැ කියලා ආත්මාර්ථකාමී තීරණ මිනිස්සු ගන්නෙ ඇයි කියලා තේරුම් යන දවසට හිතේ සතුට මගෙන් ගොඩක් දුරට ගිහින් ඈතට වෙලා බලන් ඉන්නවා.ඒ ආයේ කවදාවත් නො එන්න ම ....

එක පාරක් කරපු වැරද්ද ආයෙ පාරක් කරන්නෙ නෑ කියන්න පුලුවන් වෙන්නෙ තවත් වාරයක් එනවා නම් විතරයි.හැබැයි සමහර අයට සමහර දේවල් නැති වෙන්නෙ සදහටම.ඇස් ඉදිරිපිට තිබ්බත් ආයෙ නොපෙනෙන්න.විදවන ජීවිතය විදින්න හැමෝටම වාසනාව නැහැ නේද කියලා  හිතුනා....

ජීවිතය හරියට දාම් ලෑල්ලක් වගෙ.ඉස්සරහට දැම්ම ඉත්ත  එහෙට මෙහෙට පනින එක නවතින්නෙ එක්කො සෙල්ලම දින්නාම නැත්නම් කැපුනාම.ඉස්සරහට යනවා ඇරෙන්න වෙන උත්තරයක් නැහැ.
කව්ද කොතැනද වරද කලේ කියන්න පුලුවන් උනත් , දැන් ඒ කිසිම දෙයක් සෙල්ලමට අයිති නැහැ...