Sunday, February 28, 2010

රහසක්..ව්න්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකට ඇඩ්මින් පණිවිඩයක් ඇතුලත් කරන හැටි

කරන්නේ මෙහෙමයි.
  • Run කමාන්ඩ් එක අරන් secpol.msc කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.එතකොට පින්තූරෙ පේන වින්ඩෝ එක මතු වේවි.
Image(I)


දැන් ඒකෙ (මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනි) වම් පැත්තෙ උඩ කෙලවරේ තියෙන නැව්ගේටර් එක භාවිතා කරලා Security Settings>Local Polices>Security Options කියන තැනට යන්න

  • ඔබ හරි තැනට ගියා නම් දකුණු පස කොටසේ පහල කෙලවරේ Interactive Logon:Message Text for Users Attemting to Logon ලෙස වාක්‍යයක් පෙනේවි
  • මෙම වාක්‍ය මත Double Click කරන්න
එතකොට පින්තූරෙ පේන මේ වින්ඩෝ එක මතු වේවි. Image(II)
  • මේ වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න.
මම දැම්මෙ නම්( .....ගේ පුද්ගලික පරිඝණකයට ඔබව සාදරයෙන් පිලිගනිමි,ඇතුල් වීමට කරුණාකර පුද්ගලික
රහස් අංකය ලබාදෙන්න..
ස්තුතියි.)කියලා
  • දැන් Ok කරලා මේ වින්ඩෝ එක වහලා නැවතත් කලින් වින්ඩෝවට ගිහින් Interactive Logon:Message Title for Users Attemting to Logon වාක්‍ය මත Double Click කරන්න
  • මේ ලැබෙන වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට ලැබෙන වින්ඩෝ එකට අවශ්‍ය Title එක ලබා දෙන්න
මම දැම්මෙ නම්(ආයුබෝවන් !)කියලා
  • දැන් වැඩේ හරි :)
Log Off කරලා බලන්න එතකොට Message Window එක පෙනේවි

අමතරව :
(Image I)මේ කොල පාටින් පෙන්නලා තියෙන Accounts:Rename Guest Account වාක්‍ය මත Double Click කර අවශ්‍ය නම් Guest එකවුන්ට් එක Rename කල හැක.
මම දාලා තියෙන්නේ නම්(ආගන්තුකයෙක්)කියලා

Friday, February 26, 2010

වින්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකේ රහසිගත ස්ක්‍රොල් බාර් එක


  1. ව්න්ඩෝස් වල කන්ට්‍රොල් පැනල් එකට ගිහින් යුසර් එකවුන්ට් 10ක් විතර කැමති නමක් දාලා හදාගන්න.( මම නම් දැම්මෙ ඒ,බි,සී.... : )
  2. දැන් වැඩේ මෙහෙමයි,වින්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකේ ලොගින් එකවුන්ට් වල නම් පේන්නෙ ඉංග්‍රිසි හෝඩියේ අකාරාදී පිලිවෙලටනෙ,ඉති අපි ලොගින් 8කට වඩා වැඩියෙන් හැදුවොත් එක ස්ක්‍රීන් එකේ පේන්නෙ නෑ.ඉතුරු ලොගින් බලන්න නම් ස්ක්‍රොල් කරන්න වෙනවා.ඒත් මේ ස්ක්‍රොල් බාර් එක ව්සිබල් නෑ.ඒක තියෙන්නෙ පින්තුරෙ නිල් පාටින් ඇදලා තියෙන තැන.
  3. මේ තැන හරියටම හොයා ගන්න නම් මවුස් පොයින්ට් එක යුසර් නේම් එකක් උඩට ගෙනිහින් හෑන්ඩ් පොයින්ටර් එක හිමිහිට දකුණට ගෙනියන්න.එතකොට ස්ක්‍රොල් බාර් එක උඩදී පොයින්ටර් එක ඊතලයට මාරු වෙයි.දැන් ස්ක්‍රොල් බාර් එක පහලට ස්ක්‍රොල් කරන්න.ලොග් ඕෆ් නොකර මේ වැඩේ ටෙස්ට් කරන්න අවශ්‍ය නම් කී බෝඩ් එකේ වින්ඩෝස් කී එකයි එල් අකුරයි ඔබන්න. එතකොට කම්පියුටර් එක ලොක් වෙයි. තියෙන ලොගින් එක්වුන්ට් ටික බලා ගන්නත් පුලුවන්...

සිංහලෙන් යුසර් එකවුන්ට් හදනවානම් එක ඇඩ්මින් කෙනෙක් හරි ඉංග්‍රිසියෙන් හදන්න අමතක කරන්න එපා! හොදද? හදිසියට ඕන වෙන්න පුලුවන් …

Wednesday, February 24, 2010

ආදරය කරන කොට හිතට එන දේ... කරන්න වෙන දේ....

Getting Ready for a New Era in LIFE... But, Still have to B E lie V E.... Caz, you are my M O one in Every Cold Silent Night...And you know it....

ජිවිතේ වෙනස් උනා කියල හිතෙනවා.බොරු බව දැන දැනම ව්ශ්වාස කරන්න හිත බල කරනවා.සෑම සීතල නිහඩ රැයකම නුඹ මගේ සදවතිය බව නුඹේ සිත දන්නවා....

Monday, February 8, 2010

උබුන්ටු එක්ක එක්ස්.පී දාන්නෙ කොහොමද?

මේ වැඩේ අනික් පැත්තට කරන හැටි ඒ කිව්වෙ (එක්ස්.පී) උඩ උබුන්ටු දාන හැටි ගොඩක් අය දන්නවනේ.
මම කියන්නෙ ඉස්සෙල්ලා උබුන්ටු දාලා පස්සෙ (එක්ස්.පී) දාගන්න හැටි ගැනයි.

දැන් ඔයාලට ගැටළුවක් ඇති මොකද්ද මේ ක්‍රම දෙකේ වෙනස කියලා.

ඔක්කෝටම කලින් මම මෙතන වෙන දේ සරලව කියල ඉන්නම්.


කම්පියුටර් එක බූට් කරන කොට (පෝස්ට්) කියන අවස්ථාවෙදී බූට් ස්ට්‍රැප් ලෝඩර් කියලා සර්විස් එකක් රන් කරලා තමයි ඕ.එස් එක ඉන්ස්ටෝල් කරලා තියෙන පාර්ටිශන් එක ගැන විස්තර තියෙන (මාස්ටර් බූට් රෙකෝඩ්) එක හොයා ගන්නෙ.


මාස්ටර් බූට් රෙකෝඩ්

මේක කිලෝ බයිට් 512ක් වුන එකක ෆයිල් එකක්.ඩිස්ක් එකක පළවෙනි සෙක්ටර් එකේ තමයි තියෙන්නෙ.ඒ කිව්වෙ ඩිස්ක් එකක පාටිෂන් කරනකොට මේ පලවෙනි සෙක්ටර් එක අත ඇරලා තමයි පාර්ටිශන් කඩන්නෙ.

කම්පියුටර් එකේ තියෙන ඕ.එස් මොනාද?
කොයි පාටිශන් වලද ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ?
ඩුවල් ක්‍රමයට(තනි මැෂිමට එක පාර ඕ.එස් දෙකක් දාලා නම්)තියෙන අවස්ථාවක සිලෙක්ෂන් මෙනු එක
කොයි තරම් වෙලා ඩිස්ප්ලේ වෙන්න ඕනෙද?
ආදී විස්තර තමයි මේකෙ සදහන් වෙලා තියෙන්නෙ. මේක ලියවෙන්නෙ ඕ.එස් එකෙන්


උදාහරණයක්

[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect

මේ තියෙන්නෙ එක්ස්.පී වලදී දකින්නට ලැබෙන මාස්ටර් බූට් රෙකෝඩ් එක.මේකෙ හැටියටනම් ප්‍රයිමරි මාස්ටර් හාඩ් ඩිස්ක් එකේ පළවෙනි පාටිශන් එකෙ තමයි (එක්ස්.පී) කියන ඕස් එක තියෙන බව සදහන් වෙන්නෙ.

බැරි වෙලාවත් ඕ.එස් කීපයක් තියෙනවානම් සිලෙක්ට් කරන්න තත්පර 30ක් දෙන්න කියලත් සදහන් වෙනවා.

අපි එක්ස්.පී දාලා තියෙන වෙලාවක ඊට පස්සෙ උබුන්ටු දැම්මොත් උබුන්ටු වලින් මේ මාස්ටර් බූට් රෙකොඩ් එක අදුරගෙන,ඒක වෙනස් කරලා උබුන්ටු දාලා තියෙන පාර්ටිශන් එකේ විස්තරත් මේකට ඇතුලත් කරනව කිසිම කරදරයක් නැතුව. ඉතින් මේ ක්‍රමේ ඒ තරම්ම ගැටළු සහගත නැහැ.


නමුත් උබුන්ටු දැනටමත් තියෙන කම්පියුටරේට පස්සෙ එක්ස්.පී දැම්මොත් වෙන්නෙ දැනටමත් ලියවිලා තියෙන මාස්ටර් බූට් රෙකෝඩ් එක ඕවර් රයිට් වෙන එක.හේතුව උබුන්ටු වලින් ලියවිලා තියෙන රෙකෝඩ් එක (එක්ස්.පී) වලට අදුර ගන්න බැරි වීමයි.

ඉතින් මේ වෙලාවට එක්ස්.පී කරන්නෙ තියෙන මාස්ටර් බූට් රෙකෝඩ් රෙකෝඩ් එක සම්පූර්නයෙන් ලියනවා උබුන්ටු ගැනවත් ඒ පාටිෂන් එක ගැනවත් කිසිම කතාවක් නෑ.අන්තිමට වෙන්නෙ මැෂින් එක පස්සෙ දාපු (එක්ස්.පී )වලින් බූට් වෙනවා කලින් තිබ්බ උබුන්ටු ඕ.එස් එක පෙන්නන්නෙ වත් නැතුව.

දැන් ඉතින් ගැටළුව පැහදිලියි නේ.දැන් බලමු උබුන්ටු වලට පස්සෙ (එක්ස්.පී) ඩුවල් බූට් ක්‍රමයට දාගන්න හැටි.

මතු සම්බන්ධයි.