Monday, February 8, 2010

උබුන්ටු එක්ක එක්ස්.පී දාන්නෙ කොහොමද?

මේ වැඩේ අනික් පැත්තට කරන හැටි ඒ කිව්වෙ (එක්ස්.පී) උඩ උබුන්ටු දාන හැටි ගොඩක් අය දන්නවනේ.
මම කියන්නෙ ඉස්සෙල්ලා උබුන්ටු දාලා පස්සෙ (එක්ස්.පී) දාගන්න හැටි ගැනයි.

දැන් ඔයාලට ගැටළුවක් ඇති මොකද්ද මේ ක්‍රම දෙකේ වෙනස කියලා.

ඔක්කෝටම කලින් මම මෙතන වෙන දේ සරලව කියල ඉන්නම්.


කම්පියුටර් එක බූට් කරන කොට (පෝස්ට්) කියන අවස්ථාවෙදී බූට් ස්ට්‍රැප් ලෝඩර් කියලා සර්විස් එකක් රන් කරලා තමයි ඕ.එස් එක ඉන්ස්ටෝල් කරලා තියෙන පාර්ටිශන් එක ගැන විස්තර තියෙන (මාස්ටර් බූට් රෙකෝඩ්) එක හොයා ගන්නෙ.


මාස්ටර් බූට් රෙකෝඩ්

මේක කිලෝ බයිට් 512ක් වුන එකක ෆයිල් එකක්.ඩිස්ක් එකක පළවෙනි සෙක්ටර් එකේ තමයි තියෙන්නෙ.ඒ කිව්වෙ ඩිස්ක් එකක පාටිෂන් කරනකොට මේ පලවෙනි සෙක්ටර් එක අත ඇරලා තමයි පාර්ටිශන් කඩන්නෙ.

කම්පියුටර් එකේ තියෙන ඕ.එස් මොනාද?
කොයි පාටිශන් වලද ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ?
ඩුවල් ක්‍රමයට(තනි මැෂිමට එක පාර ඕ.එස් දෙකක් දාලා නම්)තියෙන අවස්ථාවක සිලෙක්ෂන් මෙනු එක
කොයි තරම් වෙලා ඩිස්ප්ලේ වෙන්න ඕනෙද?
ආදී විස්තර තමයි මේකෙ සදහන් වෙලා තියෙන්නෙ. මේක ලියවෙන්නෙ ඕ.එස් එකෙන්


උදාහරණයක්

[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect

මේ තියෙන්නෙ එක්ස්.පී වලදී දකින්නට ලැබෙන මාස්ටර් බූට් රෙකෝඩ් එක.මේකෙ හැටියටනම් ප්‍රයිමරි මාස්ටර් හාඩ් ඩිස්ක් එකේ පළවෙනි පාටිශන් එකෙ තමයි (එක්ස්.පී) කියන ඕස් එක තියෙන බව සදහන් වෙන්නෙ.

බැරි වෙලාවත් ඕ.එස් කීපයක් තියෙනවානම් සිලෙක්ට් කරන්න තත්පර 30ක් දෙන්න කියලත් සදහන් වෙනවා.

අපි එක්ස්.පී දාලා තියෙන වෙලාවක ඊට පස්සෙ උබුන්ටු දැම්මොත් උබුන්ටු වලින් මේ මාස්ටර් බූට් රෙකොඩ් එක අදුරගෙන,ඒක වෙනස් කරලා උබුන්ටු දාලා තියෙන පාර්ටිශන් එකේ විස්තරත් මේකට ඇතුලත් කරනව කිසිම කරදරයක් නැතුව. ඉතින් මේ ක්‍රමේ ඒ තරම්ම ගැටළු සහගත නැහැ.


නමුත් උබුන්ටු දැනටමත් තියෙන කම්පියුටරේට පස්සෙ එක්ස්.පී දැම්මොත් වෙන්නෙ දැනටමත් ලියවිලා තියෙන මාස්ටර් බූට් රෙකෝඩ් එක ඕවර් රයිට් වෙන එක.හේතුව උබුන්ටු වලින් ලියවිලා තියෙන රෙකෝඩ් එක (එක්ස්.පී) වලට අදුර ගන්න බැරි වීමයි.

ඉතින් මේ වෙලාවට එක්ස්.පී කරන්නෙ තියෙන මාස්ටර් බූට් රෙකෝඩ් රෙකෝඩ් එක සම්පූර්නයෙන් ලියනවා උබුන්ටු ගැනවත් ඒ පාටිෂන් එක ගැනවත් කිසිම කතාවක් නෑ.අන්තිමට වෙන්නෙ මැෂින් එක පස්සෙ දාපු (එක්ස්.පී )වලින් බූට් වෙනවා කලින් තිබ්බ උබුන්ටු ඕ.එස් එක පෙන්නන්නෙ වත් නැතුව.

දැන් ඉතින් ගැටළුව පැහදිලියි නේ.දැන් බලමු උබුන්ටු වලට පස්සෙ (එක්ස්.පී) ඩුවල් බූට් ක්‍රමයට දාගන්න හැටි.

මතු සම්බන්ධයි.


8 comments:

  1. Nipuna, Good to see that, at least few people are following the path that we show.

    There is a small problem. The following para has a small typing mistake which makes the meaning of it a total invert.

    අපි එක්ස්.පී දාලා තියෙන වෙලාවක ඊට පස්සෙ උබුන්ටු දැම්මොත් උබුන්ටු වලින් මේ මාස්ටර් බූට් රෙකොඩ් එක අදුරගෙන,ඒක වෙනස් කරලා උබුන්ටු දාලා තියෙන පාර්ටිශන් එකේ විතරත් මේකට ඇතුලත් කරනව කිසිම කරදරයක් නැතුව. ඉතින් මේ ක්‍රමේ ඒ තරම්ම ගැටළු සහගත නැහැ.

    The error is with the word විතරත්
    I Think it should be විස්තරත්

    Best Regards
    Dinesh

    ReplyDelete
  2. Thank you very much sir for the comment.I feel so happy to know that still I haven't lost some most precious relationships..
    Nippa

    ReplyDelete
  3. Yep!,I've visited that site
    www.home-businessreviews.com
    But again this man is saying about some books and video tutorial packages,seem he's also marketing some products..
    Still not sure might be the site owner has post that comment also(who knows - marketing trics) :)
    Any way thank you for your effort.
    Nippa

    ReplyDelete
  4. http://sinhalablog.linkz2u.com/using-virtualbox-in-computer/
    menna mekath balannako :D :o

    ReplyDelete
  5. @ namila007 >> ඔය වෙනුවට මම නම් පාවිච්ච් කලේ Virtual PC . :m
    ස්තුතියි විස්තරේ කිව්වට :o

    ReplyDelete
  6. "අපි එක්ස්.පී දාලා තියෙන වෙලාවක ඊට පස්සෙ උබුන්ටු දැම්මොත් උබුන්ටු වලින් මේ මාස්ටර් බූට් රෙකොඩ් එක අදුරගෙන,ඒක වෙනස් කරලා උබුන්ටු දාලා තියෙන පාර්ටිශන් එකේ විස්තරත් මේකට ඇතුලත් කරනව කිසිම කරදරයක් නැතුව."
    මෙතන්දි grub කියලා අලුතින් record එකක් හෑදිලා xp දාලා තියෙන පාර්ටිශන් එකේ විස්තරත් grub එකට ඇතුලත් වෙන එකද, xp වලින් හදපු record එකේ උබුන්ටු දාලා තියෙන පාර්ටිශන් එකේ විස්තර ලියවෙන් එකද වෙන්නෙ..
    මචන් මාත් මේ අරහෙන් මෙහෙන් දන්නෙ තරහ ගන්න කාරි නෑ මම උබුන්ටු දල පස්සෙ xp දෑම්මෙ හුටා ඉතින් මටත් සිද්ධ උන මෑනුවලි බූට් රෙකොඩ් එක හදන්න .
    දෑන් තියෙන වෑඩෙ මට ආපහු xp රෙපෙයර් කරන්න ඔනි ආයෙත් බූට් රෙකොර්ඩ් එක ඔවෙරයිට් වෙයි. නෑද්ද? ප්‍රතිකර්මයක්..

    ReplyDelete
  7. nice post bro !!

    about : "www.home-businessreviews.com" ; this is a spam ... //

    *comments don't have the captcha code , so any spam bot can put comments in your blog (*also in my blog too :f).

    by the way , I just deleted the spam comment !!

    ReplyDelete
  8. නියම පෝස්ට් එකක් අයියෙ..ඉතූරු කොටසත් ඉක්මනටම දෙන්නකො :e

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය