Showing posts with label PHOTO SHOP. Show all posts
Showing posts with label PHOTO SHOP. Show all posts

Thursday, August 12, 2010

ෆොටෝ ශොප් වලින් චලන රූප (.gif animations) හදන හැටි.


මේ ලිපියෙන් මම කියලා දෙන්නෙ සයිට් කරන අයට වගෙම ග්‍රැෆික් (2D Raster Graphics)ගැන උනන්දුවෙන ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක් ගැන.

මම බ්ලොග් එකට කාලෙන් කාලෙට අලුත් බැනර් දානවා ඔයාල දැකල ඇති.. ;-)
ඇනිමේට් එකක් එක්ක දැම්මාම අවධානය ලැබෙනවා වැඩියිනෙ..

කරන්න හරිම ලේසියි.අමුතුවෙන් ෆොටෝ ශොප් කෝස් කරලා තියෙන්න ඕනිත් නෑ.මෙනු ටික දිග ඇරලා බලලා වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් නම් ඔයාටත් මම කියන ක්‍රමේ පාවිච්චි කරන්න පුලුවන්.

පියවර විදිහට දාන්නම් එතකොට පැහැදිලි කරන්න ලේසියි. :-)

1.ෆොටෝ ශොප් ඕපන් කරගන්න.ඊලගට File > New කියන තැනින් අලුත් කැන්වස් එකක් / අලුත් ඉමෙජ් එකක් ඕපන් කරගන්න.

2.මෙතනදී ඉමෙජ් Diamentions ( height X width) in pixels ලබා දෙන්න.ඒ අනුව ඉමේජ් එකේ ධාරිතාවය වෙනස් වන බවද මතක තබා ගන්න.උපරිම 10KB ට අඩුවෙන්න ඉමෙජ් එක හදාගන්න.නැත්නම් සයිට් වලට දැම්මට පස්සෙ ලෝඩ් වෙන්න වෙලා ගත වීමෙන් පරිශීලකයින් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්.

3. කියන්න හදන්නේ එකේ ඉදලා තුනට යනකම් ඉලක්කම් පෙන්වන ඇනිමේශන් එකක්.මේකේ ලේයර්ස් වෙනස් කරලා ඔයාට කැමති ඇඩ් එකක් හදාගන්න. :-)

4.දැන් මෙනු එකේ WINDOW තැනට ගිහින් Animation කියන වචන ඉස්සරහා ක්ලික්
කරන්න.අලුත් වින්ඩෝ එකක් ඕපන් වේවි Animation කියලා.
ඔක්කොම කොටස් ටික ලෑස්තිද ? එහෙනම් වැඩේ පටන් ගමු.

5.ලේයර් වින්ඩෝ එකේ බලන්න කියලා ලේයර් එකක් ඇති.ඒක ඉස්සරහා ලොක් (Lock) එකක
සලකුනකුත් තියෙනවා නේ.මේ පැලට් එකේ පහල තියෙන add new layerකියන බට්න් එක උඩ ක්ලික් කරලා
අලුත් ලේයර් එකක් ඉමෙජ් එකට ඇඩ් කරගන්න


4.දැන් මේ ලේයර් එක සිලෙක්ට් කරලා ටෙක්ස්ට් ටූල් එකෙන් 1 ඉලක්කම ලේයර් එක උඩ
ටයිප් කරන්න.



5.දැන් මේ විදිහටම තව ලේයර් එකක් අරන් ඒකෙ 2 ඉලක්කමයි.තවත් ලේයර් එකක 3 ඉලක්කමයි ටයිප් කරන්න.මත්ක තියා ගන්න හැම විටම අලුත් ලේයර් එකක් ගන්න ඕනි.ඒ වගෙම ටයිප් කරන්නෙ නිවැරදි ලේයර් එක මතම ද කියලත් තහවුරු කරගන්න.



6.දැන් ඇනිමේශන් වින්ඩෝ එකේ Duplicates selected frames කියන බට්න් එක 3න්
පාරක් ක්ලික් කරලා Slides තුනක් ගන්න

7.ඊලගට එක් එක් ෆ්‍රෙම් එක මත ක්ලික් කරලා ලේයර් පැලට් එකේ ලේයර් විසිබල් කියන ඔප්ශන් එක ඔන් ඕෆ් කිරීමෙන් එක් එක් ස්ලයිඩ් එකෙදී පින්තූරෙ පේන්න ඕනි ලේයර් ටික සකස් කර ගන්න.

උදාහරනයක් විදිහට පල වෙනි ෆ්‍රෙරේම් එකිදී 1 කියන ඉලක්කම විතරක්.දෙවෙනි ෆෙරේම් එකේදී 2 ඉලක්කම විතරක් .... (play බට්න් එක මත ක්ලික් කරලා බලන්න.ඉලක්කම් මාරු වෙනවාද කියලා. :-)

8. දැන් අවශ්‍ය නම් ඔයාට මේකෙ ටයිමින් සෙට් කරන්න පුලුවන්. option D

9.ඉමේජ් එක සේව් කරන්නෙ මෙන්න මෙහෙමයි.

10.මෙනු බාර් FILE වල Save for WEB යන්න ක්ලික් කරන්න.දැන් ලැබෙන වින්ඩෝවේ දකුණු පැත්තෙ PRESET > image type විකල්පය යන්නට GIF සිලෙක්ට් කර SAVE බට්න් එක
මත ක්ලික් කරන්න.

11.මෙහිදී රූපයේ ධාරිතාවය හා ලෝඩ් වීමට ගතවන කාලය පිලිබදව සැලකිලිමත් විය යුතු වේ
Blink වෙන විදිහට හදනවානම් කරන්න ඕනි ස්ලයිඩ් දෙකක් අරන් එක ලේයර් එකක බ්ලින්ක් වෙන දේ දාලා
පලවෙනි ස්ලයිඩ් එකේ විසිබල් අයින් කරන් එකයි ;-)

ගැටලුවක් තිබ්බොත් මතක ඇතුව කමෙන්ට් කරලා අහන්න :-)