Monday, August 30, 2010

ක්‍රම ලේඛන ශිල්පය+ ජාවා | සරළවම මුලසිට (පෙරවදන)





අද ඉදලා බ්ලොග් යාලුවන්ට අලුත් ලිපි පෙලක් මම ඉදිරිපත් කරනවා.නිදහස් මෘදුකංග සමග බොහොම වේගයෙන් දියුණුවන ( JAVA Programming Language ) ජාවා ක්‍රම ලේඛන ශිල්පය පිළිබදව මූලිකම පියවරේ ඉදලා කතා බහ කරන්නයි මගේ සූදානම.මේ වැඩේට මට මගේ යාලුවෙකුත්( cooperate business partner :D ) උදව් වෙනවා.කමෙන්ට් කරලා ඔයාල අහන ඕනෙම ප්‍රශ්ණයකට අපි උදව් කරන්නම්.මූල ඉදලම පටන්ගන්න නිසා ටිකක් සංකීර්ණ පාඩම් වලට එන්න ටික කාලයක් යයි.

ඒත් ඉතින් මම හිතන්නේ ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නැහැයි කියලා.පරිඝණක ක්‍රම ලේඛන ශිල්පයට අත් පොත් තබන කෙනෙක්ගෙ මට්ටමේ ඉදලා තමයි පාඩම් ආරම්භ කරන්න හිතන් ඉන්නෙ.ඒ කියන්නෙ ජාවා හරි වෙනත් කිසිම ක්‍රමම ලේඛන භාෂාවක් නොදන්න කෙනෙක්ගෙ දැනුම මට්ටමේ ඉදලා තමයි පටන් ගන්නේ.කියල දෙන දේ ගැන ඔයාලට පැහැදිලිද කියලා මට දැන ගන්නත් එක්ක අදහස් දක්වන්න මතක තියා ගන්න ඕනි.

ඉදිරි පාඩම් වලදී කරුණු පැහැදිලිකිරීමට මම පාවිච්චි කරන ග්‍රන්ථ ගැනත් සටහනක් තියන්නම්.මේ පොත් වල සියලු උපුටා ගැනීම් වල අයිතිය මුල් කතෘ සතුයි.


1.The Java™ Tutorial Fourth Edition: A Short Course on the Basics(By Sharon Zakhour, Scott Hommel, Jacob Royal, Isaac Rabinovitch, Tom Risser, Mark Hoeber )
2.UTF-8''SCJP

3.WSIT JAVATutorial

4.OReilly Head First Servlets and JSP 2nd Edition Mar 2008

5.CoreJavaFundamental-Falden decnov

6.thinking in java-3rd edition

කමෙන්ට් පොඩි ගැටලුවකුත් තියෙනවා ඔයාල දන්නවා ඇතිනේ.ඒකටත් පිළියම් කරලා තමයි තියෙන්නෙ.ඒක ගැන මගේ කණගාටුවත් ප්‍රකාශ කරනවා.එහෙනම් පලවෙනි ජාවා පාඩම මීළගට පල කරනවා.අපි කතා කරන්න යන්නේ පරිඝක භාෂා කොතෙකුත් අතරේ ජාවා ඉගෙන ගන්න එකේ වැදගත්කම ගැනයි.ජාවා ක්‍රමලෙඛනයට ඕනි වන පොඩි කොටස් ටිකක් පරිඝණකයේ ස්ථාපිත කරගන්න හැටිත් මම කියන්නම්.

ක්‍රම ලෙඛන භාෂාව දන්න අය එකතුවෙලා කතාබහ කරන තැනක් බවට බ්ලොග් එක හදන්නයි තමයි මගේ සූදානම.උදව්වට එන්න කැමති අයයි.ලිපි කියවලා ඉගෙන ගන්නයි දිගටම ජාවා පාඩමට එන්න කැමති අයයි කමෙන්ට් කරන්නකෝ. :-)