Monday, July 5, 2010

උදව්වක් අවශ්‍යයි.How to run Sonyerricsson PC Suite on Linux?

ගැටලුව මේකයි.මම දැනට පාවිච්චි කරන්නෙ එක්ස්.පී ( X P service pack II)මෙහෙයුම් පද්ධතිය.නමුත් මට උබුන්ටු(Ubuntu 9.10-Desktop Edition) මෙහෙයුම් පද්ධතියට මාරු වීමට අවශ්‍යයි.නමුත් ගැටලුව එහිදී මට අන්තර්ජාල සබදතාව ගොඩ නගා ගත නොහැකි වීමයි.එනම් මා දැනට භාවිතා කරන සෝනි එරිර්ක්සන් (Sony Ericsson PC Suite)මෘදුකාංගය සදහා ලිනක්ස් සැකැස්මක් එම සමාගම ඉදිරිපත් කර නොමැති වීමයි.මම වයින් මෘදුකාංගය (WINE)මත යැපීමට උත්සාහ කලද එයද එරික්සන් සම්බන්ධයෙන් අසාර්ථකයි.

උදව් අවශ්‍ය වනුයේ එක්ස්.පී මතහිද උබන්ටු රිපොසටරියෙන් මේ සදහා මෘදුකාංග ගතහැකි සුදුසු ක්‍රමයක් සකස් කරගැනීමටයි..

නැතහොත් උබන්ටු මත සෝනි එරික්සන් මෘදුකාංගය ධාවනයට විකල්ප ක්‍රමයක් තිබේද?

6 comments:

  1. විකල්පයක් ලිනක්ස් ෆෝරමයක තිබිලා යාලුවෙක් කිව්වා.විස්තරේ කිව්වාට යාලුවාට ස්තුතියි

    ඒකෙ කියන විදිහටනම් බ්ලු ටූත් හරහා සම්බන්ධ කරගන්න පුලුවන් වේයි වගේ.
    ඒ ක්‍රමේට නෙට් ස්පීඩ් අඩු වෙනවා නේද?

    වෙන ක්‍රම තියෙනවාද?

    ReplyDelete
  2. උබුන්ටු සමග සොනි එරික්සන් ජංගම දුරකථනයක් සම්බන්ඳ කිරීමට Sony Ericsson PC Suite අවශ්‍ය නැහැ නේද ? මමත් එක පාරක් කරල බැලුව. (k530i) Drivers ටික auto ගන්නව. ඊට පස්සෙ උබුන්ටු මගින් Connection එක හදන්න තියෙන්නෙ. ඒකෙත් රට මොකක්ද කියප සිලෙක්ට් කරම මොබිටෙල් එහෙම තිබුන එතකොට මොබිටෙල් සිලෙක්ට් කරල connect වෙන්න පුළුවන්. දැන් නම් මගේ උබුන්ටු නැ.. නැත්තම් අපහු පාරක් බලල කියන්න තිබුන :) පොඩ්ඩක් කරල බලන්න කේබල් එක මඟින්ම පුළුවන්. වැඩේ ගොඩ ගියොත් අපිටත් කියන්නකො. :c

    ReplyDelete
  3. good blog, keep it up

    lets answer those who tarnish Buddhism

    බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

    http://lanka1-answers.blogspot.com/

    ReplyDelete
  4. නිකන්ම data cable එක ගහල බලන්න.සමහරවිට unmount කියල error එකක් එයි.එහෙම උනොත් Terminal එකට ගිහින් mount කරල ඉන්න.

    ReplyDelete
  5. meka balanna(mage blog eka ;) ),wammu kiyala tiyewana alternative ekak

    http://nagaadaviya.blogspot.com/2009/03/windows-myphoneexplorer-linux.html

    ReplyDelete
  6. @ Ekenma & සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය >>
    හරි ගිය ගමන් කියන්නම් :e

    @ලංකා වන් ට පිළිතුරු >>
    Thank you for visiting :r

    @ බුද්ධික >>

    බොහොම ස්තුතියි විස්තරේට :b

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය