Monday, June 28, 2010

එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි යන්නෙ කොහොමද.?-Microsoft Net Meeting-[ජනෙල් සැගවුනු අමුත්තා]

බ්ලොග් එකට සුපුරුදු අයට වෙනසක් පේනවද?garupaleඒකට මම ස්තුති කරන්න ඕනි අපේ අශාන් කෝදාගොඩ යාලුවාට.වරුවක් විතර මහන්සි වෙලා එයා තමයි මේක හදාලා දුන්නෙhah.වටිනම වැඩේ මොකද්ද දන්නවාද?අපි කවදාවත් හැබැහින් හම්බවෙලා කතා කරලා නැහැ නොවැtakbole.බ්ලොග් එකෙනුයි මූනූ පොතෙනුයි හම්බවුනු ෆිට් එකනෙ තියෙන්නේsoal.

කොහොමින් කොහොමහරි ඒ සහෝ ගෙ වැඩක් කරගන්න තියෙන කාලයෙන් මටත් ඉඩක් වෙන් කරලා දුන්න එකට අශාන් යාලුවාට තව සැරයක් ස්තුතියි..... soal
පෝස්ට් එකේ මූණූ දාන කෝඩ් එක දැන ගත්තෙ තිලිණ සහෝ ගෙන්.එයාටත් ගොඩක් ස්තුතියි.soal
කමෙන්ට් වල මූණූ දාන කෝඩ් එක දැන ගත්තෙ සෑම් සහෝ ගෙන්.එයාටත් ගොඩක් ස්තුතියි.soal


අද සටහන,,,
hah
=======

බ්ලොග් වල ඇවිදගෙන යද්දි නිප්පා දැක්කා අර කපල්එකක් ලියන බොස් ඇන්ඩ් ජබොස් lovegarupale බ්ලොග් එක.එකේ තියෙන සටහන් වලට හරි අපූරුවට මේ ඉමොටිකොන්ස් පාවිච් කරලා තිබ්බාgatai.ඕක දැකලා තමයි මටත් මේ මූනු ටික මගේ බ්ලොග් පොතටත් දාගන්න ඕනි උනේ.ඉතින් අපි වෙලාවක් එහෙම කතිකා කරලා ටීම් විවර් එහෙම් දාගෙන වැඩේට බැස්සා.මම මෙ කියන්න යන්නෙ ටීම් වීවර් ගැන නම් නෙවේ ඕංtakbole.මේ විදිහට ජනෙල් පද්ධතිය(windows) හරහා LAN(Local Area Network) එකක එහෙට මෙහෙට යන්න අපේ ජනෙල් පද්ධතියෙම හැංගිලා තියෙන මේ වගේම වැඩසටහනක් ගැන.මම දන්න ටික කියන්නම් අඩුපාඩු දන්න අය කියන්ට. ..hah

කියලා දෙන එක වඩාත් පහසුයි කියලා හිතෙන නිසා සුද්දගෙ භාෂාවෙන් දන්න විදිහට කොටාගෙන යන්නම්.අවුලක් නම් ආයෙ අහන්න.පුලුවන් විදිහට උත්තර දෙන්නම්.HELP එකකුත් තියෙන නිසා යාලුවන්ට ලේසි වෙයිbising


Microsoft Net Meeting
----------------------------------
1.Open Run Command>type "conf.exe"
2.Now you should See "Microsoft Net Meeting Wizard"
3.Follow the wizard and Complete it
(this should be done on every and each pc on your network,
You don't need to be activate "Microsoft Internet Directory"at this time)
4.Now click on "Call >automatically accept calls"

Done !

5.Type the ip of the computer you are desired to login on the appropriate box.
(remember the remote computer should be already logged on some other party in order to Net meeting service to be already start. )

6 Simply press Call icon.
7.Now you are Connected with remote computer.

Experience the remote Administration !! soal

Saturday, June 26, 2010

මැජික් පික්සලය


 
මැජික් කියන්නෙ ඉතින් ඇස් බැන්දුම් නේ...
ඔය උඩම තියෙන පින්තූරය Download කරන්න.(   Right Click on it then  Save Image As..Or Use Link for the highest Quality )
දැන් ඒක වෝල් පේපර් එකට සකස් කරගන්න Position > tile

විදිහට...


දැන් මැජික් එක ..

දැන් මොනිටර් තිරයෙන් ටිකක් පස්සට වෙන්න.
එක එල්ලේම තිරයේ මැද්ද දිහා බලන්න ඇස් බොද කරලා.
( හිතාගන්න මේ ඔක්කොම නිල්පාට තිරයක උඩ තියෙන කටු සටහනක් කියලා )

ඔයාලට පහළ රූපයේ තියෙන හැඩතල,රූප තැනින් තැන මතු වෙලා පේනවාද?

1.සිනා මුහුණක්
2.රොකට් එකක්
3.රොබෝ කෝප් මුහුනු ආවරණයක්
4.රුවල් නැවක්
5.ලේ ගලන ඇස් සහ කටක් සහිතව පිසාච රූපයක්

මේවා තිරයෙන් දැල්වෙන නිවෙන සෙලවෙන ස්වරූපයෙන් යුතු බවක්.

බලන්න , හැඩතල,පාට,පික්සලය මේ අය එකට එකතු වුනාම අපේ ඇස
රවට්ටන හැටි ... ???


තවත් මැජික් ගැන කතා කරමු ආයෙත් වෙලාවක් ලැබුන ගමන්.

Tuesday, June 22, 2010

බලන්න මව් සෙනෙහසක මහිම...


පෙනෙන දේ කෙටියෙන් කියන්නම් මේ දෙන්නා අම්මායි දුවයි.අම්මා පූසිගෙ ලගදි අඩු මාසෙන් බිහි කරපු දරුවා මෙලොව අතහැරින්න යෙදුනා දවස් දෙකකින්ම......

පූසි අම්මා පූසි අර පැටියා හිටපු පෙට්ටිය ඇතුලට ගිහිල්ලා  අඩ අඩ තමා හැම තිස්සෙම හිටියේ.....

පස්සෙ ඒ අතරෙදි වැඩිමහල්  පොඩි පූසි , අම්මා ලගට ගිහින් අම්මාගෙන් කිරි බොන්න පුරුදු වෙලා.පොඩිඩිට වයස වසර එකහාමාරක් විතර.ඒත් පේනවානෙ ඉන්න හැට් බබා වගේ.පූසි අම්මාත් මෙයාව නාවලා එහෙම අර  එරෙන කිරි පොඩිඩිට බොන්න දෙනවා ......

මේ අම්මාගේ දුක දරුවන්ට දැනෙන හැටිද.එමෙන්ම මුහුකුරා ගිය දරුවා වුවත් තාමත් කිරි සප්පයෙකු ලෙසට අම්මාට දරුවාව  පෙනෙන හැටිද........


Sunday, June 20, 2010

බා ගන්න බා ගන්න... එකක් වත් තියන්ට එපා

නිපුන පුතේ නැද්ද පරණ පත්තර එහෙම අරන් තියපුවා..?අසල් වැසි නිවසක කාන්තාවක් අප නිවසට ගොඩවැදෙමින් මගෙන් ඇසූ පැනය එයයි.අපේ දුවට හෙට ඉස්කොලේමොකද්ද වැඩකට එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන විස්තර හොයන් එන්නකීවලු.බලන්ට දැන් කොහෙන්ද මං මේවා හොයලා දෙන්නේ...

අනේ අපෙ ගෙදර පරණ පත්තර නැහැනේ.දෙන්නටම කෑම පාර්සල් ඔතන්න ගන්න පත්තර ඉරනවානෙ.එලෙස පැවසුවේ අම්මාය.වෙනදා මේ අවස්ථාවේ වැඩ පලේ රැදෙන මම එදින
කුමක් හෝ කාර්යයකට නිවසේ රැදී සිටියෙමි....

අන්තර්ජාලය තුලින් මට මේ සදහා ඉතා පහසු විසදුමක් දිය හැකි වුවද ගැටලුවක්ව තිබුනේබොහොමයක් ම ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වී තිබීමයි.එදින මටද අර ඉගෙන ගන්නාදරුවාටද පිහිට වූයේ මා මේ කියන්නට යන කරුණ නොවූයේ ඒ වනවිට එවන් දෙයක්නොපැවතීම හෝ පැවතියද මා ඒ පිලිබදව දැන නොසීටීමයි.

කෙලෙස හෝ ගූගල් ආධාරයෙන් ලිපියක් සොයාගත් මම එය දන්නා සිංහලෙන්පරිවර්තනය කොට ඇයට ලබා දුනිමි.එයින් ඉතා සතුටට පත් වූ ඇය නිවසින් බැහැරව ගියේඅන්තර්ජාලයේ මහිමය ගැන ඉතා පුදුමයට පත් වෙමිනි.ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාටනවීන තාක්ශණ දැනුම නොතිබීමට ඉඩ ඇත. ඇයට ඒ දේ ඉගෙන ගැනීම තවදුරටත් අවැසිනොවිය වුව හැක.නමුත් ඇයගේ දරුවාට වඩා අවුරුදු ගනණක් වයසින් වැඩිමහල් ඔබමාගේ තත්වය එසේ නොවන්නේ දැනටමත් මේ ලිපිය තෙක් ඔබ තාක්ෂණය හරහා පැමින

ඇති නිසාවෙනි.

මැරෙන තුරුම නොනැවතී ඉගෙනීම සිදු කරන අප පරිඝනකය පන ගන්වා අන්තර්ජාලයඔස්සේ වෙබ් පිටු පීරමින් සැරිසරන්නේ නව දැනුම,නොදත් දේ ඉගෙන ගැනීමටය.අප සියලුදෙනාමද එසේය. එම දැනුම ඕනෑ ලෙස ඕනෑ දුරකට සොයා ගැනීමට අපට අවැසි තරම් වූ සම්පත් සේවාවන් අන්තර්ජාල තුලදී අපට සොයා ගත හැකිය.ඒ ගැන තර්කයක් නැත.අවශ්‍ය වන්නේ තිබෙන තැන දැන සිටීම පමනකි.

අන්තර්ජාලයෙන් කරුනු හොයනා මා හට ඉතා ප්‍රිය ජනකම වෙබ් ඇඩවිය වන්නේ විශ්වකෝෂයයි.එනම් විකීපීඩියාවයි.නමුත් මෙහිදී මා අත්දකින දුශ්කරතා කීපයක් ඇත.

1.ඉංග්‍රීසි හාශා දැනුම ඉතා ඉහල නොවීම.
2.දේශීය කරුනු කාරනා සිරිත් විරිත් පිලිබද ලිපි ඒ තුල අන්තර්ගත නොවීම.
(උදා: නොනගතය,හිසතෙල් ගෑම..)

වැනි කරුනුය.නමුත් දැන් තත්වය එසේ නොවේ.පරිඝනක ලෝකයේ සිංහලෙන් හරඹ කරන අපට අපේම

භාෂාවෙන් ලියැවුනු විෂ්වකෝෂයක් ඇත.එය ඉතා භාග්‍යකි.නමුත් මෙය තවම සංවර්ධන ම්ට්ටමේ පවතී.මට කියන්නට අවශ්‍ය මෙපමණකි.අන්තජාලයෙන් බොහෝ දේ උකහා ගන්නා අප ඒ වෙනුවට යමක් ආපසු දිය යුතු නොවේද?අපට අවස්ථාව උදාව ඇත .අනෙක්අතට මෙය අපගේම වර්තමාන අනාගත පරපුරට දායාදයකි.

මම බිල ගෙවා ලබා ගෙන ඇති අන්තර්ජාල පහසුකම භාවිතා කොට මම කුමක් කලද තොපට පල නැත යන හැගීම ඔබට යම් ප්‍රමානයකින් හෝ හැගේ නම් , කිසිම අහිතක් නැතමම ලිපිය කියවීම මෙතකින්ම අවසන් කීරීමට ඔබට අවසර ඇත.
===========================================================

වෙබ් අඩවි තාක්ෂණය පිලිබදව කරුනු හොයනා මට වරෙක ඔන්ලයින් පරිඝනක පාසල කදිම තෝතැන්නකි.වෙනත් පර්යේෂන ලිපි සොයනා මට විකීපීඩියාවද එසේමය.ටිකකට මතක් කරන්න ගුවන් විදුලියේ ඇසූ "මොනවද මුත්තේ මොකද කරන්නේ ගීතය...."

එදා අපගේ නෑදෑයන් තමන් ගැන පමනක් සිතුවේ නම් , ඔබගේ වයසට වඩා වැඩිමහලු කොස් ගස ඉඩමේ කිසිම දිනක බිහි නොවීමටද ඉඩ තිබුනි.අන්තර්ජාලය බිහිවුනේද ද එසේමය.ඇමෙරිකානු විද්‍යා පදනම මගින් මූල්‍යය පහසුකකම් සපයමින් 1983 දී ජාලය හරහා එවකට ඇමෙරිකාව තුල එක් එක් විද්‍යාගාර වල වූ විද්‍යාත්මක පර්යේෂණ පිලිබදව දැනුම ඔවුනොවුන් දැනුම බෙදා ගැනීම පටන් අද තෙක් අන්තර්ජාලයේ ඇති කරුනු විස්තීරවගොස් ඇත්තෙ ලෝකයාටද තමන් දත් දෙය කාලයක් මිඩංගු කොට කිව දියයුතුයි යන්න එදා

ඔවුන් මෙන්ම අදටත් අපගේ සමහරක් සිතූ හා සිතන නිසාවෙනි.

මා මේ ලිපිය පලකරමින් බ්ලොග් ලියන ඔබෙන් ඉල්ලන්නේ බ්ලොග් ලිවීම පසෙකලා මේ කාර්යට දායක වන ලෙසේ නම් කිසිසේත්ම නොවේ.මන්ද යත් බ්ලොග් ලිවීමේ හා කියවීමේ ආශ්වාදය ඔබ ලෙසටම මාද හොදින්ම අත්විදිමි.

නමුත් මෙම කාර්යට දායක වන ලෙස ඔබෙන් මා ඉල්ලා සිටින්නද හේතුවක් ඇත.එනම් බ්ලොග‍ය තුල යුනිකෝඩ් හා එඩිටරය හැසිරවීමට අප පලපුරුද්දන් වන බැවිනි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ වටිනා කාලයෙන් දිනකට මිනිත්තු 15 ක් පමනි.එය බොහොමත්ම ප්‍රමානවත්ය.මන්දයත් එය අප සියලු දෙනාගේ මහන්සියෙන් ගුණ වූ කල ඉතාවිශාල ඉලක්කමක් සහිත හෝරා ගනනක් වන බැවිනි.

මෙච්චර මේ ලිපිය කුරුටු ගාන්නේ ඒ වෙලාවෙ ගොස් ඒ වැඩය කරන්නට තිබුනානොවේද?? යැයිද අයෙකුට සිතිය හැක.නුඹ නිවැරදිය,නමුත් මා තව දුරටත් මෙම සටහනලියනුයේ එක් දිය බිදක් බැගින් එක්ව මහා සාගරය බිහි වී ඇති නිසාත් අනෙක් අතට ඒ මහා සාගරය බිහි වී ඇත්තේ කුඩා දිය බිදු එක්වී බව දන්නා නිසාවෙනි.

විසිර සිටිය හොත් අප දිය බිදක් සේම එකට එක් වුවහොත් අප මහා සාගරක් බදු නොවේද??

මෙම සංවර්ධනයෙන් මට ඇති පල කුමක්ද යැයි තවකෙකු හට සිතිය හැක.මූල‍යම හෝමූර්ත වටිනාකමින් කිසිත් නැත.නමුත් තමන් දත් දෙය ලෝකයේ තවත් අයකුට ප්‍රයෝජනවත් වූ බව දැනෙනා විට ඔබට ඔබ ගැනම ලැබෙන ආත්ම තෘප්තිය මිල කල නොහැකිබව හා වචනයෙන් මේ යැයි විස්තර කරගත නොහෙන බව මා ගුරුවරයෙක් වී සිටියදී අත්විද ඇත...

බ්ලොග් අවකාශයේ සැරිසරන මම නොයෙකුත් බ්ලොග් කියවා බලා ඇත්තෙමි.එ අතුරින්මා දුටු සමහරක් බ්ලොග් පොත් වල සැබැදි මාගේ බ්ලොග් පොතෙද කොනක රදවා තබා ඇත්තෙ,හුදෙක් මටම පමනක් නොව මාගේ අඩවියට පැමිනෙණ ඕනෑම කෙනෙකුට එය ප්‍රයොජනවත් වන බවත් ඇතැම් සත් මිනිසුන් පවසන දේ සදහා මූල්‍යම වටිනාකමක් එක් කලහොත් එය මහා බිංදු ගනනක් සහිත අගයක් වන බව දැන දැනම ඔවුන් හුදෙක් ආත්මතෘප්තිය පතා එම දැනුම නොමිල මිලක් යටදී ලබා දී ඇතිබවද මා දුටු නිසාවෙනි. ..

එමෙන්ම අනුන්ගේ දුක හදුනන අනෙකාගේ දුකේ දී වචනයකින් හෝ සැනසීමට කවර ආකාරයෙන් හෝ උත්සාහ ගන්නා බ්ලොග් මිතුරන්ද මා නොදුටුවා නොවේ.එවන් මිනිසුන් ගොන්නක් මැද ඉපදීමද ජීවත් වීමද වාසනාවකි. ..

මා කියනා දෙය තෙරුම් ගත නොහී කිසිම අයෙක් සිටිය නොහැක...

මට තවදුරටත් කීමට කාරනා අවැසි නැත.මෙපමණක් අවසන් ලෙස කියමි.මේ කාර්ය සදහා සිංහල භාෂාව හැසිරීම හා ඔබගේ කාලය මිඩංගු කිරීමට ඇති නිර්ලෝභී හැගීම පමනක් ප්‍රමානවත්ය.

බොහෝ ඇසූ පිරු තැන් තිබිය යුතුද නැත.මෙතැනට ගොස් ගිනුමක් තනා ආරම්භ කරන්න

ඔබේ සටහන කිරිබත් යන වදනින්....

මෙම කාර්යට අපට මහත් උපකාරී කර ගත හැකිව තිබු EnSi Tipඇඩෝනය නැවත පර්යේෂණ මට්ටමේ පැවතීම ගැන ඉමහත් කනගාටුවට පත් වෙමි.එය විශ්ව විද්‍යාලයය ලබා දුන් පසු ඔබට පැවසීමටද පොරොන්දු වෙමි.දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින ඇඩෝනයක් වෙතොත් මා හටද දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

(අද දින නිවාඩු දිනයක් බැවින් වැඩි දෙනාගෙ අවධානය ලැබේ යැයි බලාපොරොත්තූවෙන්
මෙය පල කරමි )

නැවත සෝදු පත් නොබැලුවෙමි.වරදක් කියැවී ඇත්නම් මාහට පැවසුව මනාය.දැන් රෑ එලි වී

ඇති වුවද මොහොතක් නිදා ගැනීමට අවැසිය. .



ඇති වීමට ඉඩ ඇති තවත් එක කුඩා පැනයක් නිරාකරණය කරමි.එනම් මාගේ බ්ලොග් පිටුව සින් ඩිරෙක්ටරි තුනකකට අයත් කුලක ජේදනයක් වන බවත් මාගේ ආරාධනය මේ සියලුම දෙනාටත් බවය. ..

Friday, June 18, 2010

ඉගෙන ගන්න නමුත් ඝාතකයෙකු නොවන්න !!!

පාඩම් කර කර ඉන්න වෙලාවෙ.ලග ගෙදරක අදුරන කෙනෙක් ඇවිත් කිව්වා.ගෙදර කම්පියුටර් එක වැඩ කරන්නෙ නෑ.පුලුවන්නම් හදලා දෙන්න කියලා.මේ ගෙදර ඉන්නෙ අර ආපු කෙනයි,එයාගෙ අම්මායි ලේලියි චූටි මිනිපිරියි.එයාගෙ පුතා ඉන්නෙ ඉතාලියෙ.ඉතින් ගෙදර අය බලන්න තියෙන ආසාව නිසා ලීස් ලයින් එකක් අරන් ස්කයිප් දාලා තමයි ගිහින් තියෙන්නෙ.රට ඉන්න පුතා එක්ක කතා කරන එක ඇරෙන්න මේ මිනිස්සු කම්පුයුටර් ගැන කිසිම දෙයක් දන්නේ නෑ..

මාත් ගිහින් බැලුවා.ලංකාවෙ නමක් තියෙන ස්ක්‍රිප්ට් වර්ගයේ වයිරස් එකක්.මේක මැශින් එකේ ලෝකල් සර්විසස් වලට හානි කරලා.ඉතින් අනේ මේ මිනිස්සු හිතලා තියෙන්නෙ ලොකු ගැටලුවක් කියලා.ඉතින් පැය බාගයක් විතර දගලලා හදලා දුන්නා.මේක මම කියන්න හේතු වුනේ මේකයි..

පරිඝනක ලොකෙ ඉන්න අපි ප්‍රොගෑම් ලැන්ග්වේජ් එකක් දෙකක් දැන ගත්තා කියලා ලෝකෙට වැඩක් නෑ අපි ඒකෙන් හරි දේ කරන්නෙ නැත්නම්.ටිකක් හිතන්න අර මිනිස්සුන්ට තමන්ගෙ පුතාට කතා නොකරන තැනට වැඩ සිද්ද උනාම මිනිස්සු දුකට පත් වෙන තරම...

අනික් අතට සතියම නැහිලා නැහිලා වැඩ කරලා ඉඩ ලැබෙන මිනිත්තුවට තමන්ගේ ලමයගේ බිරිදගෙ මූන බලන්න ඉන්න අර මනුස්සයා දුකට පත් වෙන තරම.මේ වෙලාවට ඒ කිසිම කෙනෙක් අර වයිරස් එක ගැන දන්නවා නම් , අනේ බලන්න මේක හදපු ලමයාගේ ලොජිකල් මොලය කියලා කියන්නෙ නෑ.(හෙණ ඉල්ලනවා ඇරෙන්න.)

අවසාන වශයෙන් කියන්නෙ මෙපමනයි.ඔබේ හැකියාව පිලිබදව මිනිසුන් දැන ගත යුත්තෙ ඔබ කරන හානිය මත නොවේ.ඔබ ලොවට කරන සේවය මතය.සේවයක් කලනොහැකි නම් අවම වශයෙන් හානියක් නොකර සිටින්න. අහිංසක මිනිසුන්ගේ කාලය සහ හීන ඝාතනය නොකරන්න.

ප.ලි

මගේ රටේ පුද්ගලයෙකු මේ ලෙස හැසිරීම මා ඉතා පිලිකුල් කරන හෙයින් මෙම සටහන ලියා තබමි.

අනෙකුත් වයිරස ලෝකයට බිහිවන්නේ මදුරුවන් නැති කලට කොයිල් පත්තු කොට වැඩක් නැති නිසා බවද දනිමි.මන්ද යත් මදුරුවා නැති වූ දාක මිනිසුන් මැස්සන් එල වීමට කොයිල් පත්තු නොකරන බැවිනි. නමුදු වයිරස් බිහිවීම එක අතකට හොද වන්නේ ඒහා සටන් කිරීමට දරන උත්සාහයේදී අලුත් සොයා ගැනීම් ලෝකයට බිහිවන නිසාය.එය එසේ නොවුවානම් දෙවන ලෝක යුද සමයේදී ඇමෙරිකාවට යුධ මූලස්ථාන අතර සන්නිවේදන අවශය්‍යතාවය මත ARPANET (Advanced Research Project Agency Network)ජාලය හි බිහි වීමත් දැන් පවතින අන්තර්ජාල තාක්ශනය බිහි නොවීමටත් ඉඩ තිබින. ( යුධ වැදීම නොමනා ක්‍රියාවකි.මා අවධාරනය කරන්නේ අවශ්‍යතාව ඇති වූ හේතුවයි )

නමුත් මෙම තත්වය එසේ නොවන බව මා මෙන්ම ඔබද වටහාගෙන ඇතැයි සිතමි.තමාගේ දැනුම ( බුද්ධිය නොව )යොදා ගෙන මෙවැනි නිවට වැඩ කිරීම ඉතා පිලිකුල් සහගත නොවේද?

පෙන් ඩ්‍රයිව් සම්බන්ධ කල විට දෝශසහගත බව පෙන්වමින් පනිවිඩයක් දිස් වීම මෙම වයිරසයේ ලක්ෂනයකි.බොහෝ විට autorun සැකසුම අක්ක්‍රීය කිරීමෙන් මෙම හානි කිරීම මගහරවා ගත හැකිය.මේ සදහා මා සතු පුංචි උපකරනය ඔබට අවශ්‍යනම් භාවිතා කරන්න.

බාගත කරන්න.

මට හිතෙන හැටියට , හැකිතරම් ඉහලටම අප ඉගෙන ගත යුතුය නමුත් ලබාගත් දැනුම උරගා බැලීමට පසෙක සිටින අයගේ අහිංසක සිත් හා ඔවුනගේ හීන ඝාතනය නොකල යුතුය.

සැ.යු

විදෙශිකයෙකු මෙම ක්‍රියාවකොට ලංකාවෙ නම දැම්මා , ඉබේ වයිරසය ලියැඋනා.. වැනි මොන්ටිසෝරි කතාද මෙවැනි වැඩ හුරේ කිය කියා කරන්නෙක් නොවේනම්ද පමනක් ඔබගේ අදහස් පලකල හැකිය..

Thursday, June 17, 2010

 මොනවද නිප්පෝ මේ කරන්නේ......
( නිප්පාගෙ ලොජිකල් නැති වම් මොලේටත් ඕනි නැති දෙයක් නෑ )

අච්චර විභාග ගොඩක් තියාගෙන
මෙච්චර එසයිමන්ට් ගොඩ ගහගෙන
පිච්චර බලන එක පැත්තකින් තියලා
පටන් ගත්තද තව එකක් ඒ පාර.
තියපන් තියපන් කොමාවක් ඔය වැඩෙට විභාගෙ
ඉවරවෙනකම්.

කතාව ඇත්ත කතාව ඇත්ත !!!

හෆෝ,මේ වම් මොලෙත් එක්ක තියෙන වදයක්!! අනේ උඹ පලයන්කෝ.
ආයෙ ඔය යුනිවර්සල් රිසෝස් ලොකේටරෙ ටයිප් කලොත්බලා ගෙන!!!!

හරි හරි හිටපන් හිටපන් තව පොඩි පෝස්ට් එකක් තියෙනවා දාලා එන්නම්.හෙට රණවිරු දිනේ..

මෙන්න මේ සෙත් කවියත් කියලා එහෙනම් නිප්පා කාලෙකෙට සමු ගන්නවා..


පිරිලා යස ඉසුර බෝ සන්තොස වේවා..
වැඩිලා බව බෝග දුක් ගිනි දුරු වේවා..
සූ විසි කෝටියක් දෙවිවරු සෙත දේවා..
අප මව් රටේ මුරදෙවි දේවතා වූ රණවිරුවන් දිගුකල් වැජඹේවා..

කඩියා කිව් බලු කවිය..

කඩියා බලු පැටියාය සේනානායක ලා හට සිටිය..
හිටියත් නෑ වගේ බව්වා හොර ගෙඩියා සරිය..
කම්මැලි උනත් මූ එවරෙඩි වෙනතැන ජල් බරිය..
කඩියා සිතු දුටු දේ කියමි වීලා හරි බරිය..

තුම්පනේ ඉදලයි කෑකෝ ගහන්නේ..
කල් බලා නොයිද මේ හැටි වරෙන්නේ..
මුන් මහ ලොකුද කෙරුමොද අඩන්නේ..
සයිලන්ස් වෙයව් පුම්බා උඩ අරින්නෙ..

උඩුපිලයි යටිපිලයි වාගේ වාදෙක පැටිල..
පැටිල ගෙ මස්සිනා වගෙ අරගෙන දුම්මල කැකුල..
අනේ සුදු පැටිලා දන්නවානම් මුගෙ පැටිකිරි මගුල..
ගහලා පන්නලා අරගෙන ගහලා බත් මේසේ පුටු කකුල..

දෙන්නම් වෙන්ඩ සම්බෝල  බඩ ලොකු කලු මී තඩියෝ..
කියලා සෙට් වුනා ගේමට පැටිලාලගෙ ගැන්සියෙ කොලු ගැටයෝ..
උන් පොඩි පොඩි බඩි උනත්  උන් වෙරි සොරි ඒ හැටි ගිනි ගෙඩියෝ..
දුන්නනොත් ලෝකයක් වලදා බොයි වතුර මුන්නම් වන නරි සරියෝ..

බල්ලා උඩු බුරයි ඉදගෙන සයිඩ් එකෙන්..
පැටිලා කියයි කෑගසා යන්නට  සයිට් එකෙන්..
කොහි යනු බොරුය ඇවිලුනු මහ ෆයිට් එකෙන්..
බිලලී අහු වියන් යමි අරගෙන මලකුන බයිට් එකෙන්..

අනේ මස්සිනේ නුඹ දත් අල ගුලිය..
තා හිතුවාද ගන්නට ලේසියට මගෙ පලිය..
අනේ තොගෙ වස්ත්‍රය මා නොදනී උඹෙ බලිය..
පලයනු දොට්ට දෙන්නෙමි පහර ගෙන හාල් ගරනා නැලිය..

එන පොට හොද නැතිබව පසක් විය..
ගිය අවුරුද්දෙ දිව් මැරතන් මතක් විය..
දැන් ඇති හොදොටෝම මේ ලෙස බයිට් විය..
වර ඒ පැත්තෙ දෝනියා මම යමි ඔහු මාරු විය..





නිමිත්ත...

පැටිලා(අන්වර්ත නාමයකි) යනු අසල ගෙදර සිටි සේනානායක(අන්වර්ත නාමයකි) වූ අයෙකුගේ රෑමත් තරම් පොහොසත්  දුව වූ අතර කඩියා(අන්වර්ත නාමයකි) යනු එහි සිටි ජර්මන් ෂෙපඩ් වර්ගයේ බලු
තඩියාය.මස්සිනා ලෝක අමාරු කාරයෙක් බවද පැටිලා හා විවාහ ගිවිස ගැනීමට කැමැත්තෙන්ද සිටිබව  සොයා ගන්නා ලදී .

 (කොලඹ බෝඩිමේ නැවතී සිටියදී එක් රාත්‍රියක මා අත්ලද සත්‍ය සිදුවීමකි)

Friday, June 11, 2010

මගේ හරි පුදුම ඉස්කෝලය

නිප්පා කාලයක් එක්තරා පරිඝනක පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කලා.ඉතින් ඔය කාලෙදී නිප්පා දැක්ක දෙයක් තමයි පරිඝනක පාසලේ ඉගෙන ගන්න එන බොහෝමයක් පාසල් ලමුන් පෞද්ගලික පාසැල් වල පොහොසත් සිසුන් බව.ඉතින් නිප්පා ට ඕනි උනා එයා දන්න දැනුම ගම්බද දරුවන්ටත් ලබා දෙන්න ක්‍රමයක් .ඉතින් මේකට එයා අවස්ථාවක් බල බල තමයි ඉන්නෙ...


මගේ බ්ලොග් එකට එන ඔය කවුරුහරි මේ විදිහට දුප්පත් ලමයිට පරිඝනක අධ්‍යාපනයට මග පාදන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න.

නිප්පා ගාව මේ දේවල් තියෙනවා.

  • අවශ්‍ය කරන විෂය නිර්දේශ.
  • මූලික වැඩ කටයුතු පටන්ගන්න අවශ්‍ය පරිඝනක කීපයක්.
  • මධ්‍යස්ථානයට සුදුසු ගොඩනැගිල්ලක්.(ආරක්ෂිත)
  • ඉගැන්වීමට අවශ්‍ය සුදුසුකම් ඇති අත්දැකීම් සහිත ගුරුවරයෙක්.(අයි.ටී උපාධිය හදාරන)

මේ සම්බන්ධව උදවු කරන්න කැමති කවුරුමහරි කෙනෙක් ඉන්නවනම්(නැණසලක් උනත් කමක් නෑ.ගන්න ක්‍රමයක් තියෙනවා නම්) මෙන්න මගේ ඊ-ගිණුම nipuna(dot)chaminda (at) gmail.com

Wednesday, June 9, 2010

අන්න ඒක නිසා..


මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න.
මට කැමති හැම දෙයක්ම ගන්න.
ඒ දේවල් කවදාවත් මට තිබුනේ නැති නිසා….
මට කැමති තැනකට යන්න.මම කැමති විදිහට ඉන්න.
අනේ එහෙම ඉන්න කවදාවත් ඉඩ නොලද නිසා …
අතේ තියෙන ගාන බලලා බඩගින්නේ  ඉන්නෙ නැතුව
හිතේ හැටියට දෙයක් කන්න මට ආස නිසා…
එක දවසක් රෑ එලි වෙනතුරු පොත නොබලා නිදාගන්න.
එහෙම දිනක් කවදාවත් මතක නැති නිසා…
වතුරෙ පොගලා පාන් කාලා,තුන් වේලම පිරිමහලා,මේ තරමට දුක් වින්දේ ..
අන්න ඒක නිසා...