Showing posts with label Little Seacrets of PC. Show all posts
Showing posts with label Little Seacrets of PC. Show all posts

Thursday, July 8, 2010

කපටි වැඩ,රහස්,ගණුදෙනු එක්ක හොදම ඉන්ටර්නෙට් පැටිකිරිය හෙවත් මගේ සම්බෝලය... (Free Online Bla bla bla )

හරි මෙහෙමයි ..මම ලියාගෙන ලියාගෙන යනවා ටිකක් ඉතර තරහෙනුත් ඉන්නෙ කොයි දේවල් කියයිද දන්නෑ.පරිස්සමට ඕං..මුලින්ම ඇඩ් සෙන්ස් නස්පැත්තිය.ඔන්න මාත් අඩු ආදායම් ආර්ථිකේ ලාබදායම කෙරුවාව කියලා ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරපි.මේකට කවුරු මොනා කිව්වාම මොකො ගානක් එන්නෙ අපිටනෙ. ඔන්න යුනිකෝඩ් කියවන්න බෑ කියලා ඒක රිජෙක්ට් කරපි.

හරි යුනිකෝඩ් ද බොට හෙනේ ? දෙන්නම් කියලා සුද්දගෙ ඇල්පබට් එකෙන් කොටලා ලියමන් කීපයක් බ්ලොග් එකට දාලා ආයෙත් ඉල්ලුම් කරපි.ඉලව්වෙ ඒත් බැහැයි කියපි.ඒ පාර වෙනම බ්ලොගක් අටෝලා ඒකට ඇල්පබට් අකුරු ලියමන් ටික ඔබාලා දැන් මොකෑ කියන්නෙ කියලයි ඇහුවා.ඒක ඔක්කෙයි (ok)ලු.මගෙ කට...

හරි අපේ ලියමන් වල තියෙන අකුරු වචන කියවලා තමා මේ උදවිය ගැලපෙන දැන්වීම එවන්නෙ.ඒකයි මේ යුනිකෝඩ් තාම ඔට්ටු නෑ කියන සෙල්ලමට මුල.

හරි දැන් ඒ ඈයො කෝමැයි මේවා උඩ කෙටුවේ අපිමදැයි හොයන්නෙ..

සරලවම බ්ලොග් එකට ආපු අයි.පී කියන අයිපී වල ඉස්සැටික්ස් ස්ටික් කියෝලා.

අයි පී ?? ඒ මක්කැයි. නොදරුවො ඉන්නවානම් මෙහෙම කොරන්ට.

Windows key+r > cmd >ipconfig

ලැබෙන්නෙ දැන් ඔයාගෙ අයිපී එක

හරි දැන් ඕකට මක්කැයි කොරන්න පුලුවන්.

දැකලා තියේද අර බ්ලොග් එක පැත්තෙ එල්ලෙන විජට්ටුවක් තියෙනවා කොඩි කොඩි ගොඩක් එක්ක.අන්න ඒකේ ලෝකෙ වටේම කොඩි වලින් ආවා කියනවා.හරි ඒ කියන්නෙ ඇත්තම එහෙමම වෙලාද?නැහැ සහසුද්දෙන් නැති උනත් ටිකක් ඉතර ඇත්ත.

ඇයි කියන්න කලියෙන් රන් කමාන්ඩ් එකේ මෙන්න මෙහෙම ටයිටි කරලා එන්ටර් කරන්න

(c:\ >tracert www.nipunadk.blogspot.com)

පොඩි රිපෝට් එකක් ඒවි.ටික වෙලාවකින්.ඒකෙ මොනාද තියෙන්නෙ හැබෑට.අපි යූ.ආර්.එක ටයිප් කොරලා එක්ට කී එකට තඩිබෑව ගමන් අර රික්වෙස්ටි එක ගූගල් සර්වර් එකට දඩාස් දාල යන්නෙ නෑ ඕං..

කීප තැනකම රී ඩිරෙක්ට් වෙවි තමා යන්නෙ.තව දෙයක් දැක්කද එන්නර් කී එක ඔබපු ගමන් ගූගල් ඩොට් කොම් වෙනුවට තව සබ් ඩොමෙන් එකක් ඉස්සරහට ආවා. www.l.google.com ඒක ගූගල් සර්වර් ඒකෙ පොඩි ආරක්ෂක පියවරක්.ඒ කිව්වෙ ඩිරෙක්ට් ඈටෑක් වලින් බේරෙන්න.වැඩි විස්තර මන් දන්නෙත් නෑ ඕං.. ;)

හරි ඉතින් කොඩි කතාවෙයි මේකෙයි ලික්න් එක මොකෑ???

ඊට කලින් තව පොඩි දෙයක් ගෙදරින් සයිබීරියාවට බහින ඈයො කෝම වුනත් ඔෆිස් හරි ලොජ් එකෙන් හරි සයිබීරියාවට බහින අයට සමහර සයිට් බොලොක් කරලා.හරි කෝමැයි මේක කොලේ????

අපෙ කොම්පීටරේ නෙට් යද්දි එක්කො ඒක ඇතුලෙම (Internet Firewall)හරි පිටින් වෙනමහරි ප්‍රොක්සි (Proxy server) කියලා ගැජට්ටුවක් තමා මේකට මුල.

මෙයාගෙ බ්ලොකින් සිස්ටම් දෙකයි.

1.එලව් ඕල්(Allow all)

(ඔනි සයිට් එකකට යන්න දෙනවා හැබැයි බ්ලොක් කරපු කීපයකට ඇර.ඔෆිසියෙ නම් මූනු පොතට වගේ. )

2.ඩ්නයි ඕල්...(Deny all)

කිසිම සයිට් එකකට බෑ යන්න අවසර දුන්න ඒවා ඇරෙන්න

(උදා ඉන්ස්ටිටුට් නම් විකිපීඩියා , LMS-[Learning Management systems] වලට )

ගොඩාක් වෙලාවට පාවිවිච් වෙන්නෙ එලව් ඕල් ක්‍රමේ.හේතුව ඇඩ්මින් ගොයියට ලේසි නිසා.මිනිහා ඔෆිසියෙ අලුත්ම ට්‍රෙන්ඩ් හොය හොය බ්ලොක් කරනවා. :p

මේකට මොකද කරන්නෙ???

හිතන්න හදිසියකට ජී.මේල් එකකට යන්න යන්න ඕනි එත් බ්ලොක් කියලා.මෙන්නෙ මෙහෙමයි කරන්නෙ. ෆ්‍රී ප්‍රොක්සි සරිවර් එකට ගිහින් එතන ඇඩ්ඩ්‍රස් බාර් එකෙ ඔයාට යන්න ඕනි යූ.ආර්.එල් එක ගහන්න.

මේවා කියලා දෙන එක සදාචාර විරෝධි නෑ ලු ඕං.... :(

ඉතින් මෙන්න මෙහෙමයි.අපි කෙලින්ම බ්‍රවුසර් එක හරහා ඉන්ටර්නෙට් යනවා නම් අපියි සයිට් එකයි අතර මැද්දෙ ඉන්නෙ අයි.එස්.පී

අයි එස් පී කොරන්නෙ මොකද්ද?

නමින්ම කියන විදිහට ජංජාලෙයි ඔයාගෙ කොම්පුයුටර් එකයි ලින්ක් කරන්නෙ මෙයා.ඉතින් අපි සල්ලි ගෙවන්නෙ මෙන්න මේ ලින්ක් කරලා දෙන එකටනේ...

ලින්ක් කොරද්දි වෙන්නෙ???

මෙයාලා පාවිචිචි කරනවා ඩී.එන්.එස් සර්වර් එකක්.

අපි යූ.ආර්.එල් එක ටයිප් කරපු ගමන් සයිට් එක හොස්ට් එහෙම නැත්නම් රදවලා තියෙන සර්වර් එකට අපිව රී ඩිරෙක්ට් වෙන්න මෙයත් උදව් වෙනවා.

මෙයාගෙ ක්‍රමත් දෙකයි.

ෆෝවඩ් ලුකප් (Forward Lookup)

අපි සයිට් යූ.ආර්.එල් එක ගහපුගමන් ඒ සයිට් එකට අදාල අයි.පී එක රිසොල්ව් කිරීම.

බැක් වර්ඩ් ලුකප් (Backword Lookup)

සයිට් අයි.පී එක යූ.ආර්.එල් එකට රෙසොල්ව් කිරීම.

කැමති අය අර කමාන්ඩ් එකෙන් ලැබුන සයිට් අපි පී එක විතරක් බ්‍රවුසර් එකේ ගහලා එන්ටර් කරන්න.සයිට් එකට රීඩිරෙක්ට් වෙයි.

දැන් ඉතින් පැහැදිලී නෙ කොහොමද කොඩි ලෝකෙ වටෙන්ම එන්නෙ කියලා. ;)

විජට්ටුව හදාලා තියෙන්නෙ සයිට් ඇඩ්‍රස් එක රිසොල්ව් කරන රික්වෙස්ට් එක එන අයිපී එක අල්ලගන්න.නැත්නම් ඒවගෙ වෙනත් ක්‍රමේකට.ඔයාලා සයිට් එකකට යනකොට ලෝඩ් වෙන්න වෙලා යනවා නේද?හැබැයි ගූගල් එන්ජිම පටස් ගාල ලෝඩ් වෙනවා නේද??සයිට් එකකට යනකොට යටම තියෙන ඔය දැන් Done කියලා වචනෙ තියෙන බාර් එක දිහා ටිකක් බලන් ඉන්න බලන්න අතරමැදි සයිට් ඇඩ්‍රස් කීයක් විතර තියෙනවද කියලා???

ඔන්න ඕකයි සයිට් එක ලෝඩ් වෙන්න වෙලා යන්නෙ.දැන්මම කියන දේ ටිකක් තිත්තයි...

සයිට් හරි බ්ලොග් හරි අපි කරන්නෙ කාට හරි යමක් දෙන්න . වාණිජ හෝ නොවන.ඒත් අපෙ වැඩෙන් ගාන හොයන අය ඉන්නවා.අපි දන්නැති.ඔය විජට්ටු දැම්මාම ඒක අපෙ සයිට් හරහා නිකම්ම ප්‍රචාරය වෙනවා.ඒ වගෙම මේවා දෙන සයිට් එකේ ට්‍රැෆික් එකත් වැඩි වෙනවා.ඒක සයිට් රැන්ක් වලදී ඒ අයට මාර වාසියි.අපේ එකෙක් නම් ඒත් කමක් නෑ.එහෙම කරන අය ඉන්නවානම් මට කියන්න.

අනික සයිට් එකට එන්න අපි යට කරන සල්ලි නිරපරාදෙ නේද කොටසක් අනවශ්‍ය බයිට් කන්දරාවක් බාගන්න නාස්ති වෙන්නෙ.මේකයි වැඩෙ වෙලා තියෙන්නෙ මේක ගැන නොදන්න අය නොදැනුවත් කමටමයි මේ අලුත් විජට්ටු ගැන පබ්ලිසිටිය දෙන්නෙ.ඒ අය එහෙම් කරන්න මීයක් කඩලා අත ලෙවකන්න.වෙන මොකටවත් නොවෙයි,හිත හොද කමට.ඒත් මෙ විජට්ටු ඩිවෙලොප් කරන අය ඒක හදන්නෙ අත ලෙවකන්න නම් නෙවේ ඕං...

සයිට් ස්ටැටික් බලන්න ගුගල් ලාම ක්‍රමයක් දීල තියෙනවා.එත්කොට ඒ වැඩෙත් හරි.ඒත් මේ බිත්ති ඔරලෝසු ලෝක සිතියම් අරවා මේවා දාන්නෙ ඇයි?මම හරිනම් පුරාජේරුවට.තද වෙන්න කාරි නෑ ඒක මනුස්ස ස්භාවය.අපි ආසයි අපි යමක් දන්නවා කියන්න.හැබැයි එකක් අර ගූගල් අය ඒක නොදාන්න හේතු වයි අපි ඒක දාන හේතුවයි තමා වෙනස.අපි දන් නැතුවම කස්ටමර් කෙනෙක් වෙලා.හැබැයි අපිට ලැබෙන අල බෝලයක් නෑ

( සුද්ද්ගෙ තාක්ශනෙ අපිට නිකම් දුන්නෙ නෑ.හරියට අර ටී.වි ටික විකුනන්න ඉස්සෙන්ලා ටිවී ස්ටෙශමක් නිකන් දුන්න කට්ටය වගේ නේද??? ) සයිට් හැඩවැඩ කර එකටනම් මම විරුද්ධ නෑ.එත් අපි නිසා ඩොලර් සත්යක් හරි නිරපරාදෙ රටින් පිටට යනවට නම් මාත් ෆුල් ඔබ්ජෙක්ශන්.තීරනය ඔබ අතේ.

යන්තම් අත පතගලා කීයක් හරි හොයාගෙන ඒක ෆෝන් එකට දාගෙන ජී.පී.ආර්.එස් (GPRS)වලින් නෙට් එන මං වගෙ අයටත් මේකෙන් කෙල වෙනවා නම් තමා.ඇයි ගොඩක් වටින කියන විස්තර විනෝදත්මක දේවල් බලන්න තියෙන අවස්ථාව මේකෙන් ඇහිරෙන්නෙ දුප්පත් අපි වගේ උන්ටමයි යාලුවේ...

සම්බෝලය අහවරයි !!!!!

මේකට කොයි අය මොනා කියයිද දන්නෑ.ඒත් මාත් ගේ හැදුවෙනම් කැරකොප්පුව ගැන නොදැන නෙමේ ඕං..

සමහර සයිට් , බ්ලොග් වලට මම මූනු පොතෙන් ඇඩ්මින් හොයන් පුද්ගලිකවම කතාකරලා මේක කිව්වා. පිලියම් යොදපු ඒ අයට බොහොම ස්තුතියි.

කඩ්ඩෙන් ලියුම් කීපයක් දැම්මෙ මගෙ අනික් බ්ලොග් එකට පස්සෙ මාරු කරන්න හිතාගෙන.හසිත මල්ලිය අහලා තිබ්බ මොකැ මේ ඉංග්‍රීසි කොටන්නෙ කියලා.මොනා කරන්නද මලේ වව්ලගෙ පාටියටනේ ගියේ....

පාටියට බෙල්ල දුන්න අසරණයාවත් මම පස්සෙ මේකෙ පැත්තක එල්ලනම්.මොකැ මාත් මීයක් කැඩන හැටි දැන්නෙ නැතිවයැ???? ගානක් එන වැඩ්ක් නම් ධර්මෙන් කලත් මොකො????


හැකින් ක්‍රම දෙකයි.එකක් වයිට් හැට් අනික බ්ලැක් හැට් .ඔය කොයි කොයි එකත් අඩු වැඩිය ඇතුව හිමීට කියන්නම්.ඉන්න මේ විභාගෙ අහවර වෙනකම්...

මෙව්වා ටෙස්ට් කොරන්න ගිහින් මගෙ අයි.ටී කොම්පැණියෙ ලොක්කා ඉන්කුවයිරි තිබ්බෙත් නැතුව නෙමේ ඕං...

ලොක්කා මගෙන් අහපි"පුතා තට අප සමාගමේ ඇඩ්මින් කමක් රහසින් තිබේද ??? :( "

අනේ මම හාං කවිසියක් එදා නම් දැනෙ ගෙන හිටියෙ නෑමයි සර්...

මම එදා ඇඩ්මින් නොවුනට ඇම්ඩන් නම් තමා...

මුසිලයෙක්ට දැනුම දුන්නාම මට ඔව්වා වෙනවා.මට එදා නම් හිතුනා කේලම්කාරයා දැක්කාම...


Monday, July 5, 2010

උදව්වක් අවශ්‍යයි.How to run Sonyerricsson PC Suite on Linux?

ගැටලුව මේකයි.මම දැනට පාවිච්චි කරන්නෙ එක්ස්.පී ( X P service pack II)මෙහෙයුම් පද්ධතිය.නමුත් මට උබුන්ටු(Ubuntu 9.10-Desktop Edition) මෙහෙයුම් පද්ධතියට මාරු වීමට අවශ්‍යයි.නමුත් ගැටලුව එහිදී මට අන්තර්ජාල සබදතාව ගොඩ නගා ගත නොහැකි වීමයි.එනම් මා දැනට භාවිතා කරන සෝනි එරිර්ක්සන් (Sony Ericsson PC Suite)මෘදුකාංගය සදහා ලිනක්ස් සැකැස්මක් එම සමාගම ඉදිරිපත් කර නොමැති වීමයි.මම වයින් මෘදුකාංගය (WINE)මත යැපීමට උත්සාහ කලද එයද එරික්සන් සම්බන්ධයෙන් අසාර්ථකයි.

උදව් අවශ්‍ය වනුයේ එක්ස්.පී මතහිද උබන්ටු රිපොසටරියෙන් මේ සදහා මෘදුකාංග ගතහැකි සුදුසු ක්‍රමයක් සකස් කරගැනීමටයි..

නැතහොත් උබන්ටු මත සෝනි එරික්සන් මෘදුකාංගය ධාවනයට විකල්ප ක්‍රමයක් තිබේද?

Sunday, July 4, 2010

ජනෙල් මකුණො වගයක්(Windows Bugs)-ජනෙල් ටීම් එකටත් තාම විස්තර කරගන්න බෑලු.....







මකුණා(Bug) 1
=========
  • අලුත් ෆෝල්ඩරයක් හදලා නම් (Rename )කරන්න බලන්න con කියලා tensionsoal

මකුණා(Bug) 2
=========
  • නෝට් පෑඩ් එක ඇරලා මෙන්න මේ වචනේ ටයිප් කරලා කැමති නමකින් සේව් කරලා වහලාආයෙත් ඕපන් කරන්න( type > save >close > reopen)
Bush hid the facts

hah fikir


මකුණා(Bug) 3
==========
  • වර්ඩ් (Ms Word )ඕපන් කරලා මෙන්න මේ සටහන කොටලා එන්ටර් කී එක ඔබන්න
=rand (200, 99) hah
  • වර්ඩ් වල ඉදන්න මේ වැඩෙත් කරන්න.Ctrl,Alt,+ යතුරු කීපය එකවර ඔබන්න.මවුස් පොයින්ටර් එක වෙනස් වුනාද?hah


විස්තරේ ආවේ ඊ-මේල් එකක garupale
වෙන කෘමීන් ගැන දන්නවනම් මටත් කියන්ට .......banyakckp
Enhanced by Zemanta

Monday, June 28, 2010

එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි යන්නෙ කොහොමද.?-Microsoft Net Meeting-[ජනෙල් සැගවුනු අමුත්තා]

බ්ලොග් එකට සුපුරුදු අයට වෙනසක් පේනවද?garupaleඒකට මම ස්තුති කරන්න ඕනි අපේ අශාන් කෝදාගොඩ යාලුවාට.වරුවක් විතර මහන්සි වෙලා එයා තමයි මේක හදාලා දුන්නෙhah.වටිනම වැඩේ මොකද්ද දන්නවාද?අපි කවදාවත් හැබැහින් හම්බවෙලා කතා කරලා නැහැ නොවැtakbole.බ්ලොග් එකෙනුයි මූනූ පොතෙනුයි හම්බවුනු ෆිට් එකනෙ තියෙන්නේsoal.

කොහොමින් කොහොමහරි ඒ සහෝ ගෙ වැඩක් කරගන්න තියෙන කාලයෙන් මටත් ඉඩක් වෙන් කරලා දුන්න එකට අශාන් යාලුවාට තව සැරයක් ස්තුතියි..... soal
පෝස්ට් එකේ මූණූ දාන කෝඩ් එක දැන ගත්තෙ තිලිණ සහෝ ගෙන්.එයාටත් ගොඩක් ස්තුතියි.soal
කමෙන්ට් වල මූණූ දාන කෝඩ් එක දැන ගත්තෙ සෑම් සහෝ ගෙන්.එයාටත් ගොඩක් ස්තුතියි.soal


අද සටහන,,,
hah
=======

බ්ලොග් වල ඇවිදගෙන යද්දි නිප්පා දැක්කා අර කපල්එකක් ලියන බොස් ඇන්ඩ් ජබොස් lovegarupale බ්ලොග් එක.එකේ තියෙන සටහන් වලට හරි අපූරුවට මේ ඉමොටිකොන්ස් පාවිච් කරලා තිබ්බාgatai.ඕක දැකලා තමයි මටත් මේ මූනු ටික මගේ බ්ලොග් පොතටත් දාගන්න ඕනි උනේ.ඉතින් අපි වෙලාවක් එහෙම කතිකා කරලා ටීම් විවර් එහෙම් දාගෙන වැඩේට බැස්සා.මම මෙ කියන්න යන්නෙ ටීම් වීවර් ගැන නම් නෙවේ ඕංtakbole.මේ විදිහට ජනෙල් පද්ධතිය(windows) හරහා LAN(Local Area Network) එකක එහෙට මෙහෙට යන්න අපේ ජනෙල් පද්ධතියෙම හැංගිලා තියෙන මේ වගේම වැඩසටහනක් ගැන.මම දන්න ටික කියන්නම් අඩුපාඩු දන්න අය කියන්ට. ..hah

කියලා දෙන එක වඩාත් පහසුයි කියලා හිතෙන නිසා සුද්දගෙ භාෂාවෙන් දන්න විදිහට කොටාගෙන යන්නම්.අවුලක් නම් ආයෙ අහන්න.පුලුවන් විදිහට උත්තර දෙන්නම්.HELP එකකුත් තියෙන නිසා යාලුවන්ට ලේසි වෙයිbising


Microsoft Net Meeting
----------------------------------
1.Open Run Command>type "conf.exe"
2.Now you should See "Microsoft Net Meeting Wizard"
3.Follow the wizard and Complete it
(this should be done on every and each pc on your network,
You don't need to be activate "Microsoft Internet Directory"at this time)
4.Now click on "Call >automatically accept calls"

Done !

5.Type the ip of the computer you are desired to login on the appropriate box.
(remember the remote computer should be already logged on some other party in order to Net meeting service to be already start. )

6 Simply press Call icon.
7.Now you are Connected with remote computer.

Experience the remote Administration !! soal

Saturday, March 27, 2010

Microsoft XP වල Shut Down කරන්න Timer අයිකනයක් සාදා ගන්නා හැටි.



සැ:යු-මෙම ක්‍රමය අත් හදා බැලීමට ප්‍රථමයෙන්, එහිදී මතු විය හැකි අපහසුතා මග හරවා ගැනීමට කරුණාකර සම්පුර්න ලිපියම කියවන්න.

  1. ඩෙස්ක් ටොප් එකේ Right Click කරලා ලැබෙන මෙනුවෙන් New -> Short Cut යන්න සිලෙක්ට් කරගන්න.
  2. දැන් මේ ලැබෙන Wizard එකේ Type the Location of the item කියන කොටුව ඇතුලේ shutdown.exe -s -f -t 20 -c ''සුබ දවසක් !'' කියලා ටයිප් කරගන්න.
මෙහි,
  • -t 20 යනු Short Cut එක Click කල පසු කොපමන වෙලාවකින් එය ක්‍රියාත්මක විය යුතුද යන්නයි(in 20 seconds).එය ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය.මෙය -t 0 ලෙස සැකසූ විට අයිකනය Click කල සැනින් පරිඝනකය Shut Down වේ.
  • -c ''සුබ දවසක් !'' යනු පරිඝණකය Shut Down වන තෙක් දිස් විය යුතු පණිවිඩයයි.අවශ්‍යනම් මෙම කොටස ටයිප් නොකල හැකිය.
3.දැන් Next යන්න Click කොට ඊළග පියවරට යන්න.
4.අයිකනය සදහා සුදුසු නමක් යොදා ගන්න. (උදා: Turn off PC)

වැඩේ හරි!


දැන් කරන්න යන්නේ නම් මේ Short Cut එකට Icon එකක් යොදා ගන්න එක.>
  1. සාදා ගත් Short Cutඑක මත Right Click කොට Properties යන්න තෝරා ගන්න.
  2. ඔබට ලැබෙන Property Window එකින් Shortcut කියන Tab එක කොට එහි Change Icon යන්න සිලෙක්ට් කරන්න.(මෙහි Target යන කොටස දැන් %windir%\system32\shutdown.exe -s -f -t 20 -c "සුබ දවසක් !"ලෙස වෙනස් වී තිබීම තිබීම සාමාන්‍යයයි. )


මින් ඔබට කැමති අයිකනයක් Selectකොට Ok කරන්න.

වැඩේ හරි!


දැන් තියෙන්නෙ Test කරන එකනේ.
  • මෙන්න කරන්න ආරක්ෂක පියවර ටිකක්.
  1. Target එකේ -t ලගට දාන අගය 300 කරන්න "හදිසියට අවශ්‍ය උනොත් කාලය තියෙනවනේ පස්සේ වෙනස් කරන්න පුලුවන් නේ"
  2. වරක් අයිකනය Click කල පසු Shutdown.exe විධානය Execute වීම ආරම්භ වෙනවා.ඒ කිව්වෙ Close කරන්න බැහැ එක විදියකින් ඇරෙන්න.
  3. එනම් පරිඝනකය Turn off වීමට පෙර Run Command එක මත shutdown -a යන්න ටයිප් කොට Enter කිරීමෙන් පමණි.
  4. Command එක Execute වෙන වෙලාවට පහත Window එක දක්නට හැකිය

පෝස්ට් එක දිග වැඩි වුනා. Images දැම්මාත් එක්ක.ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි.
ඒකටනම් සමාවෙන්න.
ඒත් කියලා දෙනකොට හරියට ම කියන්නත් ඕනි නේ :)

වැඩේ කරද්දී ගැටලු ආවොත් COMMENT එකක් දාන්න.

Thursday, March 11, 2010

වින්ඩෝස් Send to ඔප්ෂන් එකට අපි කැමති ෆෝල්ඩර් එකක් ඇඩ් කරගන්න හැටි

අපි හැම තිස්සෙම කම්පියුටර් එකට කොපි කරගන්න ෆයිල්ස් පොදු ෆෝල්ඩර් එකකට ම නම් දාන්නේ අපිට අදාල ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා Send to කියන ඔප්ෂන් එක භාවිතා කරන්න පුලුවන් නේ.

සාමාන්‍යයෙන් මෙතන තියෙන්නෙ My Documents,Floppy Drive වගේ ඔප්ෂන්.
මම කියලා දෙන්නේ මේ ඔප්ෂන් අතරට තමන් කැමති ෆොල්ඩර් එකක් Add කර ගන්න හැටියි.
කරන්නේ මෙහෙමයි.

උදාහරණයක් විදිහට මට D: drive එකේ Mp3 කියලා තියෙන Folder එකට නිතරම ෆයිල්ස් කොපි කරන්න ඕන වෙනවා කියන්න.

කරන්න තියෙන්නේ,

  1. අදාල Folder එක මත රයිට් ක්ලික් කරන්න
  2. ලැබෙන මෙනුවෙන් Create Short Cut සිලෙක්ට් කරන්න.
  3. ලබාගත් ෂෝට් කට් එක Cut කරගන්න.
  4. Run කමාන්ඩ් එක අරන් තනි වචනයක් විදිහට "sendto"කියලා ටයිප් කරලා Enter කරන්න.( එවිට පහත දැක්වෙන අකාරයේ වින්ඩෝවක් ලැබේවි.)
5.මේ වින්ඩෝ එක ඇතුලට Short Cut එක Paste කරගන්න. වැඩේ හරි !
6.දැන් වින්ඩෝ එක වහලා ෆයිල් එකක් මත Right Click කරලා Send To එක සිලෙක්ට් කර බලන්න.

ඔබට ෆයිල් එක Copyකිරීමට අවශ්‍ය ෆෝල්ඩර් එකත් ඒ තුල තිබේවි.
:)
ගැටලු මතු උනොත් පෝස්ට් එකක් දාන්න.

Sunday, February 28, 2010

රහසක්..ව්න්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකට ඇඩ්මින් පණිවිඩයක් ඇතුලත් කරන හැටි

කරන්නේ මෙහෙමයි.
  • Run කමාන්ඩ් එක අරන් secpol.msc කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.එතකොට පින්තූරෙ පේන වින්ඩෝ එක මතු වේවි.
Image(I)


දැන් ඒකෙ (මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනි) වම් පැත්තෙ උඩ කෙලවරේ තියෙන නැව්ගේටර් එක භාවිතා කරලා Security Settings>Local Polices>Security Options කියන තැනට යන්න

  • ඔබ හරි තැනට ගියා නම් දකුණු පස කොටසේ පහල කෙලවරේ Interactive Logon:Message Text for Users Attemting to Logon ලෙස වාක්‍යයක් පෙනේවි
  • මෙම වාක්‍ය මත Double Click කරන්න
එතකොට පින්තූරෙ පේන මේ වින්ඩෝ එක මතු වේවි. Image(II)
  • මේ වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න.
මම දැම්මෙ නම්( .....ගේ පුද්ගලික පරිඝණකයට ඔබව සාදරයෙන් පිලිගනිමි,ඇතුල් වීමට කරුණාකර පුද්ගලික
රහස් අංකය ලබාදෙන්න..
ස්තුතියි.)කියලා
  • දැන් Ok කරලා මේ වින්ඩෝ එක වහලා නැවතත් කලින් වින්ඩෝවට ගිහින් Interactive Logon:Message Title for Users Attemting to Logon වාක්‍ය මත Double Click කරන්න
  • මේ ලැබෙන වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට ලැබෙන වින්ඩෝ එකට අවශ්‍ය Title එක ලබා දෙන්න
මම දැම්මෙ නම්(ආයුබෝවන් !)කියලා
  • දැන් වැඩේ හරි :)
Log Off කරලා බලන්න එතකොට Message Window එක පෙනේවි

අමතරව :
(Image I)මේ කොල පාටින් පෙන්නලා තියෙන Accounts:Rename Guest Account වාක්‍ය මත Double Click කර අවශ්‍ය නම් Guest එකවුන්ට් එක Rename කල හැක.
මම දාලා තියෙන්නේ නම්(ආගන්තුකයෙක්)කියලා

Friday, February 26, 2010

වින්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකේ රහසිගත ස්ක්‍රොල් බාර් එක


  1. ව්න්ඩෝස් වල කන්ට්‍රොල් පැනල් එකට ගිහින් යුසර් එකවුන්ට් 10ක් විතර කැමති නමක් දාලා හදාගන්න.( මම නම් දැම්මෙ ඒ,බි,සී.... : )
  2. දැන් වැඩේ මෙහෙමයි,වින්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකේ ලොගින් එකවුන්ට් වල නම් පේන්නෙ ඉංග්‍රිසි හෝඩියේ අකාරාදී පිලිවෙලටනෙ,ඉති අපි ලොගින් 8කට වඩා වැඩියෙන් හැදුවොත් එක ස්ක්‍රීන් එකේ පේන්නෙ නෑ.ඉතුරු ලොගින් බලන්න නම් ස්ක්‍රොල් කරන්න වෙනවා.ඒත් මේ ස්ක්‍රොල් බාර් එක ව්සිබල් නෑ.ඒක තියෙන්නෙ පින්තුරෙ නිල් පාටින් ඇදලා තියෙන තැන.
  3. මේ තැන හරියටම හොයා ගන්න නම් මවුස් පොයින්ට් එක යුසර් නේම් එකක් උඩට ගෙනිහින් හෑන්ඩ් පොයින්ටර් එක හිමිහිට දකුණට ගෙනියන්න.එතකොට ස්ක්‍රොල් බාර් එක උඩදී පොයින්ටර් එක ඊතලයට මාරු වෙයි.දැන් ස්ක්‍රොල් බාර් එක පහලට ස්ක්‍රොල් කරන්න.ලොග් ඕෆ් නොකර මේ වැඩේ ටෙස්ට් කරන්න අවශ්‍ය නම් කී බෝඩ් එකේ වින්ඩෝස් කී එකයි එල් අකුරයි ඔබන්න. එතකොට කම්පියුටර් එක ලොක් වෙයි. තියෙන ලොගින් එක්වුන්ට් ටික බලා ගන්නත් පුලුවන්...

සිංහලෙන් යුසර් එකවුන්ට් හදනවානම් එක ඇඩ්මින් කෙනෙක් හරි ඉංග්‍රිසියෙන් හදන්න අමතක කරන්න එපා! හොදද? හදිසියට ඕන වෙන්න පුලුවන් …

Monday, February 8, 2010

උබුන්ටු එක්ක එක්ස්.පී දාන්නෙ කොහොමද?

මේ වැඩේ අනික් පැත්තට කරන හැටි ඒ කිව්වෙ (එක්ස්.පී) උඩ උබුන්ටු දාන හැටි ගොඩක් අය දන්නවනේ.
මම කියන්නෙ ඉස්සෙල්ලා උබුන්ටු දාලා පස්සෙ (එක්ස්.පී) දාගන්න හැටි ගැනයි.

දැන් ඔයාලට ගැටළුවක් ඇති මොකද්ද මේ ක්‍රම දෙකේ වෙනස කියලා.

ඔක්කෝටම කලින් මම මෙතන වෙන දේ සරලව කියල ඉන්නම්.


කම්පියුටර් එක බූට් කරන කොට (පෝස්ට්) කියන අවස්ථාවෙදී බූට් ස්ට්‍රැප් ලෝඩර් කියලා සර්විස් එකක් රන් කරලා තමයි ඕ.එස් එක ඉන්ස්ටෝල් කරලා තියෙන පාර්ටිශන් එක ගැන විස්තර තියෙන (මාස්ටර් බූට් රෙකෝඩ්) එක හොයා ගන්නෙ.


මාස්ටර් බූට් රෙකෝඩ්

මේක කිලෝ බයිට් 512ක් වුන එකක ෆයිල් එකක්.ඩිස්ක් එකක පළවෙනි සෙක්ටර් එකේ තමයි තියෙන්නෙ.ඒ කිව්වෙ ඩිස්ක් එකක පාටිෂන් කරනකොට මේ පලවෙනි සෙක්ටර් එක අත ඇරලා තමයි පාර්ටිශන් කඩන්නෙ.

කම්පියුටර් එකේ තියෙන ඕ.එස් මොනාද?
කොයි පාටිශන් වලද ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ?
ඩුවල් ක්‍රමයට(තනි මැෂිමට එක පාර ඕ.එස් දෙකක් දාලා නම්)තියෙන අවස්ථාවක සිලෙක්ෂන් මෙනු එක
කොයි තරම් වෙලා ඩිස්ප්ලේ වෙන්න ඕනෙද?
ආදී විස්තර තමයි මේකෙ සදහන් වෙලා තියෙන්නෙ. මේක ලියවෙන්නෙ ඕ.එස් එකෙන්


උදාහරණයක්

[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect

මේ තියෙන්නෙ එක්ස්.පී වලදී දකින්නට ලැබෙන මාස්ටර් බූට් රෙකෝඩ් එක.මේකෙ හැටියටනම් ප්‍රයිමරි මාස්ටර් හාඩ් ඩිස්ක් එකේ පළවෙනි පාටිශන් එකෙ තමයි (එක්ස්.පී) කියන ඕස් එක තියෙන බව සදහන් වෙන්නෙ.

බැරි වෙලාවත් ඕ.එස් කීපයක් තියෙනවානම් සිලෙක්ට් කරන්න තත්පර 30ක් දෙන්න කියලත් සදහන් වෙනවා.

අපි එක්ස්.පී දාලා තියෙන වෙලාවක ඊට පස්සෙ උබුන්ටු දැම්මොත් උබුන්ටු වලින් මේ මාස්ටර් බූට් රෙකොඩ් එක අදුරගෙන,ඒක වෙනස් කරලා උබුන්ටු දාලා තියෙන පාර්ටිශන් එකේ විස්තරත් මේකට ඇතුලත් කරනව කිසිම කරදරයක් නැතුව. ඉතින් මේ ක්‍රමේ ඒ තරම්ම ගැටළු සහගත නැහැ.


නමුත් උබුන්ටු දැනටමත් තියෙන කම්පියුටරේට පස්සෙ එක්ස්.පී දැම්මොත් වෙන්නෙ දැනටමත් ලියවිලා තියෙන මාස්ටර් බූට් රෙකෝඩ් එක ඕවර් රයිට් වෙන එක.හේතුව උබුන්ටු වලින් ලියවිලා තියෙන රෙකෝඩ් එක (එක්ස්.පී) වලට අදුර ගන්න බැරි වීමයි.

ඉතින් මේ වෙලාවට එක්ස්.පී කරන්නෙ තියෙන මාස්ටර් බූට් රෙකෝඩ් රෙකෝඩ් එක සම්පූර්නයෙන් ලියනවා උබුන්ටු ගැනවත් ඒ පාටිෂන් එක ගැනවත් කිසිම කතාවක් නෑ.අන්තිමට වෙන්නෙ මැෂින් එක පස්සෙ දාපු (එක්ස්.පී )වලින් බූට් වෙනවා කලින් තිබ්බ උබුන්ටු ඕ.එස් එක පෙන්නන්නෙ වත් නැතුව.

දැන් ඉතින් ගැටළුව පැහදිලියි නේ.දැන් බලමු උබුන්ටු වලට පස්සෙ (එක්ස්.පී) ඩුවල් බූට් ක්‍රමයට දාගන්න හැටි.

මතු සම්බන්ධයි.