Monday, January 10, 2011

නුඹට දැනෙනුයේ නැතිද..








කාලය ගත වන විට ආලය සැගව ගිය අයුරු දැක ..

වේදනාව සිරකොට අගුලු දැමුවෙමි සිතට ..
ජීවිතය මොහොතකට සතුට දැනෙන විට ..
නුඹේ ඔය සිනහව නෑසුනේ නෑ හැමවිටක ..

තිර කලත් මගෙ සිතට..
නුඹ යලි නො එන වග..
නොහැගේ නුඹ මාගේ නොවන වග..
සේයා රුව දකින හැම විටක..

නිරතුරුව සිහි නොවන ලෙසින් සැගවා තබන ..
නිම් නොවන සෙනෙහසේ මුදු සුවද ..
මා සිහි කරන විට..
නුඹට දැනෙනුයේ නැතිද..