Showing posts with label Stories. Show all posts
Showing posts with label Stories. Show all posts

Sunday, October 30, 2011

මේ දවස් වල මොකද වෙන්නෙ...



කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.එක එක ඇබැද්දි ඉතින් උනානෙ.කොහොමින් කොහොම
හරි දැන් නිප්පා මෘදුකාංග ඉන්ජිනේරුවෙක් විදිහට පුහුණුව පටන් ගත්තා.

අලුත් ඔෆිස් එකේ(ලින්ක්) යාලුවො සෙට් එකත්(ලින්ක්) මරු.හරිම ෆිට්.යන්න එන්න වෙලා නෑ.වැඩේ කරන්වනම් අනම් මනන්
කම්ප්ලේන් ඇපෘවල් නෑ.තමන් ගෙ පාඩුවෙ නිදහසේ ඉන්න පුලුවන්.ඔෆිස් එක තියෙන්නෙ මෙන්න මෙතන(ලින්ක්).වෙල් ෆේයා එකෙන් සෙට් එකම ජොනි ඉංග්ලිශ් බලන්නත් අරන් ගියාලු :D

පොඩි කොස්සකට තියෙන්නෙ අපි සීනියර් ලට කතා කරන්නෙත් එයලගෙ මුල් නමෙන් (no sir / miss ).මුලදි නම් ටිකක් විතර අවුල්.ඒත් කම්පැනි වත් පිලිවෙත් වලට පිටුපාන්න බෑනේ.. O.o නිවාඩු ගියත් ගෘප් මේල් එකට මැසෙජ් එකක් දාන්න විතරයි ඕනි.සරලව කිව්වොත් නිදහස උපරිමයි...

ජාවා ඩොට්නෙට් තමා ගොඩක් දුරට අපි යොදා ගන්නේ.ඉදිරියට ඒවා ගැනත් ලියන්නම් කෝ..
අපේ ගොඩාක් මෘදුකාංග(ලින්ක්) හදන්නෙ ස්වීඩන් වලට.ඇන්ඩ්‍රොඩ් මොබයිල් වලටත් මෘදුකාංග ලියනවා.අලුත්ම
තාක්ශණය පාවිච්චි කරන්න අවස්ථාව ගොඩක් වැඩියි.

ශාකුන්තලගෙ බ්ලොග්(ලින්ක්) එකයි , කොටුවෙගෙදරයි(ලින්ක්) කියවන්න ආපු ගමන් තමා පෝස්ට් එක දාන්න හිතුනෙ...
හසිතගෙ බ්ලොග් එක නම් දැන් නැතිද මන්දා...
අශානුත් කොහෙද මන්දා
:(

හ්ම්ම් දැන් ලියන්න කම්මැලි වගේ... දැනට ඇති..

මම අලුත් ෆිල්කර් ස්ට්‍රීම් එකක්(ලින්ක්) දැම්මා.ඒකත් බලන්න.

Saturday, July 31, 2010

පෝරම් කොටේ සැගවු වාසනාවන්තයාගේ කථාව.....




මේ දවස් වල ටිකක් වැඩ වැඩියි..ඒත් අපුරු වැඩක් වුනා ඒ ගැන කියන්නයි මේ යන්නේ.


පහල ගෙදර වහලේ වැඩ වලට ඕන කරන පොල් ලී ටික ලී මඩුවෙන් ගන්නවට වඩා ගහක් කපලා පලවන එක ලාබයි කියලා අයිතිකාර උන්දැ තීරනය කලා කියමූකෝ.ඉතින් පොල් ගස් දෙකක් හොයාගෙන අයිතිකාරයාට සල්ලි එහෙම දීලා උන්දැ ගහ වෙන් කර ගත්තා.


ඉතින් අද ලී මඩුවෙ ලොරියට අර ගස් කපන මැෂිමයි මිනිස්සු තුන් දෙනෙකුත් දාගෙන ඇවිත් මේ මහා විශාල පොල් ගහ කපලා බිමදාලා ඒවා මැෂිමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරලා එහෙම

පෝරම් කොට ටිකත් ඉතුරු කදන් ටිකත් මේ අය ලොරියට පටවලා ගෙදර ගෙනාවා.


" මේ කොටස් කරපු ලී (පැලුම් කොට ) ඇරුනුකොට ඉතිරි වෙන ලී හදුන්වන්නේ "පෝරම් කොට" විදිහට.ඒ කියන්නේ පොල් පරාල ඉරන්න සුදුසු තත්වයේ නැති ලී කදන් විදිහට.මේවා ගන්නෙ හුණු පෝරනු වල දර විදිහට ".


ගෙනල්ලා ලොරිය මිදුලෙ කොනක නවත්තලා එක පැත්තක දොර පාත් කරලා ලී ටික රෝල් කරලා බිමට පෙරලනවා මාත් බලා ගෙන.

ඒ වෙලාව දවල් 2.00 ට විතර ඇති.නිදිමත ගතියක් ආපු නිසා මාත් ගියා ගෙයින් බැහැලා ඒ පැත්තට.

ගෙනත් බාලා තියෙන ලී ගැන ගුණ වර්නණව දැන් ඉතින් ආරම්භ වුනා..

ලී කදන් වල මතු පිට පැහැය,නිය පිතින් තට්ටු කල විට එන හඩ,ආදී නොයෙක් දේවල් මෙතනදී සාකඡ්චවට භාජනය වුනා.

"ආන්න අර කොටේ විතරක් කිසි වැඩකට නෑ දිග බෙනයක්"

ගස් කපන්නා එහෙම කියද්දී මම ඒ කද දිහා බැලුවා.

ඇත්තටම ඒ කතාව හරි.අත දාන්න පුලුවන් තරමේ කටක් එක්ක ඒ කොටස දිග බෙනයකින් යුතු වුනා…


පින්තූරේ තියෙන්නෙ ඒ කොටස, හිතලා කියන්න බලන්න කව්ද හිටියේ කියලා..


මතු සම්බන්ධයි ..

***************************************************************


පොරොන්දුව වෙලාවට ඉටු කරන්න බැරි වෙච්ච එක ගැන බ්ලොගර් යාලුවො ටික සමා වෙන්න
ඕනි.විශේෂයෙන්ම චානක සහ ශෙන්යා යාලුවො දෙන්නා . :-)
විභාගෙ අත ලග තිබ්බ නිසා බ්ලොග් එකේ යූ.ආර්.එල් එකට තහංචි වැටුනාලු නේ ... :-)

ඔන්න පින්තූරේ ඉන්නෙ මම කියපු වාසනාවන්ත යා.මෙයා පිළිහුඩුවෙක්.


බිමට පෙරලපු ගහක් වාහනයක පටවලා අරන් ඇවිත් බිමට පෙරලලා දැම්මත් මේ කූඩුවෙ හිටපු අමුත්තා ජීවත් වෙන්න තරම් වාසනාවන්තයෙක් උනා.දවස් දෙක තුනක් යනකම් මෙයා කෑවෙ බත් ඇට විතරයි.(පොල් කද ඇතුලේ ඉදලා මතුවුන කම්බිලි පණුවන්ටත් මෙයා වග කිව්වා.)

කකුලේ පොඩි කොර ගතියක් වගේ තිබ්බත් පස්සෙ ඒක හරි ගියා.දැන් නම් මෙයා අපෙන් ඈත්
වෙලා ගිහින් ටික දවසක්.
ජීවත් වෙන්න වාසනාව කියන දේ ඕනි වෙන හැටි ...
මට එහෙම හිතුනා ...