Friday, June 11, 2010

මගේ හරි පුදුම ඉස්කෝලය

නිප්පා කාලයක් එක්තරා පරිඝනක පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කලා.ඉතින් ඔය කාලෙදී නිප්පා දැක්ක දෙයක් තමයි පරිඝනක පාසලේ ඉගෙන ගන්න එන බොහෝමයක් පාසල් ලමුන් පෞද්ගලික පාසැල් වල පොහොසත් සිසුන් බව.ඉතින් නිප්පා ට ඕනි උනා එයා දන්න දැනුම ගම්බද දරුවන්ටත් ලබා දෙන්න ක්‍රමයක් .ඉතින් මේකට එයා අවස්ථාවක් බල බල තමයි ඉන්නෙ...


මගේ බ්ලොග් එකට එන ඔය කවුරුහරි මේ විදිහට දුප්පත් ලමයිට පරිඝනක අධ්‍යාපනයට මග පාදන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න.

නිප්පා ගාව මේ දේවල් තියෙනවා.

  • අවශ්‍ය කරන විෂය නිර්දේශ.
  • මූලික වැඩ කටයුතු පටන්ගන්න අවශ්‍ය පරිඝනක කීපයක්.
  • මධ්‍යස්ථානයට සුදුසු ගොඩනැගිල්ලක්.(ආරක්ෂිත)
  • ඉගැන්වීමට අවශ්‍ය සුදුසුකම් ඇති අත්දැකීම් සහිත ගුරුවරයෙක්.(අයි.ටී උපාධිය හදාරන)

මේ සම්බන්ධව උදවු කරන්න කැමති කවුරුමහරි කෙනෙක් ඉන්නවනම්(නැණසලක් උනත් කමක් නෑ.ගන්න ක්‍රමයක් තියෙනවා නම්) මෙන්න මගේ ඊ-ගිණුම nipuna(dot)chaminda (at) gmail.com

2 comments:

  1. මෙම බ්ලොග් අඩවියේ අඩංගු සියළුම ලිපි වල අයිතිය ප්‍රකාශකයා සතුවන අතර උපුටා ගැනීම සපුරා තහනම්

    තහනම් ඇයි ලියන්නේ කියවනවා කියන්නේත් උපුටා ගැනීමක් අනිත් එක අපි යන්නේ open source ලොකේකට

    ReplyDelete
  2. කතාව ඇත්ත.මටත් ඒක දැන් අවශ්‍ය නෑ කියලා හිතෙනවා.ඔන්න අයින් කලා.

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය