Monday, August 30, 2010

ක්‍රම ලේඛන ශිල්පය+ ජාවා | සරළවම මුලසිට (පෙරවදන)





අද ඉදලා බ්ලොග් යාලුවන්ට අලුත් ලිපි පෙලක් මම ඉදිරිපත් කරනවා.නිදහස් මෘදුකංග සමග බොහොම වේගයෙන් දියුණුවන ( JAVA Programming Language ) ජාවා ක්‍රම ලේඛන ශිල්පය පිළිබදව මූලිකම පියවරේ ඉදලා කතා බහ කරන්නයි මගේ සූදානම.මේ වැඩේට මට මගේ යාලුවෙකුත්( cooperate business partner :D ) උදව් වෙනවා.කමෙන්ට් කරලා ඔයාල අහන ඕනෙම ප්‍රශ්ණයකට අපි උදව් කරන්නම්.මූල ඉදලම පටන්ගන්න නිසා ටිකක් සංකීර්ණ පාඩම් වලට එන්න ටික කාලයක් යයි.

ඒත් ඉතින් මම හිතන්නේ ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නැහැයි කියලා.පරිඝණක ක්‍රම ලේඛන ශිල්පයට අත් පොත් තබන කෙනෙක්ගෙ මට්ටමේ ඉදලා තමයි පාඩම් ආරම්භ කරන්න හිතන් ඉන්නෙ.ඒ කියන්නෙ ජාවා හරි වෙනත් කිසිම ක්‍රමම ලේඛන භාෂාවක් නොදන්න කෙනෙක්ගෙ දැනුම මට්ටමේ ඉදලා තමයි පටන් ගන්නේ.කියල දෙන දේ ගැන ඔයාලට පැහැදිලිද කියලා මට දැන ගන්නත් එක්ක අදහස් දක්වන්න මතක තියා ගන්න ඕනි.

ඉදිරි පාඩම් වලදී කරුණු පැහැදිලිකිරීමට මම පාවිච්චි කරන ග්‍රන්ථ ගැනත් සටහනක් තියන්නම්.මේ පොත් වල සියලු උපුටා ගැනීම් වල අයිතිය මුල් කතෘ සතුයි.


1.The Java™ Tutorial Fourth Edition: A Short Course on the Basics(By Sharon Zakhour, Scott Hommel, Jacob Royal, Isaac Rabinovitch, Tom Risser, Mark Hoeber )
2.UTF-8''SCJP

3.WSIT JAVATutorial

4.OReilly Head First Servlets and JSP 2nd Edition Mar 2008

5.CoreJavaFundamental-Falden decnov

6.thinking in java-3rd edition

කමෙන්ට් පොඩි ගැටලුවකුත් තියෙනවා ඔයාල දන්නවා ඇතිනේ.ඒකටත් පිළියම් කරලා තමයි තියෙන්නෙ.ඒක ගැන මගේ කණගාටුවත් ප්‍රකාශ කරනවා.එහෙනම් පලවෙනි ජාවා පාඩම මීළගට පල කරනවා.අපි කතා කරන්න යන්නේ පරිඝක භාෂා කොතෙකුත් අතරේ ජාවා ඉගෙන ගන්න එකේ වැදගත්කම ගැනයි.ජාවා ක්‍රමලෙඛනයට ඕනි වන පොඩි කොටස් ටිකක් පරිඝණකයේ ස්ථාපිත කරගන්න හැටිත් මම කියන්නම්.

ක්‍රම ලෙඛන භාෂාව දන්න අය එකතුවෙලා කතාබහ කරන තැනක් බවට බ්ලොග් එක හදන්නයි තමයි මගේ සූදානම.උදව්වට එන්න කැමති අයයි.ලිපි කියවලා ඉගෙන ගන්නයි දිගටම ජාවා පාඩමට එන්න කැමති අයයි කමෙන්ට් කරන්නකෝ. :-)


18 comments:

  1. ayya mama hugak kamathy Java egenaganna
    charith yashoda

    ReplyDelete
  2. වැඩේ එල ..... , ඔහොම යන් ...

    ReplyDelete
  3. @ charith yashoda > :o එහෙනම් bookmark එකක් එහෙම දාගෙන ලෑස්තිවෙලා ඉන්නකො.ඉදිරි පාඩම් වලදි හම්බ වෙමු. :m


    @ Unknown_User > කොහෙද බන් අතුරදහන් වෙලා හිටියෙ? :h
    විභාගෙ කොහොමද? :n / :m
    කෝල් එක්ක් දීපන්.මා ගාව නම්බර් එකත් නෑ. :s
    මූණු පොතෙන් ලියමනක් දාපන් :r

    ReplyDelete
  4. මට පොඩි ගෑටලුවක් තියෙනව.මගෙ ජාවා ප්‍රොග්‍රෑම් එක නොට්පෑඩ් එකෙ ලියල ඩෙස්ක්ටොප් එකෙ "new" කියල ෆොල්ඩර් එකෙකුත් හදල එකෙ save කරල අන්තිමෙ ඩොස් එකෙන් නෙව් කියන ෆොල්ඩර් එක ට යන්න කිවම නෙව් කියන ෆොල්ඩර් එක හොයාගන්න බෑ කියලා එර්‍ර මෑසේජ් එකක් එනවා. මට එකටත් විසදුම කියලා දෙනවද. මම මාර ප්‍රශ්නෙක ඉන්නේ.
    C ලොකෙශන් එක හොයාගන්න බෑ කියලා තමා කියන්නෙ.

    ReplyDelete
  5. @ Anonymous > ඩොස් ප්‍රොම්ප්ට් එකෙ දුන්න කමාන්ඩ් එකයි,ආපු දෝශ සහගත පණිවිඩෙයි මොකද්ද කියන්න.එතකොට මට උදව් කරන්න ලේසියි :c

    ReplyDelete
  6. එල කිරි අයියෙ...නියමයි....ඔහොම යන්

    ReplyDelete
  7. @ Hasitha ජයසූරිය >> එල එල :b

    ReplyDelete
  8. එලමකිරි වැඩේ... දිගටම ලියන්න. අපිටත් නොදන්න දෙයක් දැනගන්න බැරියැ. :d :d


    දෙවෙනි Anonymous

    ඔයාට වෙන්න ඇත්තෙ ඔයා Command prompt එකෙන් New Folder එකට පාත් එක හදන්නෙ නැතිව වෙන්න ඇති Compile කරන්න ඇත්තෙ.

    ReplyDelete
  9. @ සුදු මහත්තයා > :b කට්ටියම එකතුවෙලා කරගෙන යමු හොදද.මේ පැත්තෙ නිතරම ඇවිත් යන්න එන්න. :o :m

    ReplyDelete
  10. හොද වැඩක් පටන් ගෙන තියෙන්නේ ..වෙලාවක් ලැබුන ගමන් අපි මේ ගැන කතා කරමු ..දිගටම ලියන්න ...

    ReplyDelete
  11. @ Confiuzd ප්‍රෝග්‍රැමර් > :b ඔව්,ඔව් බොහොම ඉක්මනටම චැට් එකට සෙට් වෙන්න :d

    ReplyDelete
  12. එළ එළ... මෙන්න අලුත් ශිෂ්‍යයෙක්.. නම ලියාගන්න "ළමයා"..

    සුබපැතුම්... අලුත් වැඩේට..

    ReplyDelete
  13. හ්ම් සුභපැතුම්, දිරිගැන්වීම් මදැයි අර anonymous අහිංසකයට උදව් වෙන්න එපැයි එයාගෙ java source code එක command prompt එකෙන් compile කර ගන්න.

    @ Anonymous >
    මුලින්ම ඔබතුමාගෙන් පොඩි ඉල්ලීමක් තියෙනව කරන්න, ගැටලුවක් ඉදිරිපත් කරද්දි සිරස ප්‍රවෘත්ති (we report you decide) අනුගමනය කරන්න කාරුණික වෙන්න. එහෙම නැතුව ඔයාගෙ interpretation එක දැම්මම කෙනෙකුට සාර්ථක විසඳුමක් දෙන්න අමාරුයි නෙ.

    හරි හිතන්න මම desktop එකෙ තියෙන new කියන folder එක ඇතුලෙ abc.java කියල source file එකක් save කරල තියෙනව කියල.
    මම command prompt එක open කලාම සාමාන්‍යයෙන් prompt එක තියෙන්නෙ මෙ වගේ එකක්නෙ;
    C:\Documents and Settings\Sasindu>
    ඒ කියන්නෙ මම දන් ඉන්නෙ Documents and Settings ඈතුලෙ තියෙන Sasindu කියන folder එක ඇතුලෙ
    මගෙ source file එක තියෙන්නෙ Sasindu ඇතුලෙ තියෙන Desktop ඇතුලෙ new කියන folder එකේනෙ. එහෙනම් මම new ඇතුලට යන්න ඕනෙ compile කරන්න කලින්
    ඒකට මම cd (change directory) command එක use කරනව.
    cd Desktop\new
    දැන් prompt එක මේවගේනෙ;
    C:\Documents and Settings\Sasindu\Desktop\new>
    දැන් මට compile කරන්න පුලුවන්.
    javac abc.java

    (මාර වෙලාවක් ගිය අප්ප මේක type කරන්න, තාම සිංහල typing L board එල්ලගෙන නොවැ...:c :c :c)

    ReplyDelete
  14. @ ළමයා >
    ආයුබෝවන් ළමයා !!! රෙජිස්ටරියට නම දැම්මා ඕං. හැමදාම පන්තියට එන්න ඕනෙ..

    @ Partner > යුවර් ටයිපින්ග් ගෙටින්ග් ඉම්පෘවින්ග් මචං :t

    ReplyDelete
  15. සුපිරි වඩක්. මම මෙක දිගටම බලනව. ලොකු හෙල්ප් එකක් මේක. මට මුලින්ම ජවා ඉන්ස්ටෝල් කරන විදියත් කියල දෙන්න.

    ReplyDelete
  16. @ Blue_Shadow >

    අනිවාර්යෙන්ම ජාවා ඉන්ටොලේශන් එක ගැන සවිස්තරව කියලා දෙන්නම්. :b
    ලිපි මේ වන විට අපි සකසමිනුයි ඉන්නෙ.:o
    JAVAපන්තියට සාදරයෙන් පිළිගන්නවා :t

    ReplyDelete
  17. බොහොම ස්තුතියි සසිදු .මටත් තිබ්බෙ ඔය ගැටලුවමයි.දැන් හරි :)
    ඔයාල කරන දේ ලොකු උපකාරයක් අපිට :)

    ReplyDelete
  18. නියමයි, අපි වගේ අලුතෙන් ඉගෙන ගන්න අයට..

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය