Thursday, May 13, 2010

අවසරයි මට යන්න ...



සිතුවමක් මවන්නට ...
පද පෙලක් ලියන්නට..
හීනයක් දකින්නට ...
හැකි වේද පිලි ගන්න
මගේ සිත මොහොතකට ...

ඉති සිතින් නුඹ පතන ...
ඒ සිහින ඉටු වෙන්න ...
පතන්නම් මුලු හදින් ...
සදා ඔබ සැනසෙන්න …

විසල් සයුරක කොනක....
හිරුත් කිමිදෙන විටක....
රැදෙන්නට නොහැකි නම්...
මගෙ මතකෙ උණුහුමට...

නිදහසේ පියඹන්න ...
මදහසින් හිනැහෙන්න ...
මානයෙන් නුඹ ඉන්න ...
අවසරයි මට යන්න ...

5 comments:

  1. හිරු කිමිදෙනා විට
    ඈත සයුරේ
    බලා ඉන්නට
    එක්ව නුඹ හා
    එන්නෙමි මම
    මෑත වෙරළට........

    ReplyDelete
  2. ඉඩ දෙන්න බැරි හැඩක් ...
    නවතින්න තව වරක් ...
    ඇයි කලේ නුඹ නිමක් ....
    මගේ සෙනෙහස නැත ඉමක් ...

    ReplyDelete
  3. හරිම ලස්සනයි පද ටික...


    විසල් සයුරක කොනක....
    හිරුත් කිමිදෙන විටක....
    රැදෙන්නට නොහැකි නම්...
    මගෙ මතකෙ උණුහුමට...

    මම වැඩියෙන්ම කැමති මේ පද ටිකට...

    ReplyDelete
  4. @ isimbuwa >>

    ඉන්නට නුඹ හා විසල් තෙරක මග..
    ගන්නට දුක සැප සමව බෙදා ගෙන..
    මා දකිනා ලොව තනි රැක ගන්නට..
    කියන්න යහලුවේ නුඹ ඉන්නේ කොයිබද???

    @ Anonymous >>

    නවතින්න තව වරක්..
    කීව නම් එක වරක්..
    කියූවාද කී වරක්..
    මා මහා සාපයක්..


    @ දිල් >>

    හැඩ කරලා වටකුරුව මේ ලෙසින් ලියුවාට
    නුඹ..
    නුඹ නොහිතා කී දෙයට යලි මෙසේ කියමි
    මම..
    දැනගන්න මිතුරියේ මෙය පද වැලක් නොවන බව..
    නිමා කල ප්‍රේමයක ඉකි ගසන කදුල බව..

    ReplyDelete
  5. ලස්සනයි....

    නිබඳ මතක ඉම නුඹ දිස් වෙනවා
    මගේ සිතත් ඉන් විකසිත වෙනවා
    නමුත් නුඹ දුරයි වග වැටහෙනවා
    නෙතින් කඳුළු කැට දෝරෙගලනවා..

    මම විහඟි..

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය