Saturday, September 4, 2010

ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( 2 - කොටස)

අපි ගිය සතියෙ කතාකලේ ලියපු කෝඩ් එක කොහොමද අකුරු වෙලා තිරය මැදට එන්නෙ  ඊට කලින් මොනවද වෙනවා ඇත්තෙ කියලනේ......
එතකොට මේ පරිඝනකය කොහොමද ඔයා ප්‍රෙස් කරපු යතුරුවලට අදාල අකුර තිරයමත පෙනෙන්න සැලැස්වුයේ????

අද අපි කතාකරන්නේ ඔය ප්‍රොසෙසර් එකයි ඒ එක්කම තියෙන ලෝහ කෑලි ගොඩයි කොහොමද අපි විදුලිය දුන්නම රූප රටා ආදී එකී මෙකී දේවල් තිරය මතට ගෙන එන්නෙ කියලා. ඔක්කොමලා දන්න දෙයක් තමයි කම්පියුටර් (Computer )කියන වචනයට මූලිකවම මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි
ඇතුලත් වෙනවා.ඔය ප්‍රොසෙසර්(processor) කියන කොටස තියෙන්නෙ සිස්ටම් යුනිට් ( System Unit )එක ඇතුලෙනෙ.එතකොට ඔය ප්‍රොසෙසර් එක තමයි කම්පියුටර් එකේ මොළය විදිහට වැඩ කරන්නේ.ඔය මොලය  අපිට මූලිකවම කොටස් තුනකට වෙන් කරන්න පුලුවන්.( කරන රාජකාරි මත පදනම්ව)

1.Arithmetic and Logical Unit
2.Control Unit
3.Registers
( වැඩි දුර විස්තර ඉදිරියට )

හැබැයි ඉතින් අපි ටයිප් කරන වචන ඒ විදිහටම මේ යකඩ ගොඩට තේරුම් ගන්න බැහැ හොදේ.එයාලට තේරුම් ගන්න  පුලුවන් වෙනමම භාෂාවක් තියෙනවා.ඒකට අපි කියන්නෙ Mashine code කියලා
හරි තව ටිකක් පැහැදිලි කරගමු මේ කතාව.

අපි කම්පියුටර් එකට ටෙක්ස්ට් එකක් කීබෝඩ් එක මගින් ඇතුලත් කරලා තිරය මත ඒක දිස්වෙනවා නේද? ඒ කියන්නෙ කී බෝඩයේ යතුරු ඔබමින් අපි ඩිජිටල් ක්‍රමයට යම් දෙයක් ලබා ගෙන.පරිඝනකයක් ගත්තහම ඒකෙ මෘදුකාංග කොටස් කීපයක් තියෙනවා.මෙයින් ප්‍රධානම කොටස් දෙක තමයි මෙහෙයුම්
පද්ධතිය (Operating Systems) සහ  අනෙකුත් ඇප්ලිකේශන්  සොෆ්ට්වෙයා(application software) කියන්නෙ

අපි පරිඝණකයේ ඇප්ලිකේශන් වලින් අදින දේවල් පරිඝණකයට එහෙම නැත්නම් යකඩ ගොඩට අදුරගන්න පුලුවන් විදිහට හරවලා දෙන්නෙ අපේ මෙහෙයුම් පද්ධතිය විසින්.මේ මෙහෙයුම් පද්ධතියයි ප්‍රොසෙසර් එකයි අතර හුවමාරු වන සන්නිවේදන ක්‍රමයට අපි කියන්නෙ මැශින් කෝඩ් එක කියලා.මේ භාෂාවට තියෙන්නෙ අකුරු දෙකයි.ඒ කියන්නෙ සංඥා දෙකයි.සංඥා දෙක තමයි එක (1) සහ බින්දුව (0).අපි මේක බයිනරි (BINARY)හෙවත් සංඥා  දෙකක් මත පාදක වුන භාෂාවක් ලෙස හදුන්වනවා.  ලි

මේ සංඥා දෙක මත පදනම් වෙලා තමයි ප්‍රොසෙසර් එක මෙහෙයුම් පද්ධතිය එක්ක ගණුදෙනු කරන්නේ.ඒ කියන්නෙ අපි ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා එකෙන් කරන දේවල් අදුර ගෙන ඒ අනුව දෘඩාංග කොටස් හසුරවන්න විධාන දෙන්නෙ මෙහෙයුම් පද්ධතිය ඔය කිව්ව සංඥා දෙක ආශ්‍රයෙන්

( වැඩි දුර විස්තර ඉදිරියට )

හිතන්න ඔයා චිත්‍රයක් අදින්න කොරල් ඩ්‍රෝ (CorelDraw or MsPaint....or any application software)
පාවිච්චි කරනවා කියලා.එතකොට කොරල් ඩ්‍රො කියන මෘදුකාංගය මත අදින රූප හැඩතල කොහොමද තිරයේ පේන්නෙ.කව්ද අතරමැද ඉන්නෙ?ඉන්නෙ අපේ මෙහෙයුම් පද්ධතිය.එයා දෘඩාංග වලට විධාන දෙනවා අදාළ විදිහට තිරය මත පාට හැඩතල ගලපන්න.

ඇයි මම මේ ටික ඔයාලට කිව්වෙ.හරි මෙහෙම හිතන්න ඔයාල දන්න ලිපි ලේඛන සැකසුම් හා කාර්යාලීය කරුණුකාරනා ඉටුකරගන්න පාවිච්චිකරන මෘදුකාංගයක් තමයි මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකෙජය මේකෙ මුහුනත බැලූ බැල්මට හරිම විචිත්‍රකයි.ඒ කිව්වෙ හැඩයි.හැබැයි මෙයාව ඔයාලට කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත පමණයි. ඒ කිව්වෙ මෘදුකාංගය කියන කරන දේවල් පහසුවෙන්නම තේරුම් ගන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට විතරයි.ඉතින් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකෙජය ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුලුවන්  වෙන්නෙ (Windows) පරිශීලකයන්ට පමනක් නිසා අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට මෙය ගැටලුවක්.ලි

ඉතින් මේ එක් එක් මෙහෙයුම් පද්ධති වෙනම වෙනම භාෂා එක්ක ලියපු වැඩසටහන් මත පමණක්ම රැදෙන්න ගත්තොත් ගැටලුවක් නේ... ඒ කිව්වෙ ඉතින් එක් එක් පද්ධතියට වෙන වෙනම් මුල ඉදන් එකම වැඩසටහනක් ඔයාලට ලියන්න වෙනවා ඒ මෙහෙයුම් පද්ධතිය දන්න ක්‍රම ලේඛන භාෂාවන් පාවිච්චි කරලා.හරියට ජපන් කෙනෙක්ට ජපන් භාෂාවෙන් කියන දේම ජර්මන් කෙනෙක්ට ජර්මන් භාෂාවෙන් කියල දෙන්න ඕනෙ වගේ.මොකද ජපන් කාරයට ජර්මන් ග්‍රීක් වගේ ජර්මන් කාරයට ජපන් ග්‍රීක් වගෙ..
(ඔය කිව්වට මට ඔය දෙකම ග්‍රීක් වගේ හික්ස් ! ! ! )


මෙන්න මෙතනදී තමයි ජාවා වල විශේෂත්වය මතු වෙන්නේ.නිදහස් මෘදුකාංගයක්  වන  ජාවා ,  Virtual Machine කියන විශේෂ උපාංගයක් පාවිච්චි කරලා මේ ගැටලුව විසදලා දෙනවා.


ඒ ගැන විස්තර ලබන සතියේ ....
11 /  09 / 2010

ඔන්න අද අපි  Cross Platform & Run Time Environment ගැන තමයි සමාරම්භයක් ලබා ගත්තෙ. 

ඔයාලට විස්තර දැන ගන්න පුලුවන් සිංහල ලිපි කීපයක් සිංහල විකීපීඩියාවෙන් මට හමු වුනා. වතැනින් තැන අදාල වචන වලට මම ඒවා ලින්ක් කරලා ඇති
  වචන මත Click කරලා ඔයාලත්  ඒවා කියවන්න

මීලගට අපි කතා කරන්නේ මේ දේවල්
1. Compilers and Interpriters
2.Java Virtual Machine
3..Installation of JAVA
3.Memory



11 comments:

  1. අපි කිව්ව විදිහටම , ලිපි ලියන්නෙ පරිඝණක ක්‍රම ලේඛණය මුල්ම සරලම තැන ඉදලමයි.එතකොට කොයි කාටත් මේ ලිපි පෙළ අනාගතයේදී වැදගත් වේවි නේද ??? :c

    හැබැයි මටනම් පොඩි ගැටලුවක් තියෙනවා මේ සිංහල පරිවර්තනයේදී,හේතුව සමහර කාරණා සිංහලෙන් හරියටම ලියන කියන එක බොහොම කාලෙ ගත වීමයි. :s
    කමක් නැහැ දැනට ඔහොම යන්කෝ .... :d

    ReplyDelete
  2. නියමයි අයියෙ......ගොඩක් සරලව පැහැදිලි කරල තියෙනව....නියමයි........දිගටම ලියමු

    ReplyDelete
  3. ආ ඔය තියන්නේ හොඳ ඇරඹුමක් .....

    ReplyDelete
  4. නියමයිනෙ අයියා...
    දිගටම ලියන්න

    ReplyDelete
  5. නියමයි දිගටම ලියමු.හැබැයි ජාවා වලට මම ආසම නැහැ,මොකද මම ජාවා ඇනගන ඉන්නේ.

    ReplyDelete
  6. @ පුබුදුවා >

    දිගටම ලිපි ටික කියවන්න ගොඩදාගන්න අපි උදව්වෙන්නම්. :b
    පැටලුනු තැන් හරි පැහැදිලිකරගන්න මොනාහරි තියෙනවානම් හරි කමෙන්ට් කරන්නකෝ. :r
    අපි උදව් කරන්නම් ඔයාටත්. :c
    ඉස්සරහට ගොඩක් අත්දැකීම් තියෙන අය අපි එක්ක එකතු වෙන්නයි ඉන්නෙ. :r
    ඇණගත්ත දේවල් ආයෙ repeat කරන්නවත් බැරියැ :m

    ReplyDelete
  7. @ සසීන්ද්‍ර වීරසිංහ > ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා ජාවා පන්තියට. :o
    ලිපි ටික දිගට ම කියවන්න :b

    ReplyDelete
  8. හරී සහෝ මම දිගටම රැදිලා ඉන්නම්,ඒත් එක්කම මට තව පොඩි උදවුවක් කරනවද?මට PHP ගැන පෝස්ට් යන බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකක් හරි පොඩ්ඩක් කියනවද?

    ReplyDelete
  9. පුබුදු ගොඩක් Lucky වගේ. :d
    මගෙ යාලුවෙක් බ්ලොග් එකක් පටන් ගත්තා.
    හදිසියට මට දාන්න අමතක උනා. :s
    ලින්ක් ලිස්ට් එකේ බලන්නකෝ.
    PHP මුලසිට සරලව කියලා ඇති ... :m

    ReplyDelete
  10. හික් එල එල බෝහෝම ස්තුතියි සහෝ

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය