Showing posts with label IT Guidence. Show all posts
Showing posts with label IT Guidence. Show all posts

Sunday, August 22, 2010

තොරතුරු තාක්ෂණ උපාධියක් සමග රැකියා වෙළද පලට පිවිසීමට අපේක්ෂා කරන්නේද ???



වර්ථමානයේ වේගයෙන් දියුණවන එක් ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ශණය හදුන්වන්න පුලුවන්.දේශීයව
මෙන්ම විදේශ ගතවද ඉතා ඉහල වැටුප කට හිමිකම් කියන්නට අද තොරතුරු තාක්ශණ උපාධිදාරීන් සමත්ව
සිටිති.දක්ෂමතයෙකුට එය සාමාන්‍යයෙන් ආසන්නව දේශීයව ඇ:ඩො 500/විදේශීයව ඇ:ඩො 1500 ඉක්මවූ අගයක් වීම ඉතා සතුටුදායකය.

තරගකාරී රැකියා වෙළදපල තුල ඔබත් අපේක්ෂා කරනුයේ ඉහල පිලිගැනීමක් නම් සහ පරිඝණකය සමග කාලය ගත කිරීම ඔබට විනෝදජනක කටයුත්තක් නම් තොරතුරු තාක්ශණ උපාධිය ඔබට බෙහෙවින් ගැලෙපෙන බව මාගේ පෞද්ගලික මතයයි.මෙම ලිපියෙන් මා සිදු කිරීමට අපේක්ෂා කරනුයේ සා/පෙළ හෝ උසස් පෙළ සමත් මෙන්ම උසස් පෙළ පෙනී නොසිටින සිසුන් හට කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිරිනමනු ලබන "BIT" උපාධි ගමන් මග දළ වශයෙන් පැහැදිලි කිරීමයි.

උසස් පෙළ අසමත් එමෙන්ම සා/පෙළ සමත් සිසුන්
----------------------------------------------------

(FIT)නොහොත් (Foundation to IT) යනු කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක
අධ්‍යනාංශය මගින්ම මෙහෙයවනු ලබන වැඩසටහනකි.එමගින් උසස් පෙළ අසමත් එමෙන්ම සා/පෙළ සමත්
සිසුන්ට පදනම් පාඨමාලාවක් (FIT)හැදැරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල
උපාධිය ලබා ගැනීමට සුදුසුකම් සලසා දෙනු ලබයි.

උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂා නොකරන සිසුන්
------------------------------------------------------------

සා/පෙළ සමත් එහෙත් උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂා නොකරන්නෙක් නම් ඔබටද කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක අධ්‍යනාංශය මගින්ම මෙහෙයවනු ලබන මගින් ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ශණ පිළිබද පදනම් පාඨමාලාව(FIT) හැදැරීමෙන් පසුව උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගත හැකිය.

මෙම(FIT) පාඨමාලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත වන අතර පරිඝනක උපාධියක් සදහා අවශ්‍ය මූලික පාඩම් වලින් සමන්විත වූවකි.


එමෙන්ම විශ්ව විද්‍යාලය මගින්ම ලබා දෙනු ලබන ඉගෙනුම් කළමණාකාරී පද්ධතිය
(Online Learning Management System) මගින් මේ විශයන් සදහා පූර්ණ සහය ලබා ගත හැක.






උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් නොලැබූවන්
------------------------------------------------------

විශ්ව විද්‍යාලය සදහා සුදුසුකම් නොලැබීමෙන් ඔබ කිසි විටකත් පසුබට විය යුතු නොවේ.මන්දයත් තවමත්
තොරතුරු තාක්ශණ උපාධි මාවතේ ඉදිරියට යාමට ඔබට ඉඩකඩ විවර ව ඇත.එනම් කොළඹ විශ්ව විද්‍යාලයය
මගින් පවත්වන පිලිබද බාහිර උපාධිය හදාරා දීප්තිමත් අනාගතයක් සදහා තොරතුරු තාක්ශණය තුලින් ගමන්
ආරම්භ කිරීමට ඔබට හැකියාව ඇත.මෙම උපාධිය බොහෝ සෙයින්ම අන්තර් විශව විද්‍යාලයීය උපාධි
පාඨමාලාවට සමාන වන අතර උපාධිය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් අවුරුදු 03ක් ගත වේ.

උපාධි වසරක් කොටස් දෙකකට වෙන් කර ඇත.එනම් මුලු උපාධි පාඨමාලාව කොටස් 06 කින් සමන්විත
වේ.පලමු හා දෙවන කොටස් වලට අදාල ඇගයුම් පද්ධතියේ පැවරුම් හා බහුවරණ ප්‍රශ්ණ පත්‍ර මත සිදුවන අතර
3වන කොටසේ සිට එහ ලිඛිත පරීක්ෂණ සහිතව ඉදිරියට ගමන් කරනු ලබයි.
උපාධි අපේක්ෂකයන් සදහා ඉගෙනුම් කළමණාකාරී පද්ධතියක්ද(LMS) කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක අධ්‍යනාංශය මගින් පවත්වා ගෙන යනු ලැබේ.මේ හරහාද සිසුන්ට නොමද සහයක් ලබා ගතහැක .අවැසිනම් පෞද්ගලික ආයතනයක් හරහා තම දේශණ හා පාඩම් සම්පූර්ණකර ගනිමින් සය මසකට වරක් විශ්ව විදය්‍යාලය මගින් පවත්වන විභාග සදහා මුහුණදීම මෙහිදී සිදු කල යුතු වේ.




අනෙකුත් පෞද්ගලික උපාධි පාඨමාලාවන් සමග සසදන කල ඉහල පිලිගැනීමක් සමගම ආර්ථික වශයේ වඩාත් පහසුදායකම උපාධි පාඨමාලාව වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිලිගන්වනු ලබන
තොරතුරු තාක්ශණය පිලිබද බාහිර උපාධිය (BIT-Bachelor of Information Technology)
හැදින් විය හැකිය.


එමෙන්ම ඔබ 2010 උසස් පෙළ පෙනී සිටියෙකු නම් ඔබටද BIT උපාධි අපේක්ෂකයෙකු ලෙස ඉල්ලුම් කලහැකි බවද ඉතා සතුටින් දන්වමි. (Applcitations are accepted on pending results)

Sunday, June 20, 2010

බා ගන්න බා ගන්න... එකක් වත් තියන්ට එපා

නිපුන පුතේ නැද්ද පරණ පත්තර එහෙම අරන් තියපුවා..?අසල් වැසි නිවසක කාන්තාවක් අප නිවසට ගොඩවැදෙමින් මගෙන් ඇසූ පැනය එයයි.අපේ දුවට හෙට ඉස්කොලේමොකද්ද වැඩකට එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන විස්තර හොයන් එන්නකීවලු.බලන්ට දැන් කොහෙන්ද මං මේවා හොයලා දෙන්නේ...

අනේ අපෙ ගෙදර පරණ පත්තර නැහැනේ.දෙන්නටම කෑම පාර්සල් ඔතන්න ගන්න පත්තර ඉරනවානෙ.එලෙස පැවසුවේ අම්මාය.වෙනදා මේ අවස්ථාවේ වැඩ පලේ රැදෙන මම එදින
කුමක් හෝ කාර්යයකට නිවසේ රැදී සිටියෙමි....

අන්තර්ජාලය තුලින් මට මේ සදහා ඉතා පහසු විසදුමක් දිය හැකි වුවද ගැටලුවක්ව තිබුනේබොහොමයක් ම ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වී තිබීමයි.එදින මටද අර ඉගෙන ගන්නාදරුවාටද පිහිට වූයේ මා මේ කියන්නට යන කරුණ නොවූයේ ඒ වනවිට එවන් දෙයක්නොපැවතීම හෝ පැවතියද මා ඒ පිලිබදව දැන නොසීටීමයි.

කෙලෙස හෝ ගූගල් ආධාරයෙන් ලිපියක් සොයාගත් මම එය දන්නා සිංහලෙන්පරිවර්තනය කොට ඇයට ලබා දුනිමි.එයින් ඉතා සතුටට පත් වූ ඇය නිවසින් බැහැරව ගියේඅන්තර්ජාලයේ මහිමය ගැන ඉතා පුදුමයට පත් වෙමිනි.ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාටනවීන තාක්ශණ දැනුම නොතිබීමට ඉඩ ඇත. ඇයට ඒ දේ ඉගෙන ගැනීම තවදුරටත් අවැසිනොවිය වුව හැක.නමුත් ඇයගේ දරුවාට වඩා අවුරුදු ගනණක් වයසින් වැඩිමහල් ඔබමාගේ තත්වය එසේ නොවන්නේ දැනටමත් මේ ලිපිය තෙක් ඔබ තාක්ෂණය හරහා පැමින

ඇති නිසාවෙනි.

මැරෙන තුරුම නොනැවතී ඉගෙනීම සිදු කරන අප පරිඝනකය පන ගන්වා අන්තර්ජාලයඔස්සේ වෙබ් පිටු පීරමින් සැරිසරන්නේ නව දැනුම,නොදත් දේ ඉගෙන ගැනීමටය.අප සියලුදෙනාමද එසේය. එම දැනුම ඕනෑ ලෙස ඕනෑ දුරකට සොයා ගැනීමට අපට අවැසි තරම් වූ සම්පත් සේවාවන් අන්තර්ජාල තුලදී අපට සොයා ගත හැකිය.ඒ ගැන තර්කයක් නැත.අවශ්‍ය වන්නේ තිබෙන තැන දැන සිටීම පමනකි.

අන්තර්ජාලයෙන් කරුනු හොයනා මා හට ඉතා ප්‍රිය ජනකම වෙබ් ඇඩවිය වන්නේ විශ්වකෝෂයයි.එනම් විකීපීඩියාවයි.නමුත් මෙහිදී මා අත්දකින දුශ්කරතා කීපයක් ඇත.

1.ඉංග්‍රීසි හාශා දැනුම ඉතා ඉහල නොවීම.
2.දේශීය කරුනු කාරනා සිරිත් විරිත් පිලිබද ලිපි ඒ තුල අන්තර්ගත නොවීම.
(උදා: නොනගතය,හිසතෙල් ගෑම..)

වැනි කරුනුය.නමුත් දැන් තත්වය එසේ නොවේ.පරිඝනක ලෝකයේ සිංහලෙන් හරඹ කරන අපට අපේම

භාෂාවෙන් ලියැවුනු විෂ්වකෝෂයක් ඇත.එය ඉතා භාග්‍යකි.නමුත් මෙය තවම සංවර්ධන ම්ට්ටමේ පවතී.මට කියන්නට අවශ්‍ය මෙපමණකි.අන්තජාලයෙන් බොහෝ දේ උකහා ගන්නා අප ඒ වෙනුවට යමක් ආපසු දිය යුතු නොවේද?අපට අවස්ථාව උදාව ඇත .අනෙක්අතට මෙය අපගේම වර්තමාන අනාගත පරපුරට දායාදයකි.

මම බිල ගෙවා ලබා ගෙන ඇති අන්තර්ජාල පහසුකම භාවිතා කොට මම කුමක් කලද තොපට පල නැත යන හැගීම ඔබට යම් ප්‍රමානයකින් හෝ හැගේ නම් , කිසිම අහිතක් නැතමම ලිපිය කියවීම මෙතකින්ම අවසන් කීරීමට ඔබට අවසර ඇත.
===========================================================

වෙබ් අඩවි තාක්ෂණය පිලිබදව කරුනු හොයනා මට වරෙක ඔන්ලයින් පරිඝනක පාසල කදිම තෝතැන්නකි.වෙනත් පර්යේෂන ලිපි සොයනා මට විකීපීඩියාවද එසේමය.ටිකකට මතක් කරන්න ගුවන් විදුලියේ ඇසූ "මොනවද මුත්තේ මොකද කරන්නේ ගීතය...."

එදා අපගේ නෑදෑයන් තමන් ගැන පමනක් සිතුවේ නම් , ඔබගේ වයසට වඩා වැඩිමහලු කොස් ගස ඉඩමේ කිසිම දිනක බිහි නොවීමටද ඉඩ තිබුනි.අන්තර්ජාලය බිහිවුනේද ද එසේමය.ඇමෙරිකානු විද්‍යා පදනම මගින් මූල්‍යය පහසුකකම් සපයමින් 1983 දී ජාලය හරහා එවකට ඇමෙරිකාව තුල එක් එක් විද්‍යාගාර වල වූ විද්‍යාත්මක පර්යේෂණ පිලිබදව දැනුම ඔවුනොවුන් දැනුම බෙදා ගැනීම පටන් අද තෙක් අන්තර්ජාලයේ ඇති කරුනු විස්තීරවගොස් ඇත්තෙ ලෝකයාටද තමන් දත් දෙය කාලයක් මිඩංගු කොට කිව දියයුතුයි යන්න එදා

ඔවුන් මෙන්ම අදටත් අපගේ සමහරක් සිතූ හා සිතන නිසාවෙනි.

මා මේ ලිපිය පලකරමින් බ්ලොග් ලියන ඔබෙන් ඉල්ලන්නේ බ්ලොග් ලිවීම පසෙකලා මේ කාර්යට දායක වන ලෙසේ නම් කිසිසේත්ම නොවේ.මන්ද යත් බ්ලොග් ලිවීමේ හා කියවීමේ ආශ්වාදය ඔබ ලෙසටම මාද හොදින්ම අත්විදිමි.

නමුත් මෙම කාර්යට දායක වන ලෙස ඔබෙන් මා ඉල්ලා සිටින්නද හේතුවක් ඇත.එනම් බ්ලොග‍ය තුල යුනිකෝඩ් හා එඩිටරය හැසිරවීමට අප පලපුරුද්දන් වන බැවිනි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ වටිනා කාලයෙන් දිනකට මිනිත්තු 15 ක් පමනි.එය බොහොමත්ම ප්‍රමානවත්ය.මන්දයත් එය අප සියලු දෙනාගේ මහන්සියෙන් ගුණ වූ කල ඉතාවිශාල ඉලක්කමක් සහිත හෝරා ගනනක් වන බැවිනි.

මෙච්චර මේ ලිපිය කුරුටු ගාන්නේ ඒ වෙලාවෙ ගොස් ඒ වැඩය කරන්නට තිබුනානොවේද?? යැයිද අයෙකුට සිතිය හැක.නුඹ නිවැරදිය,නමුත් මා තව දුරටත් මෙම සටහනලියනුයේ එක් දිය බිදක් බැගින් එක්ව මහා සාගරය බිහි වී ඇති නිසාත් අනෙක් අතට ඒ මහා සාගරය බිහි වී ඇත්තේ කුඩා දිය බිදු එක්වී බව දන්නා නිසාවෙනි.

විසිර සිටිය හොත් අප දිය බිදක් සේම එකට එක් වුවහොත් අප මහා සාගරක් බදු නොවේද??

මෙම සංවර්ධනයෙන් මට ඇති පල කුමක්ද යැයි තවකෙකු හට සිතිය හැක.මූල‍යම හෝමූර්ත වටිනාකමින් කිසිත් නැත.නමුත් තමන් දත් දෙය ලෝකයේ තවත් අයකුට ප්‍රයෝජනවත් වූ බව දැනෙනා විට ඔබට ඔබ ගැනම ලැබෙන ආත්ම තෘප්තිය මිල කල නොහැකිබව හා වචනයෙන් මේ යැයි විස්තර කරගත නොහෙන බව මා ගුරුවරයෙක් වී සිටියදී අත්විද ඇත...

බ්ලොග් අවකාශයේ සැරිසරන මම නොයෙකුත් බ්ලොග් කියවා බලා ඇත්තෙමි.එ අතුරින්මා දුටු සමහරක් බ්ලොග් පොත් වල සැබැදි මාගේ බ්ලොග් පොතෙද කොනක රදවා තබා ඇත්තෙ,හුදෙක් මටම පමනක් නොව මාගේ අඩවියට පැමිනෙණ ඕනෑම කෙනෙකුට එය ප්‍රයොජනවත් වන බවත් ඇතැම් සත් මිනිසුන් පවසන දේ සදහා මූල්‍යම වටිනාකමක් එක් කලහොත් එය මහා බිංදු ගනනක් සහිත අගයක් වන බව දැන දැනම ඔවුන් හුදෙක් ආත්මතෘප්තිය පතා එම දැනුම නොමිල මිලක් යටදී ලබා දී ඇතිබවද මා දුටු නිසාවෙනි. ..

එමෙන්ම අනුන්ගේ දුක හදුනන අනෙකාගේ දුකේ දී වචනයකින් හෝ සැනසීමට කවර ආකාරයෙන් හෝ උත්සාහ ගන්නා බ්ලොග් මිතුරන්ද මා නොදුටුවා නොවේ.එවන් මිනිසුන් ගොන්නක් මැද ඉපදීමද ජීවත් වීමද වාසනාවකි. ..

මා කියනා දෙය තෙරුම් ගත නොහී කිසිම අයෙක් සිටිය නොහැක...

මට තවදුරටත් කීමට කාරනා අවැසි නැත.මෙපමණක් අවසන් ලෙස කියමි.මේ කාර්ය සදහා සිංහල භාෂාව හැසිරීම හා ඔබගේ කාලය මිඩංගු කිරීමට ඇති නිර්ලෝභී හැගීම පමනක් ප්‍රමානවත්ය.

බොහෝ ඇසූ පිරු තැන් තිබිය යුතුද නැත.මෙතැනට ගොස් ගිනුමක් තනා ආරම්භ කරන්න

ඔබේ සටහන කිරිබත් යන වදනින්....

මෙම කාර්යට අපට මහත් උපකාරී කර ගත හැකිව තිබු EnSi Tipඇඩෝනය නැවත පර්යේෂණ මට්ටමේ පැවතීම ගැන ඉමහත් කනගාටුවට පත් වෙමි.එය විශ්ව විද්‍යාලයය ලබා දුන් පසු ඔබට පැවසීමටද පොරොන්දු වෙමි.දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින ඇඩෝනයක් වෙතොත් මා හටද දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

(අද දින නිවාඩු දිනයක් බැවින් වැඩි දෙනාගෙ අවධානය ලැබේ යැයි බලාපොරොත්තූවෙන්
මෙය පල කරමි )

නැවත සෝදු පත් නොබැලුවෙමි.වරදක් කියැවී ඇත්නම් මාහට පැවසුව මනාය.දැන් රෑ එලි වී

ඇති වුවද මොහොතක් නිදා ගැනීමට අවැසිය. .



ඇති වීමට ඉඩ ඇති තවත් එක කුඩා පැනයක් නිරාකරණය කරමි.එනම් මාගේ බ්ලොග් පිටුව සින් ඩිරෙක්ටරි තුනකකට අයත් කුලක ජේදනයක් වන බවත් මාගේ ආරාධනය මේ සියලුම දෙනාටත් බවය. ..

Friday, June 18, 2010

ඉගෙන ගන්න නමුත් ඝාතකයෙකු නොවන්න !!!

පාඩම් කර කර ඉන්න වෙලාවෙ.ලග ගෙදරක අදුරන කෙනෙක් ඇවිත් කිව්වා.ගෙදර කම්පියුටර් එක වැඩ කරන්නෙ නෑ.පුලුවන්නම් හදලා දෙන්න කියලා.මේ ගෙදර ඉන්නෙ අර ආපු කෙනයි,එයාගෙ අම්මායි ලේලියි චූටි මිනිපිරියි.එයාගෙ පුතා ඉන්නෙ ඉතාලියෙ.ඉතින් ගෙදර අය බලන්න තියෙන ආසාව නිසා ලීස් ලයින් එකක් අරන් ස්කයිප් දාලා තමයි ගිහින් තියෙන්නෙ.රට ඉන්න පුතා එක්ක කතා කරන එක ඇරෙන්න මේ මිනිස්සු කම්පුයුටර් ගැන කිසිම දෙයක් දන්නේ නෑ..

මාත් ගිහින් බැලුවා.ලංකාවෙ නමක් තියෙන ස්ක්‍රිප්ට් වර්ගයේ වයිරස් එකක්.මේක මැශින් එකේ ලෝකල් සර්විසස් වලට හානි කරලා.ඉතින් අනේ මේ මිනිස්සු හිතලා තියෙන්නෙ ලොකු ගැටලුවක් කියලා.ඉතින් පැය බාගයක් විතර දගලලා හදලා දුන්නා.මේක මම කියන්න හේතු වුනේ මේකයි..

පරිඝනක ලොකෙ ඉන්න අපි ප්‍රොගෑම් ලැන්ග්වේජ් එකක් දෙකක් දැන ගත්තා කියලා ලෝකෙට වැඩක් නෑ අපි ඒකෙන් හරි දේ කරන්නෙ නැත්නම්.ටිකක් හිතන්න අර මිනිස්සුන්ට තමන්ගෙ පුතාට කතා නොකරන තැනට වැඩ සිද්ද උනාම මිනිස්සු දුකට පත් වෙන තරම...

අනික් අතට සතියම නැහිලා නැහිලා වැඩ කරලා ඉඩ ලැබෙන මිනිත්තුවට තමන්ගේ ලමයගේ බිරිදගෙ මූන බලන්න ඉන්න අර මනුස්සයා දුකට පත් වෙන තරම.මේ වෙලාවට ඒ කිසිම කෙනෙක් අර වයිරස් එක ගැන දන්නවා නම් , අනේ බලන්න මේක හදපු ලමයාගේ ලොජිකල් මොලය කියලා කියන්නෙ නෑ.(හෙණ ඉල්ලනවා ඇරෙන්න.)

අවසාන වශයෙන් කියන්නෙ මෙපමනයි.ඔබේ හැකියාව පිලිබදව මිනිසුන් දැන ගත යුත්තෙ ඔබ කරන හානිය මත නොවේ.ඔබ ලොවට කරන සේවය මතය.සේවයක් කලනොහැකි නම් අවම වශයෙන් හානියක් නොකර සිටින්න. අහිංසක මිනිසුන්ගේ කාලය සහ හීන ඝාතනය නොකරන්න.

ප.ලි

මගේ රටේ පුද්ගලයෙකු මේ ලෙස හැසිරීම මා ඉතා පිලිකුල් කරන හෙයින් මෙම සටහන ලියා තබමි.

අනෙකුත් වයිරස ලෝකයට බිහිවන්නේ මදුරුවන් නැති කලට කොයිල් පත්තු කොට වැඩක් නැති නිසා බවද දනිමි.මන්ද යත් මදුරුවා නැති වූ දාක මිනිසුන් මැස්සන් එල වීමට කොයිල් පත්තු නොකරන බැවිනි. නමුදු වයිරස් බිහිවීම එක අතකට හොද වන්නේ ඒහා සටන් කිරීමට දරන උත්සාහයේදී අලුත් සොයා ගැනීම් ලෝකයට බිහිවන නිසාය.එය එසේ නොවුවානම් දෙවන ලෝක යුද සමයේදී ඇමෙරිකාවට යුධ මූලස්ථාන අතර සන්නිවේදන අවශය්‍යතාවය මත ARPANET (Advanced Research Project Agency Network)ජාලය හි බිහි වීමත් දැන් පවතින අන්තර්ජාල තාක්ශනය බිහි නොවීමටත් ඉඩ තිබින. ( යුධ වැදීම නොමනා ක්‍රියාවකි.මා අවධාරනය කරන්නේ අවශ්‍යතාව ඇති වූ හේතුවයි )

නමුත් මෙම තත්වය එසේ නොවන බව මා මෙන්ම ඔබද වටහාගෙන ඇතැයි සිතමි.තමාගේ දැනුම ( බුද්ධිය නොව )යොදා ගෙන මෙවැනි නිවට වැඩ කිරීම ඉතා පිලිකුල් සහගත නොවේද?

පෙන් ඩ්‍රයිව් සම්බන්ධ කල විට දෝශසහගත බව පෙන්වමින් පනිවිඩයක් දිස් වීම මෙම වයිරසයේ ලක්ෂනයකි.බොහෝ විට autorun සැකසුම අක්ක්‍රීය කිරීමෙන් මෙම හානි කිරීම මගහරවා ගත හැකිය.මේ සදහා මා සතු පුංචි උපකරනය ඔබට අවශ්‍යනම් භාවිතා කරන්න.

බාගත කරන්න.

මට හිතෙන හැටියට , හැකිතරම් ඉහලටම අප ඉගෙන ගත යුතුය නමුත් ලබාගත් දැනුම උරගා බැලීමට පසෙක සිටින අයගේ අහිංසක සිත් හා ඔවුනගේ හීන ඝාතනය නොකල යුතුය.

සැ.යු

විදෙශිකයෙකු මෙම ක්‍රියාවකොට ලංකාවෙ නම දැම්මා , ඉබේ වයිරසය ලියැඋනා.. වැනි මොන්ටිසෝරි කතාද මෙවැනි වැඩ හුරේ කිය කියා කරන්නෙක් නොවේනම්ද පමනක් ඔබගේ අදහස් පලකල හැකිය..

Friday, June 11, 2010

මගේ හරි පුදුම ඉස්කෝලය

නිප්පා කාලයක් එක්තරා පරිඝනක පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කලා.ඉතින් ඔය කාලෙදී නිප්පා දැක්ක දෙයක් තමයි පරිඝනක පාසලේ ඉගෙන ගන්න එන බොහෝමයක් පාසල් ලමුන් පෞද්ගලික පාසැල් වල පොහොසත් සිසුන් බව.ඉතින් නිප්පා ට ඕනි උනා එයා දන්න දැනුම ගම්බද දරුවන්ටත් ලබා දෙන්න ක්‍රමයක් .ඉතින් මේකට එයා අවස්ථාවක් බල බල තමයි ඉන්නෙ...


මගේ බ්ලොග් එකට එන ඔය කවුරුහරි මේ විදිහට දුප්පත් ලමයිට පරිඝනක අධ්‍යාපනයට මග පාදන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න.

නිප්පා ගාව මේ දේවල් තියෙනවා.

  • අවශ්‍ය කරන විෂය නිර්දේශ.
  • මූලික වැඩ කටයුතු පටන්ගන්න අවශ්‍ය පරිඝනක කීපයක්.
  • මධ්‍යස්ථානයට සුදුසු ගොඩනැගිල්ලක්.(ආරක්ෂිත)
  • ඉගැන්වීමට අවශ්‍ය සුදුසුකම් ඇති අත්දැකීම් සහිත ගුරුවරයෙක්.(අයි.ටී උපාධිය හදාරන)

මේ සම්බන්ධව උදවු කරන්න කැමති කවුරුමහරි කෙනෙක් ඉන්නවනම්(නැණසලක් උනත් කමක් නෑ.ගන්න ක්‍රමයක් තියෙනවා නම්) මෙන්න මගේ ඊ-ගිණුම nipuna(dot)chaminda (at) gmail.com