Saturday, March 27, 2010

Microsoft XP වල Shut Down කරන්න Timer අයිකනයක් සාදා ගන්නා හැටි.



සැ:යු-මෙම ක්‍රමය අත් හදා බැලීමට ප්‍රථමයෙන්, එහිදී මතු විය හැකි අපහසුතා මග හරවා ගැනීමට කරුණාකර සම්පුර්න ලිපියම කියවන්න.

  1. ඩෙස්ක් ටොප් එකේ Right Click කරලා ලැබෙන මෙනුවෙන් New -> Short Cut යන්න සිලෙක්ට් කරගන්න.
  2. දැන් මේ ලැබෙන Wizard එකේ Type the Location of the item කියන කොටුව ඇතුලේ shutdown.exe -s -f -t 20 -c ''සුබ දවසක් !'' කියලා ටයිප් කරගන්න.
මෙහි,
  • -t 20 යනු Short Cut එක Click කල පසු කොපමන වෙලාවකින් එය ක්‍රියාත්මක විය යුතුද යන්නයි(in 20 seconds).එය ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය.මෙය -t 0 ලෙස සැකසූ විට අයිකනය Click කල සැනින් පරිඝනකය Shut Down වේ.
  • -c ''සුබ දවසක් !'' යනු පරිඝණකය Shut Down වන තෙක් දිස් විය යුතු පණිවිඩයයි.අවශ්‍යනම් මෙම කොටස ටයිප් නොකල හැකිය.
3.දැන් Next යන්න Click කොට ඊළග පියවරට යන්න.
4.අයිකනය සදහා සුදුසු නමක් යොදා ගන්න. (උදා: Turn off PC)

වැඩේ හරි!


දැන් කරන්න යන්නේ නම් මේ Short Cut එකට Icon එකක් යොදා ගන්න එක.>
  1. සාදා ගත් Short Cutඑක මත Right Click කොට Properties යන්න තෝරා ගන්න.
  2. ඔබට ලැබෙන Property Window එකින් Shortcut කියන Tab එක කොට එහි Change Icon යන්න සිලෙක්ට් කරන්න.(මෙහි Target යන කොටස දැන් %windir%\system32\shutdown.exe -s -f -t 20 -c "සුබ දවසක් !"ලෙස වෙනස් වී තිබීම තිබීම සාමාන්‍යයයි. )


මින් ඔබට කැමති අයිකනයක් Selectකොට Ok කරන්න.

වැඩේ හරි!


දැන් තියෙන්නෙ Test කරන එකනේ.
  • මෙන්න කරන්න ආරක්ෂක පියවර ටිකක්.
  1. Target එකේ -t ලගට දාන අගය 300 කරන්න "හදිසියට අවශ්‍ය උනොත් කාලය තියෙනවනේ පස්සේ වෙනස් කරන්න පුලුවන් නේ"
  2. වරක් අයිකනය Click කල පසු Shutdown.exe විධානය Execute වීම ආරම්භ වෙනවා.ඒ කිව්වෙ Close කරන්න බැහැ එක විදියකින් ඇරෙන්න.
  3. එනම් පරිඝනකය Turn off වීමට පෙර Run Command එක මත shutdown -a යන්න ටයිප් කොට Enter කිරීමෙන් පමණි.
  4. Command එක Execute වෙන වෙලාවට පහත Window එක දක්නට හැකිය

පෝස්ට් එක දිග වැඩි වුනා. Images දැම්මාත් එක්ක.ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි.
ඒකටනම් සමාවෙන්න.
ඒත් කියලා දෙනකොට හරියට ම කියන්නත් ඕනි නේ :)

වැඩේ කරද්දී ගැටලු ආවොත් COMMENT එකක් දාන්න.

Thursday, March 11, 2010

වින්ඩෝස් Send to ඔප්ෂන් එකට අපි කැමති ෆෝල්ඩර් එකක් ඇඩ් කරගන්න හැටි

අපි හැම තිස්සෙම කම්පියුටර් එකට කොපි කරගන්න ෆයිල්ස් පොදු ෆෝල්ඩර් එකකට ම නම් දාන්නේ අපිට අදාල ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා Send to කියන ඔප්ෂන් එක භාවිතා කරන්න පුලුවන් නේ.

සාමාන්‍යයෙන් මෙතන තියෙන්නෙ My Documents,Floppy Drive වගේ ඔප්ෂන්.
මම කියලා දෙන්නේ මේ ඔප්ෂන් අතරට තමන් කැමති ෆොල්ඩර් එකක් Add කර ගන්න හැටියි.
කරන්නේ මෙහෙමයි.

උදාහරණයක් විදිහට මට D: drive එකේ Mp3 කියලා තියෙන Folder එකට නිතරම ෆයිල්ස් කොපි කරන්න ඕන වෙනවා කියන්න.

කරන්න තියෙන්නේ,

  1. අදාල Folder එක මත රයිට් ක්ලික් කරන්න
  2. ලැබෙන මෙනුවෙන් Create Short Cut සිලෙක්ට් කරන්න.
  3. ලබාගත් ෂෝට් කට් එක Cut කරගන්න.
  4. Run කමාන්ඩ් එක අරන් තනි වචනයක් විදිහට "sendto"කියලා ටයිප් කරලා Enter කරන්න.( එවිට පහත දැක්වෙන අකාරයේ වින්ඩෝවක් ලැබේවි.)
5.මේ වින්ඩෝ එක ඇතුලට Short Cut එක Paste කරගන්න. වැඩේ හරි !
6.දැන් වින්ඩෝ එක වහලා ෆයිල් එකක් මත Right Click කරලා Send To එක සිලෙක්ට් කර බලන්න.

ඔබට ෆයිල් එක Copyකිරීමට අවශ්‍ය ෆෝල්ඩර් එකත් ඒ තුල තිබේවි.
:)
ගැටලු මතු උනොත් පෝස්ට් එකක් දාන්න.