Sunday, August 22, 2010

තොරතුරු තාක්ෂණ උපාධියක් සමග රැකියා වෙළද පලට පිවිසීමට අපේක්ෂා කරන්නේද ???



වර්ථමානයේ වේගයෙන් දියුණවන එක් ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ශණය හදුන්වන්න පුලුවන්.දේශීයව
මෙන්ම විදේශ ගතවද ඉතා ඉහල වැටුප කට හිමිකම් කියන්නට අද තොරතුරු තාක්ශණ උපාධිදාරීන් සමත්ව
සිටිති.දක්ෂමතයෙකුට එය සාමාන්‍යයෙන් ආසන්නව දේශීයව ඇ:ඩො 500/විදේශීයව ඇ:ඩො 1500 ඉක්මවූ අගයක් වීම ඉතා සතුටුදායකය.

තරගකාරී රැකියා වෙළදපල තුල ඔබත් අපේක්ෂා කරනුයේ ඉහල පිලිගැනීමක් නම් සහ පරිඝණකය සමග කාලය ගත කිරීම ඔබට විනෝදජනක කටයුත්තක් නම් තොරතුරු තාක්ශණ උපාධිය ඔබට බෙහෙවින් ගැලෙපෙන බව මාගේ පෞද්ගලික මතයයි.මෙම ලිපියෙන් මා සිදු කිරීමට අපේක්ෂා කරනුයේ සා/පෙළ හෝ උසස් පෙළ සමත් මෙන්ම උසස් පෙළ පෙනී නොසිටින සිසුන් හට කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිරිනමනු ලබන "BIT" උපාධි ගමන් මග දළ වශයෙන් පැහැදිලි කිරීමයි.

උසස් පෙළ අසමත් එමෙන්ම සා/පෙළ සමත් සිසුන්
----------------------------------------------------

(FIT)නොහොත් (Foundation to IT) යනු කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක
අධ්‍යනාංශය මගින්ම මෙහෙයවනු ලබන වැඩසටහනකි.එමගින් උසස් පෙළ අසමත් එමෙන්ම සා/පෙළ සමත්
සිසුන්ට පදනම් පාඨමාලාවක් (FIT)හැදැරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල
උපාධිය ලබා ගැනීමට සුදුසුකම් සලසා දෙනු ලබයි.

උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂා නොකරන සිසුන්
------------------------------------------------------------

සා/පෙළ සමත් එහෙත් උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂා නොකරන්නෙක් නම් ඔබටද කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක අධ්‍යනාංශය මගින්ම මෙහෙයවනු ලබන මගින් ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ශණ පිළිබද පදනම් පාඨමාලාව(FIT) හැදැරීමෙන් පසුව උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගත හැකිය.

මෙම(FIT) පාඨමාලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත වන අතර පරිඝනක උපාධියක් සදහා අවශ්‍ය මූලික පාඩම් වලින් සමන්විත වූවකි.


එමෙන්ම විශ්ව විද්‍යාලය මගින්ම ලබා දෙනු ලබන ඉගෙනුම් කළමණාකාරී පද්ධතිය
(Online Learning Management System) මගින් මේ විශයන් සදහා පූර්ණ සහය ලබා ගත හැක.






උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් නොලැබූවන්
------------------------------------------------------

විශ්ව විද්‍යාලය සදහා සුදුසුකම් නොලැබීමෙන් ඔබ කිසි විටකත් පසුබට විය යුතු නොවේ.මන්දයත් තවමත්
තොරතුරු තාක්ශණ උපාධි මාවතේ ඉදිරියට යාමට ඔබට ඉඩකඩ විවර ව ඇත.එනම් කොළඹ විශ්ව විද්‍යාලයය
මගින් පවත්වන පිලිබද බාහිර උපාධිය හදාරා දීප්තිමත් අනාගතයක් සදහා තොරතුරු තාක්ශණය තුලින් ගමන්
ආරම්භ කිරීමට ඔබට හැකියාව ඇත.මෙම උපාධිය බොහෝ සෙයින්ම අන්තර් විශව විද්‍යාලයීය උපාධි
පාඨමාලාවට සමාන වන අතර උපාධිය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් අවුරුදු 03ක් ගත වේ.

උපාධි වසරක් කොටස් දෙකකට වෙන් කර ඇත.එනම් මුලු උපාධි පාඨමාලාව කොටස් 06 කින් සමන්විත
වේ.පලමු හා දෙවන කොටස් වලට අදාල ඇගයුම් පද්ධතියේ පැවරුම් හා බහුවරණ ප්‍රශ්ණ පත්‍ර මත සිදුවන අතර
3වන කොටසේ සිට එහ ලිඛිත පරීක්ෂණ සහිතව ඉදිරියට ගමන් කරනු ලබයි.
උපාධි අපේක්ෂකයන් සදහා ඉගෙනුම් කළමණාකාරී පද්ධතියක්ද(LMS) කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක අධ්‍යනාංශය මගින් පවත්වා ගෙන යනු ලැබේ.මේ හරහාද සිසුන්ට නොමද සහයක් ලබා ගතහැක .අවැසිනම් පෞද්ගලික ආයතනයක් හරහා තම දේශණ හා පාඩම් සම්පූර්ණකර ගනිමින් සය මසකට වරක් විශ්ව විදය්‍යාලය මගින් පවත්වන විභාග සදහා මුහුණදීම මෙහිදී සිදු කල යුතු වේ.




අනෙකුත් පෞද්ගලික උපාධි පාඨමාලාවන් සමග සසදන කල ඉහල පිලිගැනීමක් සමගම ආර්ථික වශයේ වඩාත් පහසුදායකම උපාධි පාඨමාලාව වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිලිගන්වනු ලබන
තොරතුරු තාක්ශණය පිලිබද බාහිර උපාධිය (BIT-Bachelor of Information Technology)
හැදින් විය හැකිය.


එමෙන්ම ඔබ 2010 උසස් පෙළ පෙනී සිටියෙකු නම් ඔබටද BIT උපාධි අපේක්ෂකයෙකු ලෙස ඉල්ලුම් කලහැකි බවද ඉතා සතුටින් දන්වමි. (Applcitations are accepted on pending results)

15 comments:

  1. නියමයි අයියෙ මේක ගැන ලිව්ව එක..මෙක ගැන තාමත් ගොඩක් අය දන්නෑ :t

    ReplyDelete
  2. BIT අමාරුයිනෙ බං
    :s :s :s :s :s

    ReplyDelete
  3. මට BIT ගැන පොඩි ප්‍රශ්නයක් තියනවා.
    ඔය පාඨමාලවයි මොරටුවෙ වි.වි මගින් මෙහෙයවන BIT පාඨමාලවයි අතර වෙනස මොකක්ද?
    මොරටුවෙ පාඨමාලවෙනන් Multiple entry and exit paths කියල තියනවා,ඒ කියන්නෙ අපට අවශ්‍ය කරන සුදුසුකම් තියනවා නම් දෙවනි අවුරුද්දට,තෙවනි අවුරුද්දට එකපාරම ඇතුල් වෙන්න පුලුවන්,ඒ වගේම පිටවෙන්නත් පුලුවන්,එතකොට ඩිප්ලෝමා හෝ සහතිකපත්‍ර ලැබෙනවා. UCSC එකෙත් මේ තත්වය කෙලෙසද කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
  4. @ Hasitha ජයසූරිය >> :r
    ඔව් නොදැනුවත් කම නිසා කාලය නාස්ති කරගන්න එක ජීවිතේට අපරාදයක්
    :B :m

    @ Anonymous >>
    :r ඔව් ටිකක් විතර.
    හැබැයි ගොඩක් නෙමෙයි.අනික උපාධිය ගත්තාම පිළිගැනීම ගොඩාක් ඉහල වෙන්නත් ඒක බලපානවා.ඉතින් එක අතකට ඒක වාසියක් :d

    @ මද්දු >>
    :r
    කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිලිගන්වනු ලබන තොරතුරු තාක්ශණය පිලිබද බාහිර උපාධිය (BIT) හැදෑරීමේදීත් ,
    එක් එක් වසර සාර්ථකව නිම කිරීමෙන් පිළිවෙලින් පහත පරිදි සහතික හිමි වෙනවා

    Year01- Diploma In Information Technology (UCSC)
    Year02- Higher Diploma In Information Technology (UCSC)
    Year03- BIT-Bachelor of Information Technology (UCSC)

    :d

    ReplyDelete
  5. BIT ටිකක් අමරු තමයි එත් ගොඩ දාගන්න බැරිම නැහැ හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව, තනියම කියවල ඉගෙන ගන්න පුලුවන් අයට හුගක් ලෙසි මොකද පංති වලට ගියා කියල විත‍රක් ගොඩදාගන්න අමරුයි. එකෙ හුගක් හොද සිලබස් එකක් කවර් වෙනව අනිත් එක වියදමත් අඩුයි අනෙකුත් ප‍රිඝනක උපාධි එක්ක බලද්දි , හොද පිලිගැනීමකුත් තියෙනව

    ReplyDelete
  6. :r
    මලිත් කිව්වා හරි :t
    ඔව් පූර්ණකාලීන ඉගෙනුම ලබන්නෙක්ට (Full Time Learner )නම් යම් දුරකට ස්වයං අධ්‍යන කටයුතු(Self Study) හරහා සැලකිය යුතු ප්‍රථිපල ලබා ගන්න පුලුවන්.එමෙන්ම රැකියා කරමින් අධ්‍යන කටයුතු කරනවානම්(Part Time Learner) මෙය ටිකක් අසීරුදායක කටයුත්තක්.පිළිගැනීම බොහොම ඉහල නිසා දැන් මේ BIT of UCSC උපාධිය සදහා නැඹුරුව වැඩියි.

    ReplyDelete
  7. මට ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම දෙවනි අවුරුද්දෙන් තෙවන අවුරුද්දෙන් ඇතුල් වෙන්නත් පුලුවන්ද?

    ReplyDelete
  8. :r
    බොහොම කණගාටුයි.BIT වල එහෙම කරන්න නම් බැහැ මද්දු. :s
    ඔයාට පළමු වෙනි අවුරුදෙ ඉදලම පාඨමාලාව සම්පූර්ණ කරන්න වෙනවා.ඒ වගේම සියලුම විෂයන්ගේ උපරිම පොදු ලකුණු මට්ටම(GPA-Great Point Avarage) 0.5 වඩා ඉහල තියාගන්නත් අවශ්‍යයි.එහෙම උනොත් විතරක් ඊලග වසරට පෙනී සිටින්න පුලුවන්.ඔයා අහපු ව්දිහට එක අවුරුද්දක් මග හැරලා ඊලග අවුද්දට යන්න නම් බැහැ.මොකද එක් එක් වසර වල විෂයන් බොහොම වැදගත් වගේම එකිනෙකට බැදිලා තියෙනවා. :o

    ReplyDelete
  9. බිට් වලට තියෙන අමතර පන්ති තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
  10. අශාන් ඇහුවේ වැදගත කාරණයක්.නවක සිසුන්ටත් පැහැදිලි වෙන්නත් එක්ක මෙහෙම කියන්නම්. ඔබ ඇසූ ලෙස ආයතන නම් කිහිපයක් තියෙනවා.වඩාත් වැදගත් වෙන්නෙ හොදම ආයතනය තෝරා ගැනීමයි.මොකද ඇතැම් ආයත්න වල ඉතා ඉහල මිලක් අය කලත් ඊට සාපෙක්ෂව සිසුන් ගේ සමත් වීම ඉහල මට්ටමක නැහැ.

    අප විසින් සුදුසු ආයතනය තෝරා ගැනීමට සුපරීක්ෂාකාරී විය යුතුයි .නමුත් කනගාටුදායක ලෙස බොහෝ අලුත් සිසුන් මෙහිදී විවිධ අපහසුතාවයන්ට පත් වෙනවා.ඒ අයටත් මග පෙන්වීමක් ලෙස සුදුසු ආයතනයක් තීරණයේදී වැදගත්වන කරුණු කීපයක් සටහන් කරන්නම් .

    1.යාවත්කාලීන වූ විෂය නිර්දේශ

    තොරතුරු තාක්ශණ ලෝකය ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන්නක්.එනිසා අනාගතයේ එහි මූලික ක්‍රියාකාරීන්
    වන්නට සැරසෙන ඔබ එම වෙනස් වීම් පිලිබදව බොහෝ අවධානයෙන් සිටිමින් එම අනාගත අවශ්‍යතා සදහා බොහෝ ඉක්මනින් සූදානම් විය යුතුයි.එවිට ඔබේ රැකියා වෙලද පොල ඔබව පහසුවෙන් තෝරා වෙන් කරගනු ලබනවා.මෙම තත්වය හේතුවෙන් උපාධි විෂය නිර්දේශ කලින් කලට විශ්ව විද්‍යාලය යාවත්කාලීන කරනු ලබනවා.උදාහරණක් ලෙස දැන් පවතිනුයේ එහි 04 වන සංස්කරණයයි.ගුරුවරු විසින් මෙම වෙනස් වීම් ඉතා සූක්ශමව අධ්‍යනය කොට සියලු අලුත්ම කරුණු සිසුන්ට ලබා දිය යුතු වෙනවා.නැතහොත් අදාල විශය කොටස් හෝ සංකල්ප සිසුවා මුල් වරට දකින්නේ ප්‍රශ්ණ පත්‍රය
    හරාහා වීම ,සිදු වන්නට ඉඩ තිබෙනවා.


    2.ගුරු මණ්ඩලයේ පලපුරුද්ද

    ගුරු මණ්ඩලය බොහෝ උගත් වු අය පමණින්ම ආයතනය හොද බව අපට සලකන්නට බැහැ.මන්දයත් එයට ගුරුවරයාගේ ඉගැන්වීමේ ලද පළපුරුද්ද ඉතා වැදගත්.උදාහරණයක් ලෙස වසර කීපයක් විශය නිර්දේශය සමග සිටි ගුරුවරුන් බොහෝ ඉක්මනින් සිසුවා තුල අදාල විෂය කරුණු පැහැදිලිව හා නිරවුල්ව තැන්පත් කිරීමට සමත් වන අතර ඇතැම් බොහෝ ඉහළටම උගත් ගුරුවරුනට එය එලෙසින්ම සිදු කල නොහැකියි.

    3.සිසුන් සදහා ලබා දෙන අමතර සැලකිල්ල,සිසුන්ගේ ගැටළු පිලිබදව අවධානය යොමු කිරීම හා ගුරුවරුන්ගේ සහය ලබා දීමට සැම විටම සූදානම්ව සිටීම.

    පරිඝණක ලෝකය තුල ඔබට යා හැකි ලෙස විහිදී ඇති අතුරු මාවත් ගණන ඉතා විශාලයි.එනම් ඒ හා සමානවම ඔබට පැන නගින ගැටලු සංඛ්‍යාවද ඉහලයි.මෙවන් විටක ඔබේ ආයතනයේ ගුරුවරයා ඔබට නිරන්තරයෙන් මග පෙන් වීමට සූදානම්ව සිටිය යුතුයි.එමෙන්ම පාඩම් කරුණුවලදීත් වෙන් වෙන්ව ඔබගේ ගැටලු හදුනා ගෙන ඔබටම විශේෂිත වූ ආකාරයට එය පැහැදිලි කර දිය හැකිනම් එයත් ඉතා වැදගත්.
    ඔවුන් එය හුදෙක් මුද්‍රිත නිබන්ධනයකට සීමා කිරීමත් පැය දෙකක දේශණ කොටස් කීපයකින් එය විග්‍රහ කිරීමට පමනක් කාලය වෙන් කීරීම සිදු වේ නම් හුදේක් ඛෙදජනකයි.

    4.සිසුවාට දැරිය හැකි පරිදි සාධාරන මිල නියම කිරීම.

    මේ සියලු කාරණා සමගින් අදාල පාඨමාලාව සදහා නියමවී ඇති මිල සිසුවාට දැරිය හැකි වීම බොහෝම
    වැදගත්.ඉතා ඉහල මිලක ලබා දීම ම පාඨමාලාවේ ගුණත්වය ඉතා ඉහල බවනම් කියා පාන්නේ නැති බව
    අවධාරණය කල යුතුයි. එනම් ඇතැම් ආයතන ඉහල මිලක් නියම කරනුයේ ඔවුනගේ සියලු ප්‍රචරණ වියදම් සිසුවා මතට විතැන් කරමින්.එමෙන්ම වෙළදපල මූලිකයා ලෙස පෙනී සිටිමින් තොරාගත්
    ආදායම් මට්ටමක් ඇති සිසුන් අරඹයා ප්‍රචාරණය කොට ඔවුන් තමන් තුලට ඇද ගැනීමට ක්‍රියා කරනවා.ඉහළ මිලක් වුවද ගෙවා ප්‍රමිතියෙන් ඉහල සේවාවක් නොලැබීමෙන් අන්තිමට සිසුන් මුලාවට ලක් වෙනවා.

    ඒනිසා මනා පළපුරුදු සම්පත් කළමනාකාරීත්වයක් යටතේ අනවශ්‍ය සියලුම ආයතනික වියදම් කපා
    හැරීමෙන් අවම පිරිවැයක් යටතේ උපරිම ම ගුණත්වයෙන් සිසුවාට සේවාව ලබා දෙන ආයතනය
    තෝරා ගැනීමෙන් ඔබට නිරපරාදේ වැය කිරීමට සිදු විය මුදලක් ඉතිරිකොට ගනිමින් එය තවත් ආයෝජනයකට යෙදවිය හැකියි.

    දෙමාපියන් ඔබ වෙනුවෙන් වියදම් කරන මුදලින් නැතහොත් ඔබම දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් තව දුරටත් ඉහළට ඉගෙන ගැනීමට අවැසි ඔබට ඉහත කරුණු පිලිබදව අවධානයෙන් බැලීමෙන් ඔබේ අනාගත මාවතට උර දෙන සුදුසුම ගුරු මඩුල්ල සිටින ආයතනයක් තෝරා ගත හැකි වනු ඇත.

    ReplyDelete
  11. විස්තරේ කිව්වට ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete
  12. @ Anonymous >> උදව් කිරීමට ලැබීම පිලිබද සන්තෝෂයි.

    ReplyDelete
  13. අපිට කොළඹ එන්නෙ නැතිව නුවර ඉඳන් මේක ඉගෙන ගන්න පුළුවන් තැනක් ගැන කියන්නකෝ.

    ReplyDelete
  14. නියමයි මචෝ... සුපිරි ලිපියක්... මේව තමා අපිට ඕන.. දිගටම ලියන්න.. සුබපැතුම්

    ReplyDelete
  15. @ ගීත් >> :d :t

    @ Anonymous & ගීත් >>
    :r
    මේ ගැන වැඩිදුර විස්තර ඕනි නම් Facebook එකෙන් මට මැසේජ් එකක් දාන්න . :b
    උදව් කරන්නම් :a
    Find me using- nipunadk(at)gmail(dot)com :d

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය