Friday, June 18, 2010

ඉගෙන ගන්න නමුත් ඝාතකයෙකු නොවන්න !!!

පාඩම් කර කර ඉන්න වෙලාවෙ.ලග ගෙදරක අදුරන කෙනෙක් ඇවිත් කිව්වා.ගෙදර කම්පියුටර් එක වැඩ කරන්නෙ නෑ.පුලුවන්නම් හදලා දෙන්න කියලා.මේ ගෙදර ඉන්නෙ අර ආපු කෙනයි,එයාගෙ අම්මායි ලේලියි චූටි මිනිපිරියි.එයාගෙ පුතා ඉන්නෙ ඉතාලියෙ.ඉතින් ගෙදර අය බලන්න තියෙන ආසාව නිසා ලීස් ලයින් එකක් අරන් ස්කයිප් දාලා තමයි ගිහින් තියෙන්නෙ.රට ඉන්න පුතා එක්ක කතා කරන එක ඇරෙන්න මේ මිනිස්සු කම්පුයුටර් ගැන කිසිම දෙයක් දන්නේ නෑ..

මාත් ගිහින් බැලුවා.ලංකාවෙ නමක් තියෙන ස්ක්‍රිප්ට් වර්ගයේ වයිරස් එකක්.මේක මැශින් එකේ ලෝකල් සර්විසස් වලට හානි කරලා.ඉතින් අනේ මේ මිනිස්සු හිතලා තියෙන්නෙ ලොකු ගැටලුවක් කියලා.ඉතින් පැය බාගයක් විතර දගලලා හදලා දුන්නා.මේක මම කියන්න හේතු වුනේ මේකයි..

පරිඝනක ලොකෙ ඉන්න අපි ප්‍රොගෑම් ලැන්ග්වේජ් එකක් දෙකක් දැන ගත්තා කියලා ලෝකෙට වැඩක් නෑ අපි ඒකෙන් හරි දේ කරන්නෙ නැත්නම්.ටිකක් හිතන්න අර මිනිස්සුන්ට තමන්ගෙ පුතාට කතා නොකරන තැනට වැඩ සිද්ද උනාම මිනිස්සු දුකට පත් වෙන තරම...

අනික් අතට සතියම නැහිලා නැහිලා වැඩ කරලා ඉඩ ලැබෙන මිනිත්තුවට තමන්ගේ ලමයගේ බිරිදගෙ මූන බලන්න ඉන්න අර මනුස්සයා දුකට පත් වෙන තරම.මේ වෙලාවට ඒ කිසිම කෙනෙක් අර වයිරස් එක ගැන දන්නවා නම් , අනේ බලන්න මේක හදපු ලමයාගේ ලොජිකල් මොලය කියලා කියන්නෙ නෑ.(හෙණ ඉල්ලනවා ඇරෙන්න.)

අවසාන වශයෙන් කියන්නෙ මෙපමනයි.ඔබේ හැකියාව පිලිබදව මිනිසුන් දැන ගත යුත්තෙ ඔබ කරන හානිය මත නොවේ.ඔබ ලොවට කරන සේවය මතය.සේවයක් කලනොහැකි නම් අවම වශයෙන් හානියක් නොකර සිටින්න. අහිංසක මිනිසුන්ගේ කාලය සහ හීන ඝාතනය නොකරන්න.

ප.ලි

මගේ රටේ පුද්ගලයෙකු මේ ලෙස හැසිරීම මා ඉතා පිලිකුල් කරන හෙයින් මෙම සටහන ලියා තබමි.

අනෙකුත් වයිරස ලෝකයට බිහිවන්නේ මදුරුවන් නැති කලට කොයිල් පත්තු කොට වැඩක් නැති නිසා බවද දනිමි.මන්ද යත් මදුරුවා නැති වූ දාක මිනිසුන් මැස්සන් එල වීමට කොයිල් පත්තු නොකරන බැවිනි. නමුදු වයිරස් බිහිවීම එක අතකට හොද වන්නේ ඒහා සටන් කිරීමට දරන උත්සාහයේදී අලුත් සොයා ගැනීම් ලෝකයට බිහිවන නිසාය.එය එසේ නොවුවානම් දෙවන ලෝක යුද සමයේදී ඇමෙරිකාවට යුධ මූලස්ථාන අතර සන්නිවේදන අවශය්‍යතාවය මත ARPANET (Advanced Research Project Agency Network)ජාලය හි බිහි වීමත් දැන් පවතින අන්තර්ජාල තාක්ශනය බිහි නොවීමටත් ඉඩ තිබින. ( යුධ වැදීම නොමනා ක්‍රියාවකි.මා අවධාරනය කරන්නේ අවශ්‍යතාව ඇති වූ හේතුවයි )

නමුත් මෙම තත්වය එසේ නොවන බව මා මෙන්ම ඔබද වටහාගෙන ඇතැයි සිතමි.තමාගේ දැනුම ( බුද්ධිය නොව )යොදා ගෙන මෙවැනි නිවට වැඩ කිරීම ඉතා පිලිකුල් සහගත නොවේද?

පෙන් ඩ්‍රයිව් සම්බන්ධ කල විට දෝශසහගත බව පෙන්වමින් පනිවිඩයක් දිස් වීම මෙම වයිරසයේ ලක්ෂනයකි.බොහෝ විට autorun සැකසුම අක්ක්‍රීය කිරීමෙන් මෙම හානි කිරීම මගහරවා ගත හැකිය.මේ සදහා මා සතු පුංචි උපකරනය ඔබට අවශ්‍යනම් භාවිතා කරන්න.

බාගත කරන්න.

මට හිතෙන හැටියට , හැකිතරම් ඉහලටම අප ඉගෙන ගත යුතුය නමුත් ලබාගත් දැනුම උරගා බැලීමට පසෙක සිටින අයගේ අහිංසක සිත් හා ඔවුනගේ හීන ඝාතනය නොකල යුතුය.

සැ.යු

විදෙශිකයෙකු මෙම ක්‍රියාවකොට ලංකාවෙ නම දැම්මා , ඉබේ වයිරසය ලියැඋනා.. වැනි මොන්ටිසෝරි කතාද මෙවැනි වැඩ හුරේ කිය කියා කරන්නෙක් නොවේනම්ද පමනක් ඔබගේ අදහස් පලකල හැකිය..

12 comments:

  1. Itz 100 % ture macho... ,

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
  3. ඔබේ කතාවට එකඟයි.
    තාක්ෂණය, දැනුම මිනිසාගේ සුභ සිද්ධියට භාවිතා කළයුතු වුණත් ඒක භාවිතා වෙන්නේම මිනිසාගේ විනාසයටයි.

    "ගුණ නැණ දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු" කියලා මුකවෙටිතුමා කිව්වේ මේ නිසා තමා :)

    ReplyDelete
  4. ස්තුතියි මල්ලී. වටිනා අදහසක් සහ පෙනෙන විදිහට වටිනා උපකරණයක්.

    ඒක දාගන්න ගිහින් වෙන වෛරසයක් එයිද දන්නෙත් නැහැ. :D

    ReplyDelete
  5. සිරා!!කතාවට 1000%ක් එකඟයි!!

    ReplyDelete
  6. @ RanDil >>>

    බොහෝ විට .vbs වර්ගයේ වයිරසයකට තනිව ක්‍රියාකාරිත්වය ආරම්භ කල නොහැක.මන්ද යත් එය ලියා ඇත්තේ Event Handling උපයෝගී කොට ගෙනය.එමෙන්ම එය වරක්
    ක්‍රියාත්මක වුවහොත් සාමානය්‍ය ආකාරයට නැවත්වීමද අපහසු වන්නේ එය පද්ධතියේ මූලික ක්‍රියාකාරකමක්(Critical System Process) ලෙස පෙනී සිතීමත් එවැනි වැඩසටහන් එම ඝනයේ ක්‍රියාකාරකම් අත් හිටුවීම(Termination of Executing) මෙහෙයුම් පද්ධතිය ප්‍රතික්ෂේප කිරීමත්ය.

    එමනිසා වයිරසයේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට මෙහෙයුම් පද්ධතියේ Autorun නම් සේවාව සමග එය සම්බන්ධ කල යුතුය.එනම් වයිරස සමගම autorun.inf වර්ගයේ වැඩසටහනක්ද තිබිය යුතුය.මා උත්සාහ කොට ඇත්තේ මෙම Autorun.inf වර්ගයේ වැඩසටහන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම(Automatic Execution) අක්‍රිය (Terminate)කිරීමටය.


    මෙමගින් පද්ධතියට මා දන්නා පමනින් හානියක්(Error in Registary) සිදු නොවනු ඇත.

    ඔබ විසින් ඉහත පැණය අසන්නට ඇත්තේ මෙම විස්තර නොදැන වන්නට යන්න උපකල්පනය කල හෙයින්ද මා මෙන්ම දැනුම සොයන මාගේ අනෙකුත් යහලුවන්ට කියා දෙනු රිසියෙන්ද මෙම සටහන තැබුවෙමි.(කරුණාකර මෙම දැනුම යහපතට භාවිතා කරන්න)

    ReplyDelete
  7. ඒ කතාවට නම් මාත් එකගයි!!

    ReplyDelete
  8. නරකද autorun.inf file එක con folder එකක දාලා protect කලා නම් ; මොකද autorun virus තියන autorun.inf file එක overwrite කරන්න හදනවානේ තියන file එක delete කරලා , ඉතින් autorun.inf file එක con folder එකේ තිබ්බම autorun.inf file එක delete කරන්න con delete කරන්න හදනකොට delete කරන්න බැනේ (මොකද "con" නමින් තියන folder windows වලදි delete කරන්න බැනේ !!).

    ඔයාගේ කරුණ්ත් එක්ක 100% එකඟයි !!

    ReplyDelete
  9. 100% එකගයි

    ReplyDelete
  10. @ අශාන් සහෝ >>>

    ඔයා කියලා තියෙන ක්‍රමය ගැන මට හරියටම වැටහෙන්නේ නෑනේ.

    කරදරයක් නෙවෙයි නම් පුලුවන්ද ආයෙත් විස්තර කරන්න.

    (මම ඔයාගෙ බ්ලොග් එකටත් ගියා.ඒත් ඒක බාගත වෙන්න හෑබෑ කාලයක් යනවානේ.නරකද ස්කිප්ට් එකක් දෙකක් ගැලෙව්වොත් ඕනිම ටික තියෙන්න )

    ReplyDelete
  11. @ නිපුන චාමින්ද : script කෑලි ටිකක් අඩු කලා , ස්තුතියි පෙන්වලා දුන්නට .

    විස්තර කිරිල්ලට මේ සබැඳියා දෙක බැලුවා නම්

    http://www.davidsmeaton.com/index.php/2009/07/autorun-inf-hack-for-usb-thumb-drives/

    http://www.dac.enjin.com/Forum/m/96365/viewthread/22700-prevent-viruses-on-flash-drives

    වැඩේ තේරෙයි .... :D

    ReplyDelete
  12. @ Ashan >>බොහොම ස්තුතියි.උදව්වට.

    :)

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය