Saturday, July 14, 2012
අපි කිව්වෙ අනාගතය කියලා.,...
බලාපොරොත්තු කියන දේත් හරිම පුදුමාකාරයි.අපි ජීවත් වෙන්නෙ ඒ නිසා.සතුටුවෙන්නෙ ඒ නිසා.ඒවගෙම තමයි දුක් වෙන්නෙත් නැති උන බලාපොරොත්තු නිසා.දෙයක් කරන්න ගියාම අපි සැලසුමක් හදනවා.ඒ සැලසුමේ එක් කෙලවරක අවසානය කියන බලාපොරොත්තුව තියෙනවා...
සමහර දේවල් අලුතින් එකතුවෙනවා බලපොරොත්තු වක් නැතුවම.ඒක හොද දෙයක් නම් අපි ඒකට කියන්නෙ වාසනාව කියල, එහෙම නොවුනොත් අවාසනාව , නැත්නම් නොලැබීම , කරුමෙ , පින නැතිකම, ඔය ඕනි එකක්.වාසනාව තිබ්බොත් අපි හිනා වෙනවා.නැත්නම් දුක් වෙනවා තමන් ගැනම. දුක වැඩි උනාම අපි කල්පනා කරනවා , අඩනවා , තවත් තැනකදී හිංසාකාරී දෙයක් උනත් කරගන්න පෙලෙඹෙනවා.ඒකෙන් තවත් කෙනෙකුල බලපෑමක් වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්.කරන්න ඕනි බලාපොරොත්තු අත්හැරීම නෙමේ නේද?
වාසනාවත් හොයාගෙන යන්න බැහැ නෙ.හැබැයි අධිශ්ඨානය තියෙනවා නම් , කැපවීමෙන් වැඩ කරනව නම් කවදාවත් බලාපොරොත්තුව අපිව දාලා යන්නෙ නම් නැහැ,..
ජීවිතේ අපිට පේන හැමදේම ඒ තරම්ම සරලත් නැහැනෙ....
කියන්න හැදුවෙ මොකද්ද කියලා ඔයත් තේරුම්ගන්න ඇති.බලාපොරොත් තු කියන දේ නම් මටත් නැහැ තමයි,හැබැයි වගකීම ඉවර වෙනකම් මමත් තාම ඉදිරියට ඇවිදගෙන යනවා...
මට හිතෙන හැටියට දෙයක් නැති උනාම අඩලා දුක් වෙලා වැඩක් නැහැ.හැබැයි දෙයක් වෙන්න කලින් ඒ ගැන කලින් හිතලා බලලා තීරන ගන්න එක තමයි හොදම දේ කියලයි මම විශ්වාස කරන්නෙ,..
මොකද දෙයක් උනාට පස්සෙ ඒක අයිති අතීතයට , වෙනස් කරන්න බැරි තැනකට.නමුත් තව මොහොතකින් අතීතයට යන මේ ගෙවෙන තත්පරයට මේ මොහොතට කලින් අපි කිව්වෙ අනාගතය කියලා.,...
Subscribe to:
Posts (Atom)