සිතුවමක් මවන්නට ...
පද පෙලක් ලියන්නට..
හීනයක් දකින්නට ...
හැකි වේද පිලි ගන්න
මගේ සිත මොහොතකට ...
ඉති සිතින් නුඹ පතන ...
ඒ සිහින ඉටු වෙන්න ...
පතන්නම් මුලු හදින් ...
සදා ඔබ සැනසෙන්න …
විසල් සයුරක කොනක....
සදා ඔබ සැනසෙන්න …
විසල් සයුරක කොනක....
හිරුත් කිමිදෙන විටක....
රැදෙන්නට නොහැකි නම්...
මගෙ මතකෙ උණුහුමට...
මගෙ මතකෙ උණුහුමට...
නිදහසේ පියඹන්න ...
මදහසින් හිනැහෙන්න ...
මානයෙන් නුඹ ඉන්න ...
හිරු කිමිදෙනා විට
ReplyDeleteඈත සයුරේ
බලා ඉන්නට
එක්ව නුඹ හා
එන්නෙමි මම
මෑත වෙරළට........
ඉඩ දෙන්න බැරි හැඩක් ...
ReplyDeleteනවතින්න තව වරක් ...
ඇයි කලේ නුඹ නිමක් ....
මගේ සෙනෙහස නැත ඉමක් ...
හරිම ලස්සනයි පද ටික...
ReplyDeleteවිසල් සයුරක කොනක....
හිරුත් කිමිදෙන විටක....
රැදෙන්නට නොහැකි නම්...
මගෙ මතකෙ උණුහුමට...
මම වැඩියෙන්ම කැමති මේ පද ටිකට...
@ isimbuwa >>
ReplyDeleteඉන්නට නුඹ හා විසල් තෙරක මග..
ගන්නට දුක සැප සමව බෙදා ගෙන..
මා දකිනා ලොව තනි රැක ගන්නට..
කියන්න යහලුවේ නුඹ ඉන්නේ කොයිබද???
@ Anonymous >>
නවතින්න තව වරක්..
කීව නම් එක වරක්..
කියූවාද කී වරක්..
මා මහා සාපයක්..
@ දිල් >>
හැඩ කරලා වටකුරුව මේ ලෙසින් ලියුවාට
නුඹ..
නුඹ නොහිතා කී දෙයට යලි මෙසේ කියමි
මම..
දැනගන්න මිතුරියේ මෙය පද වැලක් නොවන බව..
නිමා කල ප්‍රේමයක ඉකි ගසන කදුල බව..
ලස්සනයි....
ReplyDeleteනිබඳ මතක ඉම නුඹ දිස් වෙනවා
මගේ සිතත් ඉන් විකසිත වෙනවා
නමුත් නුඹ දුරයි වග වැටහෙනවා
නෙතින් කඳුළු කැට දෝරෙගලනවා..
මම විහඟි..