නිපුන පුතේ නැද්ද පරණ පත්තර එහෙම අරන් තියපුවා..?අසල් වැසි නිවසක කාන්තාවක් අප නිවසට ගොඩවැදෙමින් මගෙන් ඇසූ පැනය එයයි.අපේ දුවට හෙට ඉස්කොලේමොකද්ද වැඩකට එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන විස්තර හොයන් එන්නකීවලු.බලන්ට දැන් කොහෙන්ද මං මේවා හොයලා දෙන්නේ...
අනේ අපෙ ගෙදර පරණ පත්තර නැහැනේ.දෙන්නටම කෑම පාර්සල් ඔතන්න ගන්න පත්තර ඉරනවානෙ.එලෙස පැවසුවේ අම්මාය.වෙනදා මේ අවස්ථාවේ වැඩ පලේ රැදෙන මම එදින
කුමක් හෝ කාර්යයකට නිවසේ රැදී සිටියෙමි....
අන්තර්ජාලය තුලින් මට මේ සදහා ඉතා පහසු විසදුමක් දිය හැකි වුවද ගැටලුවක්ව තිබුනේබොහොමයක් ම ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වී තිබීමයි.එදින මටද අර ඉගෙන ගන්නාදරුවාටද පිහිට වූයේ මා මේ කියන්නට යන කරුණ නොවූයේ ඒ වනවිට එවන් දෙයක්නොපැවතීම හෝ පැවතියද මා ඒ පිලිබදව දැන නොසීටීමයි.
කෙලෙස හෝ ගූගල් ආධාරයෙන් ලිපියක් සොයාගත් මම එය දන්නා සිංහලෙන්පරිවර්තනය කොට ඇයට ලබා දුනිමි.එයින් ඉතා සතුටට පත් වූ ඇය නිවසින් බැහැරව ගියේඅන්තර්ජාලයේ මහිමය ගැන ඉතා පුදුමයට පත් වෙමිනි.ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාටනවීන තාක්ශණ දැනුම නොතිබීමට ඉඩ ඇත. ඇයට ඒ දේ ඉගෙන ගැනීම තවදුරටත් අවැසිනොවිය වුව හැක.නමුත් ඇයගේ දරුවාට වඩා අවුරුදු ගනණක් වයසින් වැඩිමහල් ඔබමාගේ තත්වය එසේ නොවන්නේ දැනටමත් මේ ලිපිය තෙක් ඔබ තාක්ෂණය හරහා පැමින
ඇති නිසාවෙනි.
මැරෙන තුරුම නොනැවතී ඉගෙනීම සිදු කරන අප පරිඝනකය පන ගන්වා අන්තර්ජාලයඔස්සේ වෙබ් පිටු පීරමින් සැරිසරන්නේ නව දැනුම,නොදත් දේ ඉගෙන ගැනීමටය.අප සියලුදෙනාමද එසේය. එම දැනුම ඕනෑ ලෙස ඕනෑ දුරකට සොයා ගැනීමට අපට අවැසි තරම් වූ සම්පත් සේවාවන් අන්තර්ජාල තුලදී අපට සොයා ගත හැකිය.ඒ ගැන තර්කයක් නැත.අවශ්‍ය වන්නේ තිබෙන තැන දැන සිටීම පමනකි.
අන්තර්ජාලයෙන් කරුනු හොයනා මා හට ඉතා ප්‍රිය ජනකම වෙබ් ඇඩවිය වන්නේ විශ්වකෝෂයයි.එනම්
විකීපීඩියාවයි.නමුත් මෙහිදී මා අත්දකින දුශ්කරතා කීපයක් ඇත.
1.ඉංග්‍රීසි හාශා දැනුම ඉතා ඉහල නොවීම.
2.දේශීය කරුනු කාරනා සිරිත් විරිත් පිලිබද ලිපි ඒ තුල අන්තර්ගත නොවීම.
(උදා: නොනගතය,හිසතෙල් ගෑම..)
වැනි කරුනුය.නමුත් දැන් තත්වය එසේ නොවේ.පරිඝනක ලෝකයේ සිංහලෙන් හරඹ කරන අපට අපේම
භාෂාවෙන් ලියැවුනු විෂ්වකෝෂයක් ඇත.එය ඉතා භාග්‍යකි.නමුත් මෙය තවම සංවර්ධන ම්ට්ටමේ පවතී.මට කියන්නට අවශ්‍ය මෙපමණකි.අන්තජාලයෙන් බොහෝ දේ උකහා ගන්නා අප ඒ වෙනුවට යමක් ආපසු දිය යුතු නොවේද?අපට අවස්ථාව උදාව ඇත .අනෙක්අතට මෙය අපගේම වර්තමාන අනාගත පරපුරට දායාදයකි.
මම බිල ගෙවා ලබා ගෙන ඇති අන්තර්ජාල පහසුකම භාවිතා කොට මම කුමක් කලද තොපට පල නැත යන හැගීම ඔබට යම් ප්රමානයකින් හෝ හැගේ නම් , කිසිම අහිතක් නැතමම ලිපිය කියවීම මෙතකින්ම අවසන් කීරීමට ඔබට අවසර ඇත.
===========================================================
වෙබ් අඩවි තාක්ෂණය පිලිබදව කරුනු හොයනා මට වරෙක
ඔන්ලයින් පරිඝනක පාසල කදිම තෝතැන්නකි.වෙනත් පර්යේෂන ලිපි සොයනා මට
විකීපීඩියාවද එසේමය.ටිකකට මතක් කරන්න ගුවන් විදුලියේ ඇසූ "මොනවද මුත්තේ මොකද කරන්නේ ගීතය...."
එදා අපගේ නෑදෑයන් තමන් ගැන පමනක් සිතුවේ නම් , ඔබගේ වයසට වඩා වැඩිමහලු කොස් ගස ඉඩමේ කිසිම දිනක බිහි නොවීමටද ඉඩ තිබුනි.අන්තර්ජාලය බිහිවුනේද ද එසේමය.
ඇමෙරිකානු විද්‍යා පදනම මගින් මූල්‍යය පහසුකකම් සපයමින් 1983 දී ජාලය හරහා එවකට ඇමෙරිකාව තුල එක් එක් විද්‍යාගාර වල වූ විද්‍යාත්මක පර්යේෂණ පිලිබදව දැනුම ඔවුනොවුන් දැනුම බෙදා ගැනීම පටන් අද තෙක් අන්තර්ජාලයේ ඇති කරුනු විස්තීරවගොස් ඇත්තෙ ලෝකයාටද තමන් දත් දෙය කාලයක් මිඩංගු කොට කිව දියයුතුයි යන්න එදා
ඔවුන් මෙන්ම අදටත් අපගේ සමහරක් සිතූ හා සිතන නිසාවෙනි.
මා මේ ලිපිය පලකරමින් බ්ලොග් ලියන ඔබෙන් ඉල්ලන්නේ බ්ලොග් ලිවීම පසෙකලා මේ කාර්යට දායක වන ලෙසේ නම් කිසිසේත්ම නොවේ.මන්ද යත් බ්ලොග් ලිවීමේ හා කියවීමේ ආශ්වාදය ඔබ ලෙසටම මාද හොදින්ම අත්විදිමි.
නමුත් මෙම කාර්යට දායක වන ලෙස ඔබෙන් මා ඉල්ලා සිටින්නද හේතුවක් ඇත.එනම් බ්ලොගය තුල යුනිකෝඩ් හා එඩිටරය හැසිරවීමට අප පලපුරුද්දන් වන බැවිනි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ වටිනා කාලයෙන් දිනකට මිනිත්තු 15 ක් පමනි.එය බොහොමත්ම ප්‍රමානවත්ය.මන්දයත් එය අප සියලු දෙනාගේ මහන්සියෙන් ගුණ වූ කල ඉතාවිශාල ඉලක්කමක් සහිත හෝරා ගනනක් වන බැවිනි.
මෙච්චර මේ ලිපිය කුරුටු ගාන්නේ ඒ වෙලාවෙ ගොස් ඒ වැඩය කරන්නට තිබුනානොවේද?? යැයිද අයෙකුට සිතිය හැක.නුඹ නිවැරදිය,නමුත් මා තව දුරටත් මෙම සටහනලියනුයේ එක් දිය බිදක් බැගින් එක්ව මහා සාගරය බිහි වී ඇති නිසාත් අනෙක් අතට ඒ මහා සාගරය බිහි වී ඇත්තේ කුඩා දිය බිදු එක්වී බව දන්නා නිසාවෙනි.
විසිර සිටිය හොත් අප දිය බිදක් සේම එකට එක් වුවහොත් අප මහා සාගරක් බදු නොවේද??
මෙම සංවර්ධනයෙන් මට ඇති පල කුමක්ද යැයි තවකෙකු හට සිතිය හැක.මූලයම හෝමූර්ත වටිනාකමින් කිසිත් නැත.නමුත් තමන් දත් දෙය ලෝකයේ තවත් අයකුට ප්‍රයෝජනවත් වූ බව දැනෙනා විට ඔබට ඔබ ගැනම ලැබෙන ආත්ම තෘප්තිය මිල කල නොහැකිබව හා වචනයෙන් මේ යැයි විස්තර කරගත නොහෙන බව මා ගුරුවරයෙක් වී සිටියදී අත්විද ඇත...
බ්ලොග් අවකාශයේ සැරිසරන මම නොයෙකුත් බ්ලොග් කියවා බලා ඇත්තෙමි.එ අතුරින්මා දුටු සමහරක් බ්ලොග් පොත් වල සැබැදි මාගේ බ්ලොග් පොතෙද කොනක රදවා තබා ඇත්තෙ,හුදෙක් මටම පමනක් නොව මාගේ අඩවියට පැමිනෙණ ඕනෑම කෙනෙකුට එය ප්‍රයොජනවත් වන බවත් ඇතැම් සත් මිනිසුන් පවසන දේ සදහා මූල්‍යම වටිනාකමක් එක් කලහොත් එය මහා බිංදු ගනනක් සහිත අගයක් වන බව දැන දැනම ඔවුන් හුදෙක් ආත්මතෘප්තිය පතා එම දැනුම නොමිල මිලක් යටදී ලබා දී ඇතිබවද මා දුටු නිසාවෙනි. ..
එමෙන්ම අනුන්ගේ දුක හදුනන අනෙකාගේ දුකේ දී වචනයකින් හෝ සැනසීමට කවර ආකාරයෙන් හෝ උත්සාහ ගන්නා බ්ලොග් මිතුරන්ද මා නොදුටුවා නොවේ.එවන් මිනිසුන් ගොන්නක් මැද ඉපදීමද ජීවත් වීමද වාසනාවකි. ..
මා කියනා දෙය තෙරුම් ගත නොහී කිසිම අයෙක් සිටිය නොහැක...
මට තවදුරටත් කීමට කාරනා අවැසි නැත.මෙපමණක් අවසන් ලෙස කියමි.මේ කාර්ය සදහා සිංහල භාෂාව හැසිරීම හා ඔබගේ කාලය මිඩංගු කිරීමට ඇති නිර්ලෝභී හැගීම පමනක් ප්‍රමානවත්ය.
බොහෝ ඇසූ පිරු තැන් තිබිය යුතුද නැත.
මෙතැනට ගොස් ගිනුමක් තනා ආරම්භ කරන්න
ඔබේ සටහන
කිරිබත් යන වදනින්....
මෙම කාර්යට අපට මහත් උපකාරී කර ගත හැකිව තිබු
EnSi Tipඇඩෝනය
නැවත පර්යේෂණ මට්ටමේ පැවතීම ගැන ඉමහත් කනගාටුවට පත් වෙමි.එය විශ්ව විද්‍යාලයය ලබා දුන් පසු ඔබට පැවසීමටද පොරොන්දු වෙමි.දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින ඇඩෝනයක් වෙතොත් මා හටද දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
(අද දින නිවාඩු දිනයක් බැවින් වැඩි දෙනාගෙ අවධානය ලැබේ යැයි බලාපොරොත්තූවෙන්
මෙය පල කරමි )
නැවත සෝදු පත් නොබැලුවෙමි.වරදක් කියැවී ඇත්නම් මාහට පැවසුව මනාය.දැන් රෑ එලි වී
ඇති වුවද මොහොතක් නිදා ගැනීමට අවැසිය. .
ඇති වීමට ඉඩ ඇති තවත් එක කුඩා පැනයක් නිරාකරණය කරමි.එනම් මාගේ බ්ලොග් පිටුව සින් ඩිරෙක්ටරි තුනකකට අයත් කුලක ජේදනයක් වන බවත් මාගේ ආරාධනය මේ සියලුම දෙනාටත් බවය. ..