Monday, July 12, 2010

සදහටම නික්මෙන්නේය .....................................................

අපේ ලොව මතු නෑගීමට
තුන් රෑ නිදි මැරූ මට පිස්සුය...
නිතිපතා ඔය නෙතු දකින වස් මග දිගට ගෑටූ මට පිස්සුය
ජීවිතය නුඹ මැයි සිතූ මට පිස්සුය
ඉකිගසා නොහැඩු මුත් කෑගසා මැරෙන ලෙස මට පිස්සුය
වචනයක් පිලිවෙලට ලිවිය නොහැකි ලෙස මට පිස්සුය
කිසිදෙයක් කර ගත නොහැකි ලෙස මට පිස්සුය
කතා කල නොහැකි ලෙස මට පිස්සුය
කියා ගත නොහැකි ලෙස මට පිස්සුය
තේරුම් කර දිය නොහැකි ලෙසටම මට පිස්සුය
මතක් කල නොහැකි තරමට මට පිස්සුය
ඔව් මට පිස්සුය මම පිස්සෙක්ය
නමුත් මේ පිස්සා වරක් නුඹට පිස්සෙක් ලෙසම ආදරය කලේය.
කාලය ඔසුව කොට පිස්සුව කලක නැතිවනු ඇත.
නමුත් නැවත නම් මගේ ලෝකයට එන්නට නම් එපාය..
වල දැමූ මතකයන් ගොඩ ගන්න නම් එපාය..
නුඹේ ලෝකය සැප සම්පතින් පිරීයන්...
නුඹ පතන හැම දෙයක් ලැබීයන්..
මෝඩ පිස්සා හදවතින්ම පතා ..


සදහටම නික්මෙන්නේය .....................................................

5 comments:

  1. :j :j :j :j :j :j

    "නුඹ පතන හැම දෙයක්ම ලැබීයන්..
    මෝඩ පිස්සා හදවතින්ම පතා..

    සදහටම නික්මෙන්නේය.................."

    ReplyDelete
  2. අපි හැමෝටම කොහොමටත් ටිකක් විතර පිස්සු නෙව....ආදරේ කොරන්න ගියාම එක ඩබල් ට්‍රිබල් වෙනවා.....ඒකට කෙල වුනාම පිස්සුව හොඳ වෙනවා....හැබැයි එතොකොට වට පිටේ උන් හිතන්නේ අපිට දැන් තමා පිස්සු කියල....:(..

    ReplyDelete
  3. මටත් පිස්සු වගේ !! ලොල් !! කවිය නම් :b !!

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය