සැ:යු-මෙම ක්‍රමය අත් හදා බැලීමට ප්‍රථමයෙන්, එහිදී මතු විය හැකි අපහසුතා මග හරවා ගැනීමට කරුණාකර සම්පුර්න ලිපියම කියවන්න.
- ඩෙස්ක් ටොප් එකේ Right Click කරලා ලැබෙන මෙනුවෙන් New -> Short Cut යන්න සිලෙක්ට් කරගන්න.
- දැන් මේ ලැබෙන Wizard එකේ Type the Location of the item කියන කොටුව ඇතුලේ shutdown.exe -s -f -t 20 -c ''සුබ දවසක් !'' කියලා ටයිප් කරගන්න.
මෙහි,
- -t 20 යනු Short Cut එක Click කල පසු කොපමන වෙලාවකින් එය ක්‍රියාත්මක විය යුතුද යන්නයි(in 20 seconds).එය ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය.මෙය -t 0 ලෙස සැකසූ විට අයිකනය Click කල සැනින් පරිඝනකය Shut Down වේ.
- -c ''සුබ දවසක් !'' යනු පරිඝණකය Shut Down වන තෙක් දිස් විය යුතු පණිවිඩයයි.අවශ්‍යනම් මෙම කොටස ටයිප් නොකල හැකිය.
4.අයිකනය සදහා සුදුසු නමක් යොදා ගන්න. (උදා: Turn off PC)
වැඩේ හරි!
දැන් කරන්න යන්නේ නම් මේ Short Cut එකට Icon එකක් යොදා ගන්න එක.>
- සාදා ගත් Short Cutඑක මත Right Click කොට Properties යන්න තෝරා ගන්න.
- ඔබට ලැබෙන Property Window එකින් Shortcut කියන Tab එක කොට එහි Change Icon යන්න සිලෙක්ට් කරන්න.(මෙහි Target යන කොටස දැන් %windir%\system32\shutdown.exe -s -f -t 20 -c "සුබ දවසක් !"ලෙස වෙනස් වී තිබීම තිබීම සාමාන්‍යයයි. )
මින් ඔබට කැමති අයිකනයක් Selectකොට Ok කරන්න.
වැඩේ හරි!
දැන් තියෙන්නෙ Test කරන එකනේ.
- මෙන්න කරන්න ආරක්ෂක පියවර ටිකක්.
- Target එකේ -t ලගට දාන අගය 300 කරන්න "හදිසියට අවශ්‍ය උනොත් කාලය තියෙනවනේ පස්සේ වෙනස් කරන්න පුලුවන් නේ"
- වරක් අයිකනය Click කල පසු Shutdown.exe විධානය Execute වීම ආරම්භ වෙනවා.ඒ කිව්වෙ Close කරන්න බැහැ එක විදියකින් ඇරෙන්න.
- එනම් පරිඝනකය Turn off වීමට පෙර Run Command එක මත shutdown -a යන්න ටයිප් කොට Enter කිරීමෙන් පමණි.
- Command එක Execute වෙන වෙලාවට පහත Window එක දක්නට හැකිය
පෝස්ට් එක දිග වැඩි වුනා. Images දැම්මාත් එක්ක.ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි.
ඒකටනම් සමාවෙන්න.
ඒකටනම් සමාවෙන්න.
ඒත් කියලා දෙනකොට හරියට ම කියන්නත් ඕනි නේ :)
වැඩේ කරද්දී ගැටලු ආවොත් COMMENT එකක් දාන්න.