Wednesday, June 9, 2010

අන්න ඒක නිසා..


මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න.
මට කැමති හැම දෙයක්ම ගන්න.
ඒ දේවල් කවදාවත් මට තිබුනේ නැති නිසා….
මට කැමති තැනකට යන්න.මම කැමති විදිහට ඉන්න.
අනේ එහෙම ඉන්න කවදාවත් ඉඩ නොලද නිසා …
අතේ තියෙන ගාන බලලා බඩගින්නේ  ඉන්නෙ නැතුව
හිතේ හැටියට දෙයක් කන්න මට ආස නිසා…
එක දවසක් රෑ එලි වෙනතුරු පොත නොබලා නිදාගන්න.
එහෙම දිනක් කවදාවත් මතක නැති නිසා…
වතුරෙ පොගලා පාන් කාලා,තුන් වේලම පිරිමහලා,මේ තරමට දුක් වින්දේ ..
අන්න ඒක නිසා...

3 comments:

  1. හ්ම්ම්..අපි හැමොටම ජීවිතේ කොයි වෙලාවක හරි හිතිලා තියන දෙයක් ඕක.නමුත් යථාර්තය, සල්ලි කාරයෙක් වෙන්නම ඔන නෑ අපිට් ඔන දෙවල් ලබා ගන්න,ඒ වගෙම සල්ලි තිබ්බ පලියට හැම දෙයක්ම ලබා ගන්නත් බෑ.

    ReplyDelete
  2. මල්ලියෙ.,උඹේ හීන කවද හරි හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරණව.

    ReplyDelete
  3. සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි මලේ . . . මේ හැම දුෂ්කර කාරියක් අතරමඟම සතුටෙන්න ඉන්න ඇහැක් නම් . . . ඒක තමයි නියම ධනය . . . අන්න ඌ තමයි නියම සල්ලිකාරයා . . .

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය