Showing posts with label TricsByNippa. Show all posts
Showing posts with label TricsByNippa. Show all posts

Tuesday, March 12, 2013

ඩොන්ගල් එක disconnect නොවී තියා ගන්න විදිහක්.


සමහර වෙලාවට ඩොන්ගල් එකෙන් නෙට් යන වෙලාවට , මේල් එහෙම කියවනකොට ඩොන්ගල් එක ඩිස්කනෙක්ට් වෙන එක   හරිම ඇණයක් නෙ.මෙහෙම වෙන්නෙ කනෙක්ශන් එක idle උනාම.අපි කරන්නෙ ඒක නවත්තන්න , පොඩි උපායක්.

මේකෙන් වෙන්නෙ එක දිගටම මොකක් හරි වෙබ් සර්වර් එකකට ping request එකක් කරන එක.data usage එක නොගිනිය හැකිතරම්.
 ඩොන්ගල් එකේ කනෙක්ශන් එක disconnect වෙන්නෙ නැති නිසා දිගටම පවත්වාගෙන යන්න පුලුවන්.

ඉන්ටර්නෙට් connection  එක establish  කලාට පස්සෙ කරන්නෙ මෙහෙමයි.

1.press Windows Key + R (To open Run command)

2.Type >  ping www.google.lk -t -i 1












3.Hit Enter Key

එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙයි.


 ඒක minimize කරලා වැඩ කරගෙන යන්න. Dongle එක ඩිස්කනෙක්ට් කරන වෙලාවට ඒකත් close කරල දාන්න.ආයෙ dongle එක connect කරාම Run Window එකට ගිහින් command  එක run කරන්න.

ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.යාලුවෙක් අහපු ප්‍රශ්නයකට උත්තරක් දෙන්න ගිහින් තමා පෝස්ට් එකත් ලියන්න හිතුවෙ. නැවත හමු වෙමු.

නිප්පා.



Wednesday, September 8, 2010

TEST BLANK POST - (widget testing)

Saturday, June 26, 2010

මැජික් පික්සලය


 
මැජික් කියන්නෙ ඉතින් ඇස් බැන්දුම් නේ...
ඔය උඩම තියෙන පින්තූරය Download කරන්න.(   Right Click on it then  Save Image As..Or Use Link for the highest Quality )
දැන් ඒක වෝල් පේපර් එකට සකස් කරගන්න Position > tile

විදිහට...


දැන් මැජික් එක ..

දැන් මොනිටර් තිරයෙන් ටිකක් පස්සට වෙන්න.
එක එල්ලේම තිරයේ මැද්ද දිහා බලන්න ඇස් බොද කරලා.
( හිතාගන්න මේ ඔක්කොම නිල්පාට තිරයක උඩ තියෙන කටු සටහනක් කියලා )

ඔයාලට පහළ රූපයේ තියෙන හැඩතල,රූප තැනින් තැන මතු වෙලා පේනවාද?

1.සිනා මුහුණක්
2.රොකට් එකක්
3.රොබෝ කෝප් මුහුනු ආවරණයක්
4.රුවල් නැවක්
5.ලේ ගලන ඇස් සහ කටක් සහිතව පිසාච රූපයක්

මේවා තිරයෙන් දැල්වෙන නිවෙන සෙලවෙන ස්වරූපයෙන් යුතු බවක්.

බලන්න , හැඩතල,පාට,පික්සලය මේ අය එකට එකතු වුනාම අපේ ඇස
රවට්ටන හැටි ... ???


තවත් මැජික් ගැන කතා කරමු ආයෙත් වෙලාවක් ලැබුන ගමන්.

Saturday, May 29, 2010

වෙසක් දවසේ අපේ ගෙදර අපි හදපු කූඩුව..

 අපි නෙලුම් මල් උඩ වැඩ සිටින චෛතියක් හැදුවා.
ලස්සනද කියලා බලන්න ...


Thursday, May 13, 2010

කැරකෙන ටියුබ් බල්බ් තටු හෙලිකොප්ටර් හදා ගන්න හැටි…

වෙසක් කාලෙ ලගයි නේ. සමහර යාලුවො කැමති ඇතිනේ වෙනස් තාලේ කූඩු හදන්න.ඉතින් මෙන්න ඒ අයට.මේ මම ගිය පාර හදපු කූඩුව.කැමති අය උත්සාහ කරලා හදන්න.......
  • හැබැයි එකක්. කරන්ට් වැඩ ගැන හොදටම දන්නවා නම් විතරක් අත ගහන්න ඕනි.
  • පින්තුරේ තියෙනවා සේරම විස්තරේ.මුකුත් දැන ගන්න ඕනි නම් මට මේල් එකක් එවන්න nipunachaminda ඇට් gmail.com .
  • නැත්නම් කමෙන්ට් එකක් දාන්න...
  • (සමහරක් විට මේක ඔයාලා දැකලා ඇති.ඒත් වයරින් එක කොහොමද කියලා දැන හිටියේ නැතුව ඇති )  :-)
  • ටියුබ් ලයිට් එකේ කෙලවරට කනෙක්ටර් කෑලි දෙකක් ගහ ගත්තාම වැඩේ තව ලෙසියි. :-)
  • රවුම් ලීයෙ කට්ටයක් කපලා බල්බ් එක තියන්න.උඩින් දාන ලෙදර් පටියත් ටිකක් මහතට ගන්න.ඇණ ගහද්දී හුගාක් ප්‍රවේශම් වෙන්න. :-(
  • මෝටර් එකට වයිපර් මෝටරයක් හරි,ඉලෙක්ට්ක් වීල් චෙයා මෝටරයක් වගේ හෙමීට කැරකෙන එකක් ගන්න ඕනි.නැත්නම් ඉතින් හෙලිකොප්ටරේ ඉගිලෙයි  :-D
එහෙනම් සැමටම ප්‍රීති වෙසක්.....

නිප්පා