Thursday, March 11, 2010

වින්ඩෝස් Send to ඔප්ෂන් එකට අපි කැමති ෆෝල්ඩර් එකක් ඇඩ් කරගන්න හැටි

අපි හැම තිස්සෙම කම්පියුටර් එකට කොපි කරගන්න ෆයිල්ස් පොදු ෆෝල්ඩර් එකකට ම නම් දාන්නේ අපිට අදාල ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා Send to කියන ඔප්ෂන් එක භාවිතා කරන්න පුලුවන් නේ.

සාමාන්‍යයෙන් මෙතන තියෙන්නෙ My Documents,Floppy Drive වගේ ඔප්ෂන්.
මම කියලා දෙන්නේ මේ ඔප්ෂන් අතරට තමන් කැමති ෆොල්ඩර් එකක් Add කර ගන්න හැටියි.
කරන්නේ මෙහෙමයි.

උදාහරණයක් විදිහට මට D: drive එකේ Mp3 කියලා තියෙන Folder එකට නිතරම ෆයිල්ස් කොපි කරන්න ඕන වෙනවා කියන්න.

කරන්න තියෙන්නේ,

  1. අදාල Folder එක මත රයිට් ක්ලික් කරන්න
  2. ලැබෙන මෙනුවෙන් Create Short Cut සිලෙක්ට් කරන්න.
  3. ලබාගත් ෂෝට් කට් එක Cut කරගන්න.
  4. Run කමාන්ඩ් එක අරන් තනි වචනයක් විදිහට "sendto"කියලා ටයිප් කරලා Enter කරන්න.( එවිට පහත දැක්වෙන අකාරයේ වින්ඩෝවක් ලැබේවි.)
5.මේ වින්ඩෝ එක ඇතුලට Short Cut එක Paste කරගන්න. වැඩේ හරි !
6.දැන් වින්ඩෝ එක වහලා ෆයිල් එකක් මත Right Click කරලා Send To එක සිලෙක්ට් කර බලන්න.

ඔබට ෆයිල් එක Copyකිරීමට අවශ්‍ය ෆෝල්ඩර් එකත් ඒ තුල තිබේවි.
:)
ගැටලු මතු උනොත් පෝස්ට් එකක් දාන්න.

2 comments:

  1. windows 7 waladi send to folder eka open wenne nehe! access denied kiyala wetenawa!

    ReplyDelete
  2. Windows 7 සදහා

    C:\Users\kalinga\appdata\Roaming\Microsoft\Windows\SendTo

    "kalinga" කියන එක තමන්ගේ username එක.

    මෙය කරන්න Admin ලෙස ලොවලා ඉන්න ඕනේ.

    මේ ෆොල්ඩර් එකට තමන් උවමණා shotcut එක යොදන්න.

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය