
කාලයක් පුරාවට
දැන කියා ගත් කමට
නොකියාම නික්මෙන්න
සිත වේදනා දැනුනි මට..
මිතුරු කැල වට කොට
තෙපලු බස් සිහිවන විට
නගම්දෝ සිතිනි මට
සිතුවිල්ල ක්‍රියාවට ..
සිත් නිවන ගිම් තොටට
කාලයක් යනෙන ඔබට
කියන්නට අවසරයි
මා සමුගත් වගට...
අවැසි නම් පෙර දුන්න
සටහන් පිටපත් ගන්න
නුඹට දැන් කාලයයි
මිතුරාට සමු දෙන්න...
මාත් එක්ක අත්වැල් බැද රැදී සිටි සියලුම බ්ලොග් ලේඛක හා පාඨක පිරිසගෙන් අදින් මාගේ බ්ලොග් පිටුව සමුගන්නේය.....
වසර දෙකක කාලයක් මා හා රැදී සිටි ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි...


මතු යම් දිනෙක මගේ ජීවිත ගඟ යලිත් මේ තොටුපල පසු කොට ගලනු ඇත....


හමු වෙනවා වෙන්වෙනවා.....
ReplyDeleteජීවිතය කැරකෙනවා.....
සිතුම් පැතුමන් එක්ක....
හීන මල් හිනැහෙනවා......
දුක අඳුර කඳුලු කැට.....
හැමදාම හමුවෙනවා...
සිනා මල් කීපයක්...
ඉඳ හිටල පිබිදෙනවා.....
කටු අතර රැඳුනාට.....
සුවඳ නැති වෙනවාද....
දුරස් වූ පලියටම.....
සුව වේද ජීවිතය......
:j :j හිටපු ගමන් මොකද උනේ?????? අනේ මංද........ :j :j :j :j
ReplyDelete(හැමදාටම නොයා ඉඳල හිටල හරි අපිට මුකුත් කියල යන්න එන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනව........ :r :r)
අයියෝ මේ මොකද අයියෙ....... අනේ ඉතින් ඉදල හිටලවත් ලියන්නකො...ඒත් ඇයි මේක කෑන්සල් කරන්නෙ :r
ReplyDeleteඈ මේ මොකද මේ වුනේ???????? හොදට හිටපු කොලුවාට මොකෝ හිටි ගමන්ම? අවුලක්වත්ද?
ReplyDeleteහරි ඔන්න ආයෙමත් මමත් ආවා... :d
ReplyDeleteඑල එල ඔය ඇවිල්ලා තියන්නේ .... :e
ReplyDelete