Friday, September 3, 2010

ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? (1 - කොටස)

අයි.ටී කරන සමහර දෙනෙක් programmer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.එතකොට එන මූලික ගැටලු වලින් එකක් තමයි.මොනාද අපි ඉගෙන ගන්න ඕනේ කියන එක.
එක එක අවස්ථා වලදී ඔයාලට විවිධ පරිඝනක ක්‍රමලේඛන පිලිබදව අහලා ඇති.මම කියන්න යන්නේ අනෙකුත් පරිඝනක ක්‍රමලේඛන ක්‍රම තුලින් ජාවා වෙනස් වෙන්නේ ඇයි කියන කාරනය ගැන.
හරි දැන් ඔයාලා මේ වෙනකොට අහලා තියෙන ශිල්ප ක්‍රම මොනවද? අයි.සී.ටී කරන අයනම් වී.බී | ජී.අයි.ටී කරන අයනම් පැස්කල් | උසස් පෙළ අයි.ටී නම් පයිතන් | වගේ ශිල්ප ක්‍රම තව වී.බී ඩොට් නෙට් V.B.net | සී ශාප් ඩොට් නෙට් c#.net  | ඇසෙම්බ්ලි ASSEMBLY | වී.බී.ඒ VBA  | Flash Script  වගේ ක්‍රම ශිල්ප ඔයාල අහල ඇති.
එව්වා මෙව්වා එක්ක ජාවා සංසන්දය කරන්ට නෙමෙයි මම හදන්නේ.මම කියන්නේ ජාවා වල තියෙන විශේෂ දේවල් කීපයක් ගැන.ඒ අතරම ඔය අනික් ක්‍රම ලේඛන ගැන ලියපු සිංහල ලිපිත් තියෙනවනම් කමෙන්ට් වල සබැදිය දානවනම් බොහොම හොදයි

.Programming ලැන්ග්වෙජ් High-level Programming Languages හා Low-level Programming Languages  කියලා කොටස් දෙකකට වෙන් වෙන් කරලා හදුන ගන්න පුලුවන්. Low -level Programming Languages කියලා කියන්නේ සරලවම කිව්වොත්  පරිශීලකයාට එතරම්ම  සමීප කේතන පද නොමැති ක්‍රම ශිල්පයි . ඒ කිව්වෙ ඒවා ගොඩාක් ලගින්ම වැඩකයුතු කරන්නෙ පරිඝණක දෘඩාංග සමගයි (microprocessors so on...).අනික් කොටස තමයි High -level Programming Languages  .ඒ කියන්නෙ පරිශීලකයාට ගොඩාක් සමීපතම හුරුපුරුදු වචන ආශ්‍රයෙන් ක්‍රම ලෙඛනය කරන්න පුලුවන් භාෂා.ඉතින් ඔය ජාවා අයිති වෙන්නෙ  High-level Programming Languages කියන වර්ගයට.  (Level කියන එක සලකන්නෙ සරලවම කිව්වොත් ක්‍රමලේඛන භාෂාව පරිශීලකයාට කෙතරම් සමීපද කියන තැන ඉදලා.)
එතකොට දැන් අපි කෝඩ් එකක් ලියලා ඒක කම්පුටර් එකේ Execute වෙනකොට මොකද වෙන්නේ කියලා බලමු.ඒ කියන්නෙ හිතන්න ඔයා  Programme එකකින් තිරයේ පණිවිඩයක් (Massage) නිර්මාණය වෙන්න කේතයක් (Code)ලියුවා කියලා.දැන් අපි මේක Execute කලාම තිරයේ අකුරු භාවිතයෙන් සටහනක් වෙනවා.හැබැයි ඔයා කෝඩ් ලියන්නෙ අදාල ක්‍රම ශිල්පයෙන්(using appropriate programming language),නමුත් ඒක මෙහෙයුම් පද්ධතිය අදුන ගන්නවා.මේ අතරතුර වෙන(until Codes turn into graphical out-put)  අතරමැද කොටස් ටික මොනාද කියන එක බොහොම වැදගත්.මොකද කේතනය කරන විටත් ඒ වගේම කේත කාර්යක්ෂමව Execute කරවීමටත් මේ වැඩ පිලිවෙල ගැන හොද අවබෝධයක් තිබීම ට අවශ‍යයි .

(ඉතිරිය මීලග කොටසින්)

9 comments:

  1. මෙම ලිපිය වරක් පලවුනු අතර,අත් වැරදීමකින් මැකී ගිය හෙයින් නැවත පළකිරීමට සිදුවිය. සිදුවූ අපහසුතාවයට බලවත් කණගාටුව

    ReplyDelete
  2. මීළග ලිපිය 04/09/2010 වන සෙනසුරදා බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  3. එල...හෙට වෙනකන් ඉන්නේ........

    ReplyDelete
  4. @ dinesh >
    පන්තියට සාදරයෙන් පිලිගන්නවා දිනේශ් වත්. :t
    සෙනසුරාදා හවස 5.00 ට සෙට් වෙන්න ක්ලාස් එකට. :b
    ඉරිදා 7.30 විතර වෙනකම් අපි සෙට් වෙලා ඉන්නවා කමෙන්ට් වලට උත්තර දෙන්න :m

    ReplyDelete
  5. බොහොම හොඳ අදහසක්
    මමත් පුලුවන් උදව්වක් දෙන්නම්

    ඩිල්ශාන්
    SCJP 5.0

    ReplyDelete
  6. @ ඩිල්ශාන් >>

    බොහොම ස්තුතියි සහයෝගයට ඩිල්ශාන්. :t
    ඔක්කොම එකතුවෙලා වැඩේට බහිමු.දන්න දේ එකතුවෙලා කියල දෙමු. :e
    දිගටම එකතුවෙලා ඉන්න. :m
    ඉස්සරහට ගොඩක් අයගෙ සහයෝගය අපිට මේ වැඩෙට ඕනි වෙනවා. :r
    විශේෂයෙන්ම කමෙන්ට් වලට උත්තර දෙන්න ප්‍රවීණ අය ඉන්නම ඕනි.

    ReplyDelete
  7. මමත් පන්තියට ආවා.(පරක්කු වෙලා)
    :c

    ReplyDelete
  8. :r මම කිව්වෙ කව්ද හැබෑටම.????
    නම කිව්වනම්. :m

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය