Saturday, July 31, 2010

පෝරම් කොටේ සැගවු වාසනාවන්තයාගේ කථාව.....




මේ දවස් වල ටිකක් වැඩ වැඩියි..ඒත් අපුරු වැඩක් වුනා ඒ ගැන කියන්නයි මේ යන්නේ.


පහල ගෙදර වහලේ වැඩ වලට ඕන කරන පොල් ලී ටික ලී මඩුවෙන් ගන්නවට වඩා ගහක් කපලා පලවන එක ලාබයි කියලා අයිතිකාර උන්දැ තීරනය කලා කියමූකෝ.ඉතින් පොල් ගස් දෙකක් හොයාගෙන අයිතිකාරයාට සල්ලි එහෙම දීලා උන්දැ ගහ වෙන් කර ගත්තා.


ඉතින් අද ලී මඩුවෙ ලොරියට අර ගස් කපන මැෂිමයි මිනිස්සු තුන් දෙනෙකුත් දාගෙන ඇවිත් මේ මහා විශාල පොල් ගහ කපලා බිමදාලා ඒවා මැෂිමෙන්ම අවශ් ප්රමාණයට කොටස් කරලා එහෙම

පෝරම් කොට ටිකත් ඉතුරු කදන් ටිකත් මේ අය ලොරියට පටවලා ගෙදර ගෙනාවා.


" මේ කොටස් කරපු ලී (පැලුම් කොට ) ඇරුනුකොට ඉතිරි වෙන ලී හදුන්වන්නේ "පෝරම් කොට" විදිහට. කියන්නේ පොල් පරාල ඉරන්න සුදුසු තත්වයේ නැති ලී කදන් විදිහට.මේවා ගන්නෙ හුණු පෝරනු වල දර විදිහට ".


ගෙනල්ලා ලොරිය මිදුලෙ කොනක නවත්තලා එක පැත්තක දොර පාත් කරලා ලී ටික රෝල් කරලා බිමට පෙරලනවා මාත් බලා ගෙන.

ඒ වෙලාව දවල් 2.00 ට විතර ඇති.නිදිමත ගතියක් ආපු නිසා මාත් ගියා ගෙයින් බැහැලා ඒ පැත්තට.

ගෙනත් බාලා තියෙන ලී ගැන ගුණ වර්නණව දැන් ඉතින් ආරම්භ වුනා..

ලී කදන් වල මතු පිට පැහැය,නිය පිතින් තට්ටු කල විට එන හඩ,ආදී නොයෙක් දේවල් මෙතනදී සාකඡ්චවට භාජනය වුනා.

"ආන්න අර කොටේ විතරක් කිසි වැඩකට නෑ දිග බෙනයක්"

ගස් කපන්නා එහෙම කියද්දී මම ඒ කද දිහා බැලුවා.

ඇත්තටම කතාව හරි.අත දාන්න පුලුවන් තරමේ කටක් එක්ක කොටස දිග බෙනයකින් යුතු වුනා


පින්තූරේ තියෙන්නෙ ඒ කොටස, හිතලා කියන්න බලන්න කව්ද හිටියේ කියලා..


මතු සම්බන්ධයි ..

***************************************************************


පොරොන්දුව වෙලාවට ඉටු කරන්න බැරි වෙච්ච එක ගැන බ්ලොගර් යාලුවො ටික සමා වෙන්න
ඕනි.විශේෂයෙන්ම චානක සහ ශෙන්යා යාලුවො දෙන්නා . :-)
විභාගෙ අත ලග තිබ්බ නිසා බ්ලොග් එකේ යූ.ආර්.එල් එකට තහංචි වැටුනාලු නේ ... :-)

ඔන්න පින්තූරේ ඉන්නෙ මම කියපු වාසනාවන්ත යා.මෙයා පිළිහුඩුවෙක්.


බිමට පෙරලපු ගහක් වාහනයක පටවලා අරන් ඇවිත් බිමට පෙරලලා දැම්මත් මේ කූඩුවෙ හිටපු අමුත්තා ජීවත් වෙන්න තරම් වාසනාවන්තයෙක් උනා.දවස් දෙක තුනක් යනකම් මෙයා කෑවෙ බත් ඇට විතරයි.(පොල් කද ඇතුලේ ඉදලා මතුවුන කම්බිලි පණුවන්ටත් මෙයා වග කිව්වා.)

කකුලේ පොඩි කොර ගතියක් වගේ තිබ්බත් පස්සෙ ඒක හරි ගියා.දැන් නම් මෙයා අපෙන් ඈත්
වෙලා ගිහින් ටික දවසක්.
ජීවත් වෙන්න වාසනාව කියන දේ ඕනි වෙන හැටි ...
මට එහෙම හිතුනා ...


15 comments:

  1. ම්ම්ම්ම්....අනේ මන්ද??? :r

    ReplyDelete
  2. @ Hasitha ජයසූරිය >> :a

    ReplyDelete
  3. පොල් කුරුමිණියෙක් ?

    ReplyDelete
  4. :r උදව්වක් දෙන්නම් ඌ කුරුල්ලෙක්.. :c

    ReplyDelete
  5. හප්පට සිරි මාර බක මූණෙක් නෙ .... :q :q :e
    නියමයි :d

    මම කිව්ව කුරුල්ලා කව්ද කියලා කියන්න බැරි වේවි.මොකද මේ කුරුල්ලා බිත්තර දාන්නේ පොල් ගස් බෙනවල වුනාට අපිට නම් ලේසියෙන් මුගේ කූඩුවක් දකින්න ලැබෙන්නෙ නෑ.කතාවෙ ඉතුරු ටික මම ලියන්නම් ලබන ඉරිදට... :h
    එතකම් බලන්න උත්සාහ කරලා... :o
    මේ සතාගෙ නමට බොහෝ සෙයි සමාන නමක් තියෙනවා ඉන්දියාවෙ උත්තර ප්‍රදේශ් වල ගාසියාබාද් දිස්ත්‍රික්කයේ. :r

    ReplyDelete
  6. හ්ම් ඉරිදට අල්ල ගන්නම්කො
    ඉරිදා කියන්නෙ හෙට

    ReplyDelete
  7. ආ පිලිහුඩුවෙක් ද ? :r

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය