විසි හතර පැයෙන්
තුන් තිස් පැයක වැඩ
නිම කරන්න වෙර දරන
අවිවේකී දින චරියාව
තත්පරක නිදහසක
මුල් පද හැරුනු කොට
නුඹට මතකද ඇසූ ගීයේ
තිබූ තාලය.....
~ නිපුන
Sunday, April 28, 2013
Wednesday, March 27, 2013
Tuesday, March 12, 2013
ඩොන්ගල් එක disconnect නොවී තියා ගන්න විදිහක්.
සමහර වෙලාවට ඩොන්ගල් එකෙන් නෙට් යන වෙලාවට , මේල් එහෙම කියවනකොට ඩොන්ගල් එක ඩිස්කනෙක්ට් වෙන එක හරිම ඇණයක් නෙ.මෙහෙම වෙන්නෙ කනෙක්ශන් එක idle උනාම.අපි කරන්නෙ ඒක නවත්තන්න , පොඩි උපායක්.
මේකෙන් වෙන්නෙ එක දිගටම මොකක් හරි වෙබ් සර්වර් එකකට ping request එකක් කරන එක.data usage එක නොගිනිය හැකිතරම්.
ඩොන්ගල් එකේ කනෙක්ශන් එක disconnect වෙන්නෙ නැති නිසා දිගටම පවත්වාගෙන යන්න පුලුවන්.
ඉන්ටර්නෙට් connection එක establish කලාට පස්සෙ කරන්නෙ මෙහෙමයි.
1.press Windows Key + R (To open Run command)
2.Type > ping www.google.lk -t -i 1
3.Hit Enter Key
එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙයි.
ඒක minimize කරලා වැඩ කරගෙන යන්න. Dongle එක ඩිස්කනෙක්ට් කරන වෙලාවට ඒකත් close කරල දාන්න.ආයෙ dongle එක connect කරාම Run Window එකට ගිහින් command එක run කරන්න.
ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.යාලුවෙක් අහපු ප්‍රශ්නයකට උත්තරක් දෙන්න ගිහින් තමා පෝස්ට් එකත් ලියන්න හිතුවෙ. නැවත හමු වෙමු.
නිප්පා.
Thursday, January 17, 2013
කාර්යක්ෂම දර උදුනක් නිවසේදීම හදා ගත්ත හැටි..
දර ලිප් භාවිතා කරන විට තියෙන ප්‍රධාන ගැටලු වෙන්නෙ අවශ්‍ය දර සපයා ගැනීම සහ නිතර පිඹීම කල යුතු වීමත් නෙ.මෙන්න මේ දර ලිප පාවිච්චි කරනකොට නම් ඒ ප්‍රශ්න දෙකටම පිළියමක් යොදා ගන්න පුලුවන්.මෙතනදි වෙන්නෙ ෆෑන් එක මගින් එක සමාන වේගයෙන් සුළං ලිප තුලට ගලා ඒමට සලස්වන එක. ඒක නිසා දර හොදට ඇවිලෙනවා.ගින්දර පිටතට යෑමත් අවම නිසා අඩු ඉන්ධන දහනයකින් වැඩි වැඩ කොටසක් කර ගන්නත් පුලුවන්.
සැළැස්ම
1)12 V ෆෑන් එකක් (175/-) සහ ඇඩැප්ටර් එකක්
2)අගල් 6 ක පමණ එස්ලොන් බට කැබැල්ලක්
3)යකඩ දැල් කෑල්ලක්
4)ඉවත දැමූ ඇලුමිනියම් බදුනක්
ලිප සාදා ගැනීමට ප්‍රමාණවත් මැටි පස්
දහනය සදහා යොදා ගන්නෙ පොල් කටු අගුරු, ( දර කැබලි උනත් යොදා ගන්න පුලුවන්.)
පින්තූර ටික බැලුවාම හදා ගන්න විදිහ හිතා ගන්න පුලුවන් වෙයි.
අවශ්‍ය නම් ආධාරකයක් යොදා ගන්න පුලුවන්.හැබැයි එතකොට ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා
මේ විදිහට තිබ්බාම නම් පොල්කටු දෙකක අගුරු වලින් විනාඩි
10 ක් වගෙ යනකොට වතුර එක රත් කරගන්න පුලුවන් උනා.
දැවී ඉතුරු අළු දැල මත රැදී ඇති ආකාරය.
ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.
නැවත හමුවෙමු
:)
Wednesday, August 1, 2012
නුඹත් හරි පුදුමයි ...
මේ නිසල අහස යට
සිහිනයක් වී වත්
එකම එක වරක්
සිතේ රැදෙන්නට
බැරි නුඹ...
නොකියාම ඇවිත් ලගට
හිත් මානයේ සැහැල්ලුවට
සිනිදු මුදු දෙකොපුලින්
සිනාසී සරදමට
යන්න ගියා ඈතට...
කවදාවත් නොමැකෙන්න
හදවතේ පත්ලේම
පෙම් කවිය කුරුටු ගෑ අපූරුව
සොදුරු ආදරය...
නුඹත් හරි පුදුමයි.
Saturday, July 14, 2012
අපි කිව්වෙ අනාගතය කියලා.,...
බලාපොරොත්තු කියන දේත් හරිම පුදුමාකාරයි.අපි ජීවත් වෙන්නෙ ඒ නිසා.සතුටුවෙන්නෙ ඒ නිසා.ඒවගෙම තමයි දුක් වෙන්නෙත් නැති උන බලාපොරොත්තු නිසා.දෙයක් කරන්න ගියාම අපි සැලසුමක් හදනවා.ඒ සැලසුමේ එක් කෙලවරක අවසානය කියන බලාපොරොත්තුව තියෙනවා...
සමහර දේවල් අලුතින් එකතුවෙනවා බලපොරොත්තු වක් නැතුවම.ඒක හොද දෙයක් නම් අපි ඒකට කියන්නෙ වාසනාව කියල, එහෙම නොවුනොත් අවාසනාව , නැත්නම් නොලැබීම , කරුමෙ , පින නැතිකම, ඔය ඕනි එකක්.වාසනාව තිබ්බොත් අපි හිනා වෙනවා.නැත්නම් දුක් වෙනවා තමන් ගැනම. දුක වැඩි උනාම අපි කල්පනා කරනවා , අඩනවා , තවත් තැනකදී හිංසාකාරී දෙයක් උනත් කරගන්න පෙලෙඹෙනවා.ඒකෙන් තවත් කෙනෙකුල බලපෑමක් වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්.කරන්න ඕනි බලාපොරොත්තු අත්හැරීම නෙමේ නේද?
වාසනාවත් හොයාගෙන යන්න බැහැ නෙ.හැබැයි අධිශ්ඨානය තියෙනවා නම් , කැපවීමෙන් වැඩ කරනව නම් කවදාවත් බලාපොරොත්තුව අපිව දාලා යන්නෙ නම් නැහැ,..
ජීවිතේ අපිට පේන හැමදේම ඒ තරම්ම සරලත් නැහැනෙ....
කියන්න හැදුවෙ මොකද්ද කියලා ඔයත් තේරුම්ගන්න ඇති.බලාපොරොත් තු කියන දේ නම් මටත් නැහැ තමයි,හැබැයි වගකීම ඉවර වෙනකම් මමත් තාම ඉදිරියට ඇවිදගෙන යනවා...
මට හිතෙන හැටියට දෙයක් නැති උනාම අඩලා දුක් වෙලා වැඩක් නැහැ.හැබැයි දෙයක් වෙන්න කලින් ඒ ගැන කලින් හිතලා බලලා තීරන ගන්න එක තමයි හොදම දේ කියලයි මම විශ්වාස කරන්නෙ,..
මොකද දෙයක් උනාට පස්සෙ ඒක අයිති අතීතයට , වෙනස් කරන්න බැරි තැනකට.නමුත් තව මොහොතකින් අතීතයට යන මේ ගෙවෙන තත්පරයට මේ මොහොතට කලින් අපි කිව්වෙ අනාගතය කියලා.,...
Friday, April 13, 2012
Sunday, March 18, 2012
A Masher Mellow
Contemplated how we used to talk
Old days while down street we walk
Ran in rain laughing as were getting soak
And few desparate days we were hated to ask
Enliven hopes forcen in to mind
Even let you be that much of kind
I knew you are free beeing winged
Still feel same but we were happily lived
I'm never beseeched you knew
But was that the mistake I outgrew
From that moment said you have flew
Dissevered souls mashed by a masher mellow
Sunday, March 4, 2012
සෙල්ලමට අයිති නැහැ...
හැම දෙයක්ම ඒ විදිහටම උනේ නැතිවුනත් සමහර දේවල් ඒ විදිහටම වෙනවා.අනාගතේ දිනක එදා ගත්ත තීරණය හරි කියල තේරුම් ගත්තට, ඒ නිසා අහිමි කරගත්ත දේවල් කවමදාවත් ආයෙ ලබා ගන්න බැරි තරම්ම ඇතට ගිහින් තියෙනවා.ලොකු බලාපොරොත්තු නැති නිසාම කිසිම දේකට ආසවක් නැහැ තමයි.ඒ උනත් හිත කියන දේ රවට්ටන්න අමාරුයි හැම වෙලාවෙම.
කෙනෙක් ගෙ සතුට වෙනුවෙන් ජීවිත්යෙන් ඔට්ටු අල්ලන මිනිස්සු තව කොච්චර ඇද්ද කියලත් හිතෙනවා.ඕනිදෙයක් වුනාට කමක් නැහැ කියලා ආත්මාර්ථකාමී තීරණ මිනිස්සු ගන්නෙ ඇයි කියලා තේරුම් යන දවසට හිතේ සතුට මගෙන් ගොඩක් දුරට ගිහින් ඈතට වෙලා බලන් ඉන්නවා.ඒ ආයේ කවදාවත් නො එන්න ම ....
එක පාරක් කරපු වැරද්ද ආයෙ පාරක් කරන්නෙ නෑ කියන්න පුලුවන් වෙන්නෙ තවත් වාරයක් එනවා නම් විතරයි.හැබැයි සමහර අයට සමහර දේවල් නැති වෙන්නෙ සදහටම.ඇස් ඉදිරිපිට තිබ්බත් ආයෙ නොපෙනෙන්න.විදවන ජීවිතය විදින්න හැමෝටම වාසනාව නැහැ නේද කියලා හිතුනා....
ජීවිතය හරියට දාම් ලෑල්ලක් වගෙ.ඉස්සරහට දැම්ම ඉත්ත එහෙට මෙහෙට පනින එක නවතින්නෙ එක්කො සෙල්ලම දින්නාම නැත්නම් කැපුනාම.ඉස්සරහට යනවා ඇරෙන්න වෙන උත්තරයක් නැහැ.
කව්ද කොතැනද වරද කලේ කියන්න පුලුවන් උනත් , දැන් ඒ කිසිම දෙයක් සෙල්ලමට අයිති නැහැ...
Wednesday, November 23, 2011
නේද ?
ඇතැම් විට දේපල ඉඩ කඩම් මිනිසුන් කොච්චර නම් වෙනස් කරනවද ? ඒත් එක මව් කුසින් ඉපදුනු තමන්ගෙ සහෝදරය ඔත්පල වෙලා ලෙඩ ඇදට වැටුනහම බැරිවෙලාවත් බෙදුවොත් ඒ අසරණ මනුස්සයගෙ පංගුව ගන්න බලාගෙන ඒ කෙනා මැරෙණකම් බලා ගෙන කරන්න පුලුවන් තරම් හැම හතුරු කමක් ම කරලා , අර ලෙඩ ඇදට වැටිච්ච මනුස්සයාවයි අසරණ වෙච්ච භාර්යාවටයි ජීවිතෙ අප්පිරිය වෙන තරම හතුරු කම් කරන්න පුලුවන් මිනිස්සුත් මිහි පිට ඉන්නවා. ( අත්දැකීමකි )
එකම අම්මට දාව ඉපදිලා එකට අවුරුදු ගානක් හැදී වැඩිලා අන්තිමට අම්මගෙ මරනින් පස්සෙ උරුම වෙන්න තියෙන දේපල ටික බදාගෙන ඉන්න ඇයි මේ තරම් කෙනෙහිලි කම් කරන්නෙ.?
අපිත් කවදහරි දවසක මැරෙනවා. නේද ?
එකම අම්මට දාව ඉපදිලා එකට අවුරුදු ගානක් හැදී වැඩිලා අන්තිමට අම්මගෙ මරනින් පස්සෙ උරුම වෙන්න තියෙන දේපල ටික බදාගෙන ඉන්න ඇයි මේ තරම් කෙනෙහිලි කම් කරන්නෙ.?
අපිත් කවදහරි දවසක මැරෙනවා. නේද ?
Sunday, October 30, 2011
මේ දවස් වල මොකද වෙන්නෙ...
කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.එක එක ඇබැද්දි ඉතින් උනානෙ.කොහොමින් කොහොම
හරි දැන් නිප්පා මෘදුකාංග ඉන්ජිනේරුවෙක් විදිහට පුහුණුව පටන් ගත්තා.
අලුත් ඔෆිස් එකේ(ලින්ක්) යාලුවො සෙට් එකත්(ලින්ක්) මරු.හරිම ෆිට්.යන්න එන්න වෙලා නෑ.වැඩේ කරන්වනම් අනම් මනන්
කම්ප්ලේන් ඇපෘවල් නෑ.තමන් ගෙ පාඩුවෙ නිදහසේ ඉන්න පුලුවන්.ඔෆිස් එක තියෙන්නෙ මෙන්න මෙතන(ලින්ක්).වෙල් ෆේයා එකෙන් සෙට් එකම ජොනි ඉංග්ලිශ් බලන්නත් අරන් ගියාලු :D
පොඩි කොස්සකට තියෙන්නෙ අපි සීනියර් ලට කතා කරන්නෙත් එයලගෙ මුල් නමෙන් (no sir / miss ).මුලදි නම් ටිකක් විතර අවුල්.ඒත් කම්පැනි වත් පිලිවෙත් වලට පිටුපාන්න බෑනේ.. O.o නිවාඩු ගියත් ගෘප් මේල් එකට මැසෙජ් එකක් දාන්න විතරයි ඕනි.සරලව කිව්වොත් නිදහස උපරිමයි...
ජාවා ඩොට්නෙට් තමා ගොඩක් දුරට අපි යොදා ගන්නේ.ඉදිරියට ඒවා ගැනත් ලියන්නම් කෝ..
අපේ ගොඩාක් මෘදුකාංග(ලින්ක්) හදන්නෙ ස්වීඩන් වලට.ඇන්ඩ්‍රොඩ් මොබයිල් වලටත් මෘදුකාංග ලියනවා.අලුත්ම
තාක්ශණය පාවිච්චි කරන්න අවස්ථාව ගොඩක් වැඩියි.
ශාකුන්තලගෙ බ්ලොග්(ලින්ක්) එකයි , කොටුවෙගෙදරයි(ලින්ක්) කියවන්න ආපු ගමන් තමා පෝස්ට් එක දාන්න හිතුනෙ...
හසිතගෙ බ්ලොග් එක නම් දැන් නැතිද මන්දා...
අශානුත් කොහෙද මන්දා :(
හ්ම්ම් දැන් ලියන්න කම්මැලි වගේ... දැනට ඇති..
මම අලුත් ෆිල්කර් ස්ට්‍රීම් එකක්(ලින්ක්) දැම්මා.ඒකත් බලන්න.
Wednesday, October 19, 2011
අවසානයක් දකින්න ....

ජීවිතේ අපි හිතන දේ එහෙමම වෙන්නෙ නෑ නම් තමයි.ඒත් සමහර දේවල් දිහා බලන කොට හිතෙන්නෙ අපි මේ සංසාරෙ එකම තැන කැරකෙනවද මන්දා කියලයි.ජීවිතය සැපවත් කිරීම හෙවත් ඇස කන නාසය දිව ශරීරය පිනවන්න අවශ්‍ය දේවල් හුවමාරු ක්‍රමේට මාරු කරගන්න අතමැදි වශයෙන් පාවිච්ච් කරන්න ඕනි දේවල් හම්බ කරගන්න අපි දවස ගානේ කොච්චරනම් වෙහෙස වෙනවද?
ඒත් අපි සතුටු වෙන්නෙ නෑ නේද?හැමදාම අලුත් ප්‍රශ්ණ,අලුත් බැදීමක්,අලුත් බලාපොරොත්තු....
ජීවිතේ බැදීම් වලින් මිදෙන්න පුලුවන් වුන දවසක මම මේ හැම දේකටම උත්තර හොයාගෙන යනව...
ඒ චක්‍රයක අවසානයක් දකින්න ....
Monday, January 10, 2011
නුඹට දැනෙනුයේ නැතිද..
කාලය ගත වන විට ආලය සැගව ගිය අයුරු දැක ..
වේදනාව සිරකොට අගුලු දැමුවෙමි සිතට ..
ජීවිතය මොහොතකට සතුට දැනෙන විට ..
නුඹේ ඔය සිනහව නෑසුනේ නෑ හැමවිටක ..
තිර කලත් මගෙ සිතට..
නුඹ යලි නො එන වග..
නොහැගේ නුඹ මාගේ නොවන වග..
සේයා රුව දකින හැම විටක..
නිරතුරුව සිහි නොවන ලෙසින් සැගවා තබන ..
නිම් නොවන සෙනෙහසේ මුදු සුවද ..
මා සිහි කරන විට..
නුඹට දැනෙනුයේ නැතිද..
Tuesday, November 9, 2010
ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( III - කොටස)
අපි කතාකලේ ජාවා කොහොමද මේ අවුල ලෙහලා දෙන්නෙ කියලනේ.හරි මෙහෙමයි.කලින් මම කියපු විදිහට හැම මෙහෙයුම් පද්ධතියකටම එම පද්ධතිය මෙන්ම මෘදුකංගයකටම ඒක නිර්මාණය කරන්න යොදා ගත්ත ක්‍රම ලේඛන භාෂාවක් තියෙනවා.එතකොට මේ ජාවා කියන ක්‍රම ලේඛන භාෂාව ලියලා තියෙන්නෙ සී කියන ක්‍රම ලේඛන භාෂාව යොදාගෙන, ජේම්ස් ගොස්ලින් ඇතුලු පිරිස විසින්.ඔය ඉන්නෙ එයා තමයි.මේ පරිඝනක විද්‍යාඥියා ජාවා හදන්න හේතුවු කරුණු ඒ පසු පස ලියැවුනු රසවත් කතා තිබෙනවා.පාඩමේ ඉදිරියට යද්දී මම හෙමිහීට කියන්නම්.
ඉතින් අපි ආයෙත් කතා කර කර හිටපු තැනට ගියොත්, අපි යම්කිසි මෙහෙයුම් පද්ධතියකට තේරුම් ගත හැකි විදීහට කෝඩ් එකක් ලියලා ඒක මෙහෙයුම් පද්ධතියට විධාන දෙන්න කියලා කිව්වම.මෙහෙයුම් පද්ධතිය මේ කෝඩ් එකෙන් හැදෙන විධාන වලට අනුව වැඩකරන්න ගන්නවානේ.ඒත් ඉතින් මේ කෝඩ් එකම වෙන මෙහෙයුම් පද්ධතියකට (Linux, mac or any....)විධාන දෙන්න පටන් ගත්තොත් අර ග්‍රීක් වගේ තමයි.මොකද කියන දේ මෙහෙයුම් පද්ධතියට අදුර ගන්න බැරි වෙනවා.
මේ ගැටලුව විසදන්න තමයි ජාවා වලදී VIRTUVAL MACHINE කියන සංකල්පය උදව්වෙන්නේ.ඒක ගැන කියන්න කලින් මම කියන්නම් අපි ලියපු කෝඩ් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක.ඒකට අපිට පොඩි සංකල්ප ටිකක් ගැන විස්තරාත්මකව ඉගෙන ගන්න වෙනවා.
01. General Compiler
---------------------------------
මේ කියන්නෙත් එක්තරා විදිහක පරිඝනක මෘදුකාංගක් ම තමයි.
මේකෙන් වෙන්නෙ මෙහෙම දෙයක්...,
අපි ක්‍රම ලේඛන භාෂාවට අදාල වන කේත භාවිත කරලා ලියපු කෝඩ් එක පරිඝනකයේ ප්‍රොසෙසර් එකට තෙරුම් ගන්න පුලුවන් විදිහට ඒයාගෙ ස්වභාෂාව හෙවත් නේටිව් ලැන්ග්වේග්ජ් (Native Language) එකට පත්කරලා දීම තමයි කම්පයිලර් එකකින් වෙන්නෙ.ඒ කිව්වෙ අපි කෝඩ් එක කම්පයිලර් එක ලවා කම්පයිල් කලාම කෝඩ් එක බයිනරි හෙවත් ප්‍රොසෙසර් එක තේරුම් ගන්න අක්ශර සහිත (Binary Based - 0 1 0 1 0 0 ) භාෂාවක් බවට පත් වෙනවා. ජාවා වලදී මෙම කෝඩ් එක සෝස් කෝඩ් එක( .java) හෝ ජාවා ෆයිල් එක ලෙසත් කම්පයිලර් එකෙන් ලබා දෙන අවුට්පුට් එක ක්ලාස් ෆයිල් එක ( .class) ලෙසත් තමයි ව්‍යවහාර වෙන්නෙ.
ඉදිරි පාඩම් වලදී මම වැඩිදුර පැහැදිලි කරන්නම්....,
තාක්ශණික වචන ආශ්‍රයෙන් කිව්වොත් High Level Language වලින් ලියපු කොඩ් එක Low Level Language බව ට පත් කිරීමයි සිදු වෙන්නෙ. එමෙන්ම Low Level Language එකකින් ඇති කෝඩ් එක High Level Language එකක් බවට හැරවීමට De compiler කියන උපාංගයකුත් වෙනම භාවිතා වෙනවා
02. Java Compiler
--------------------------
ලබන සතියට ......
**********************************************************************
මේ දවස් ටිකේ නම් ගොඩාක් වැඩ අධිකයි.කොටින්ම සති අන්තෙත් වැඩ ගමකට තියෙනවා.මම ඉක්මනටම මේ හැදින්වීම් කොටස් ටික කියලා ඉවර කරන්නම් හොදේ ... :-)
මේ සෙනසුරාදා ලිපිය පල කරන්නෙ අපේ ඇඩ්මින් කශ්ටියගෙන් කෙනෙක්.
ඔයාලාට ජාවා ගැන තියෙන ගැටලු කමෙන්ට් වල දන්න. අපි උත්තර දෙන්නම්.කමෙන්ට් නම් මොඩරේට් වේද කියන්න බෑ.ඒ අයත් ගොඩාක් වැඩ එක්කෙනේ මට උදව් වෙන්නේ.
ඉතින් කාලෙ වෙන් කරලා මට දෙන සහයෝගයට අශාන්ට,සසිදුට,හසිතට ගොඩාක් ස්තුතියි. :-)
ඉක්මනටම ඉතුරු ටික ලියන්නම්....
*******************************************************************
උසස් පෙළ අයි.ටී කරන අයට ඕනි වෙන ,Introduction to Programming using Python ගැන සයිට් එකකුත් මට හම්බ උනා මෙන්න ලින්ක් එක. ඒකත් බලන්න. :-)
නිපුන - 11/9/10
Monday, September 20, 2010
Thursday, September 16, 2010
Wednesday, September 8, 2010
Monday, September 6, 2010
බ්ලොගර් වල Image බැනර් එක ඇඩ් කරන්නෙ මෙහෙමයි......
ඔයාලා ප්‍රොග්‍රැමින් එක්ක ජාවා මුල ඉදන්ම ඉගෙන ගන්න ගමන් මේ කතාව යාලුවන්ටත් කියන්න කියලා මම ඉල්ලුවානේ.ඒකට බොහොම හොද ප්‍රතිචාර තියෙනවා.ඉතින් සමහර යාලුවන්ට බැනර් එක Add කරන හැටි හරියට දන්නේ නැහැලු :(.
ඉතින් මෙන්න මම ඒක කියල දෙන්න තමයි මේක කොටන්නෙ :)
මෙන්න මෙහෙමයි කේස් එක.....,
හරි.ඉස්සෙල්ලම ඔයා බ්ලොගර් ලොග් වෙන්න. එතකොට පේන්නෙ මේ විදිහටනෙ .
දැන් එකට Design View යන්න.එතකොට ඔයාලට සයිඩ් බාර් එක ට විජට් එකතු කරන ලින්ක් එක තියෙනවානේ Add a Gadget කියලා .ඒක ක්ලික් කලාම මේ විදිහට විජට් ලැයිස්තුවක් එනවා.
ඒකෙන් Picture කියන එක ඉස්සරහ තියෙන කියන + ලකුණ උඩ ක්ලික් කරන්න .
හරි දැන් එන්නෙ ඉමේජ් එක upload කරන වින්ඩෝ එක.දැන් අර ඉස්සෙල්ල කරගත්තු ඉමේජ් එක තෝරන්න.ඔය වින්ඩෝ එකේ තියෙන Shrink to Fit කියන ටික් එකත් අයින් කරලා තියන්න අමතක කරන්න එපා .
හරි දැන් ලින්ක් එක දෙන්න http://nipunadk.blogspot.com කියලා.දැන් SAVE බට්න් එක Press කරන්න
දැන් හරි :-)
මම බැනර් දෙකක් දාලා ඇති, කැමති බැනර් එකක් ඔයාගෙ ටෙම්ප්ලෙට් එකටත් ගැලපෙන්න පාවිච්චි කරන්න පුලුවන් :-)
එහෙනම්
මේ ජාවා පන්තියේ ප්‍රචාරණ වැඩේට උදව්වෙන ඔක්කොටම ආයෙත් ගොඩාක් ස්තුතියි හොදේ...
ඒ එක්කම ගොඩාක් වැඩ කටයුතු එක්ක අපිට මේ වැඩේට උදව්කරන පොරොන්දු වුන නොදුටු අය වන කණිශ්ක කන්ෆියුස් රවී අකී ජයා ශාකු හසිත , ජෙඩී, රිචඩ් ..........
ඔය ඔක්කොටමත් ගොඩාක් ස්තුතියි .......

Saturday, September 4, 2010
ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( 2 - කොටස)
අපි ගිය සතියෙ කතාකලේ ලියපු කෝඩ් එක කොහොමද අකුරු වෙලා තිරය මැදට එන්නෙ ඊට කලින් මොනවද වෙනවා ඇත්තෙ කියලනේ......
එතකොට මේ පරිඝනකය කොහොමද ඔයා ප්‍රෙස් කරපු යතුරුවලට අදාල අකුර තිරයමත පෙනෙන්න සැලැස්වුයේ????
අද අපි කතාකරන්නේ ඔය ප්‍රොසෙසර් එකයි ඒ එක්කම තියෙන ලෝහ කෑලි ගොඩයි කොහොමද අපි විදුලිය දුන්නම රූප රටා ආදී එකී මෙකී දේවල් තිරය මතට ගෙන එන්නෙ කියලා. ඔක්කොමලා දන්න දෙයක් තමයි කම්පියුටර් (Computer )කියන වචනයට මූලිකවම මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි
ඇතුලත් වෙනවා.ඔය ප්‍රොසෙසර්(processor) කියන කොටස තියෙන්නෙ සිස්ටම් යුනිට් ( System Unit )එක ඇතුලෙනෙ.එතකොට ඔය ප්‍රොසෙසර් එක තමයි කම්පියුටර් එකේ මොළය විදිහට වැඩ කරන්නේ.ඔය මොලය අපිට මූලිකවම කොටස් තුනකට වෙන් කරන්න පුලුවන්.( කරන රාජකාරි මත පදනම්ව)
1.Arithmetic and Logical Unit
2.Control Unit
3.Registers
( වැඩි දුර විස්තර ඉදිරියට )

හැබැයි ඉතින් අපි ටයිප් කරන වචන ඒ විදිහටම මේ යකඩ ගොඩට තේරුම් ගන්න බැහැ හොදේ.එයාලට තේරුම් ගන්න පුලුවන් වෙනමම භාෂාවක් තියෙනවා.ඒකට අපි කියන්නෙ Mashine code කියලා
හරි තව ටිකක් පැහැදිලි කරගමු මේ කතාව.
අපි කම්පියුටර් එකට ටෙක්ස්ට් එකක් කීබෝඩ් එක මගින් ඇතුලත් කරලා තිරය මත ඒක දිස්වෙනවා නේද? ඒ කියන්නෙ කී බෝඩයේ යතුරු ඔබමින් අපි ඩිජිටල් ක්‍රමයට යම් දෙයක් ලබා ගෙන.පරිඝනකයක් ගත්තහම ඒකෙ මෘදුකාංග කොටස් කීපයක් තියෙනවා.මෙයින් ප්‍රධානම කොටස් දෙක තමයි මෙහෙයුම්
පද්ධතිය (Operating Systems) සහ අනෙකුත් ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා(application software) කියන්නෙ
අපි පරිඝණකයේ ඇප්ලිකේශන් වලින් අදින දේවල් පරිඝණකයට එහෙම නැත්නම් යකඩ ගොඩට අදුරගන්න පුලුවන් විදිහට හරවලා දෙන්නෙ අපේ මෙහෙයුම් පද්ධතිය විසින්.මේ මෙහෙයුම් පද්ධතියයි ප්‍රොසෙසර් එකයි අතර හුවමාරු වන සන්නිවේදන ක්‍රමයට අපි කියන්නෙ මැශින් කෝඩ් එක කියලා.මේ භාෂාවට තියෙන්නෙ අකුරු දෙකයි.ඒ කියන්නෙ සංඥා දෙකයි.සංඥා දෙක තමයි එක (1) සහ බින්දුව (0).අපි මේක බයිනරි (BINARY)හෙවත් සංඥා දෙකක් මත පාදක වුන භාෂාවක් ලෙස හදුන්වනවා. ලි
මේ සංඥා දෙක මත පදනම් වෙලා තමයි ප්‍රොසෙසර් එක මෙහෙයුම් පද්ධතිය එක්ක ගණුදෙනු කරන්නේ.ඒ කියන්නෙ අපි ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා එකෙන් කරන දේවල් අදුර ගෙන ඒ අනුව දෘඩාංග කොටස් හසුරවන්න විධාන දෙන්නෙ මෙහෙයුම් පද්ධතිය ඔය කිව්ව සංඥා දෙක ආශ්‍රයෙන්
( වැඩි දුර විස්තර ඉදිරියට )
හිතන්න ඔයා චිත්‍රයක් අදින්න කොරල් ඩ්‍රෝ (CorelDraw or MsPaint....or any application software)
පාවිච්චි කරනවා කියලා.එතකොට කොරල් ඩ්‍රො කියන මෘදුකාංගය මත අදින රූප හැඩතල කොහොමද තිරයේ පේන්නෙ.කව්ද අතරමැද ඉන්නෙ?ඉන්නෙ අපේ මෙහෙයුම් පද්ධතිය.එයා දෘඩාංග වලට විධාන දෙනවා අදාළ විදිහට තිරය මත පාට හැඩතල ගලපන්න.
ඇයි මම මේ ටික ඔයාලට කිව්වෙ.හරි මෙහෙම හිතන්න ඔයාල දන්න ලිපි ලේඛන සැකසුම් හා කාර්යාලීය කරුණුකාරනා ඉටුකරගන්න පාවිච්චිකරන මෘදුකාංගයක් තමයි මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකෙජය මේකෙ මුහුනත බැලූ බැල්මට හරිම විචිත්‍රකයි.ඒ කිව්වෙ හැඩයි.හැබැයි මෙයාව ඔයාලට කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත පමණයි. ඒ කිව්වෙ මෘදුකාංගය කියන කරන දේවල් පහසුවෙන්නම තේරුම් ගන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට විතරයි.ඉතින් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකෙජය ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ (Windows) පරිශීලකයන්ට පමනක් නිසා අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට මෙය ගැටලුවක්.ලි
ඉතින් මේ එක් එක් මෙහෙයුම් පද්ධති වෙනම වෙනම භාෂා එක්ක ලියපු වැඩසටහන් මත පමණක්ම රැදෙන්න ගත්තොත් ගැටලුවක් නේ... ඒ කිව්වෙ ඉතින් එක් එක් පද්ධතියට වෙන වෙනම් මුල ඉදන් එකම වැඩසටහනක් ඔයාලට ලියන්න වෙනවා ඒ මෙහෙයුම් පද්ධතිය දන්න ක්‍රම ලේඛන භාෂාවන් පාවිච්චි කරලා.හරියට ජපන් කෙනෙක්ට ජපන් භාෂාවෙන් කියන දේම ජර්මන් කෙනෙක්ට ජර්මන් භාෂාවෙන් කියල දෙන්න ඕනෙ වගේ.මොකද ජපන් කාරයට ජර්මන් ග්‍රීක් වගේ ජර්මන් කාරයට ජපන් ග්‍රීක් වගෙ..
(ඔය කිව්වට මට ඔය දෙකම ග්‍රීක් වගේ හික්ස් ! ! ! )
මෙන්න මෙතනදී තමයි ජාවා වල විශේෂත්වය මතු වෙන්නේ.නිදහස් මෘදුකාංගයක් වන ජාවා , Virtual Machine කියන විශේෂ උපාංගයක් පාවිච්චි කරලා මේ ගැටලුව විසදලා දෙනවා.
ඒ ගැන විස්තර ලබන සතියේ .... 11 / 09 / 2010
ඔන්න අද අපි Cross Platform & Run Time Environment ගැන තමයි සමාරම්භයක් ලබා ගත්තෙ.
ඔයාලට විස්තර දැන ගන්න පුලුවන් සිංහල ලිපි කීපයක් සිංහල විකීපීඩියාවෙන් මට හමු වුනා. වතැනින් තැන අදාල වචන වලට මම ඒවා ලින්ක් කරලා ඇති
වචන මත Click කරලා ඔයාලත් ඒවා කියවන්න
මීලගට අපි කතා කරන්නේ මේ දේවල්
1. Compilers and Interpriters
2.Java Virtual Machine
3..Installation of JAVA
3.Memory

Subscribe to:
Posts (Atom)